728x90 AdSpace

Latest News
Sunday 21 June 2015

ලෝකෙන්ම අංක 1ට කොළඹ ආපු හැටි

ලෝක ප්‍රකට වාර්තා ලැයිස්තුගත කිරීම් සහ සමීක්ෂණ අතරට කිසියම් ස්ථානයක්, පුද්ගලයකු, දෙයක් ඇතුළත් වීම ඉතාම වටිනවා. මන්දයත් එමඟින් එම තොරතුරු බොහෝ පිරිසකට සන්නිවේදනය වන අතර ඒ ඔස්සේ ඊට වඩාත් වැඩි ප්‍රසිද්ධියක් සහ ජනප්‍රියතාවක් ලැබෙනවා. පසුගිය කාලයේදී නිකුත් කළ වාර්තාවකින් අපේ රටේ ප්‍රධානම නගරය වන කොළඹ නගරය ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක නගර 10 (ජ්චඵබඥඵබ ඨපධඹඪදඨ බධභපඪඵබ ජඪබඪඥඵ) අතර පළමු තැනට නම් කළා. මෙය සමස්ත රටටම කීර්තියක් වන අතර ව්‍යාපාරවලට සම්බන්ධ පාර්ශ්වයන්ට අලෙවි කළ හැකි ලාභදායී තොරතුරක්ද වෙනවා.
ඊඩඥ ර්චඵබඥපඛ්චපඤ ධ්දඤඥය ධට ට්තධඡචත ච්ඥඵබඪදචබඪධද ඛ්ඪබඪඥඵ මඟින් කළ මෙම සමීක්ෂණයට පසුගිය වසර හයක දත්ත ලබාගෙන තියෙනවා. මෙම සමීක්ෂණයට නගර 132 සලකා බලා ඇති අතර එහිදී සංචාරකයන්ගේ පැමිණීම සලකා බලා තිබේ. (ර්ණීමඥපදඪඨඩබ මඪඵඪබධප චපපඪමචතඵ චදඤ ජපධඵඵ - ඡධපඤඥප ඵනඥදඤඪදඨ)

පෙර රජය පැවැති සමයේ කොළඹ නගරය පදනම්ව කරගෙන ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් සහ ත්‍රස්තවාදී උවදුරුවලින් තොර නගරයක් ලෙස සාමකාමී වටපිටාවක් පැවැතීම කොළඹ නගරය සංචාරක ආකර්ෂණය දිනාගන්න මූලික හේතුවක් වුණා. විශේෂයෙන්ම කොළඹ නගරය ව්‍යාපාරික නගරයක් ලෙස ස්ථානගතවීමට එහි නිර්මාණය වන පරිසරය ඔස්සේ ගොඩනැඟෙන ප්‍රතිරූපය ඉතා විශාලව බලපානවා. කොළඹ නගරය මූල්‍ය රෙදිපිළි කර්මාන්තය, රක්ෂණය සහ දේපොළ වෙළෙ¼දාම් වැනි ව්‍යාපාර කටයුතුවලට වඩා හිතකර බව ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ වාර්තාවක තවදුරටත් සඳහන් වෙනවා. එසේම රජය 2016දී ලක්ෂ 25ක් පමණ සංචාරකයන්ගේ පැමිණීමක් බලාපොරොත්තු වෙනවා. ඊට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කෙසේ මුහුණ දිය යුතුද යන්න පිළිබඳ විවෘත දැනුවත් කිරීමක් විවිධ මාධ්‍යයෙන් යොදාගෙන ඊට සම්බන්ධ සියලු පාර්ශ්ව වෙත කිරීම ඉතා වැදගත් කාර්යයක් වෙනවා.
මන්දයත් වඩා වැදගත් වන්නේ ගුණාත්මක සංචාරක කර්මාන්තයක් රට තුළ ගොඩනැඟීමේ අවශ්‍යතාවයි. සංචාරක කර්මාන්තයේ පාලනය නොදැනුවත් පුද්ගලයන් අතට පත්වීම සහ වංචාකාර ව්‍යාපාරිකයන් අතට පත්වීම සමස්ත කර්මාන්තයේම විනාශයට හේතුවක් වෙන්න පුළුවන්. තවද මාස්ටර් කාඩ් වාර්තාවට අනුව ලොව වේගයෙන්ම වර්ධනය වන සංචාරක රටවල් 10ය අතර තිබෙන රටවල් 7ක්ම ආසියානු රටවල් වීමත් විශේෂත්වයක්. කොළඹ නගරය සහ ශ්‍රී ලංකාව මේ වනවිට හිමිකරගෙන තිබෙන සංචාරක ආකර්ෂණය තවදුරටත් මනාව පවත්වාගෙන යෑමට නම් දේශපාලන ස්ථාවරත්වය, සාමකාමී පරිසරය මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය වැනි අංග තව තවත් ශක්තිමත් විය යුතු වෙනවා.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ලෝකෙන්ම අංක 1ට කොළඹ ආපු හැටි Rating: 5 Reviewed By: Unknown