728x90 AdSpace

Latest News
Friday 26 June 2015

නෙදර්ලන්තයේ සිට වැදූ මව සොයා ශ්‍රී ලංකාවට ආ ජෝයිස්‌

නෙදර්ලන්තයේ සිට වැදූ මව සොයා ශ්‍රී ලංකාවට ආ ජෝයිස්‌
සටහන හා ජයාරූප - සඳලංකාව ධම්මික රාජපක්‌ෂ

වසර 30 කට පසු වැදූ මව හමුවී.
 

දරුවන් දෙදෙනා කුඩා කල හදා වඩාගත් නෙදර්ලන්ත මවුපියන් සමග
නෙදර්ලන්තයේ වෙසෙන තරුණියක්‌ වසර 30 කට පසු තම උපන් රට වන ශ්‍රී ලංකාවට පැමිණ දින හතකට (07) පසු දංකොටුව සිංග්ගක්‌කුලිය ප්‍රදේශයේදී ඇයගේ සැබෑ මව සොයා ගැනීමට සමත් වූවාය.


දික්‌වෙල ප්‍රදේශයේ පදිංචි ඩී. නිමලාවතී නමැති මව විසින් සඳලංකාව දිසා රෝහලේදී 1985 -04 -03 වැනි දින ඇය නිවුන් දරුවන් ලෙසින් උපත ලබා ඇති බවද සඳහන් වේ.

එවකට මෙම දරු දෙදෙනා හදා වඩා ගැනීමට නිමලාවතීට බලපා ඇති ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මාස දෙකහමාරක පමණ කාලයක්‌ දරුවන්ට ගතවීමෙන් අනතුරුව නෙදර්ලන්තයෙන් මෙරටට පැමිණි ජෝසේයි හා හූබ් යන යුවලට දරුකමට හදා වඩා ගැනීමට භාරදුන් බව ඇය පැවසුවාය.

ජෝසේයි හා හූබ් යන දෙපළගේ දරුවන් ලෙස චන්කල් හා ජොයිස්‌ වෑන් බෙටල් ලෙස හැදී වැඩී අධ්‍යාපනය ලබා ඇති මෙම දියණියන් දෙදෙනාගෙන් චන්කල් එරටදී සිදුවූ රිය අනතුරකින් මියගිය බවත් මේ වන විට තිස්‌ වැනි (30) වියේ පසුවන ජොයිස්‌ එරට ඉංජිනේරුවරියක්‌ ලෙස කටයුතු කරන බවත් ඇය ප්‍රකාශ කර සිටියාය. නෙදර්ලන්තයේ වෙසෙන තමා හදාවඩා ගත් මවුපියන් විසින් ඇගේ කුඩා කලගත් තොරතුරු ඇතුළත් ජායාරූප එකතුවක්‌ ජෝයිස්‌ වෙත ලබාදී, ඔබේ සැබෑ මවුපියන් සිටින්නේ ශ්‍රී ලංකාවේ බව පවසා කැමතිනම් ඔවුන් මුණ ගැසී නැවත නෙදර්ලන්තට පැමිණෙන ලෙස උපදෙස්‌ දුන් බව ඇය කියා සිටියාය.

ජෝයිස්‌ එම ඇල්බමය සමග ලියකියවිලිද රැගෙන තමා උපන් රට වන ශ්‍රී ලංකාවට පැමිණ බස්‌ රථයක නැගී ඇය ඉපදුණු රෝහල වන සඳලංකාව දිසා රෝහල සොයා යන අතරතුරදී එම බස්‌ රථයේදී හමු වූ ටී. එම්. ඒ. ඩී. තෙන්නකෝන් මහතාගේ මඟ පෙන්වීම යටතේ පන්නල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයෙන් සහ සඳලංකාව දිසා රෝහලෙන් තොරතුරු ලබාගෙන සිංග්ගක්‌කුලිය ග්‍රාම නිලධාරි සිරිල් රණසිංහ මහතා හමුවී තොරතුරු ඔහුට ලබාදීමෙන් අනතුරුව ඇයගේ සෑබෑ මව සොයා ගැනීමට හැකි වූ බව තෙන්නකෝන් මහතා පැවසීය. මේ වන විට 59 වියේ පසුවන ඩී. නිමලාතී නමැති මවගේ සහ දියණියගේ හමුවීම වෛද්‍ය ආර්. ඡේ. ජයසේකර මහතාගේ නිවසේදී සිදු වූ අතර එය ඔවුන් දෙපළට මෙන්ම එම නිවස වෙත පැමිණ සිටි ප්‍රදේශවාසීන්ගේ සිතට සතුට මෙන්ම නෙතට කඳුළක්‌ එක්‌කළ සංවේදී අවස්‌ථාවක්‌ බවට පත්විය. ඔවුන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක්‌ ද වෛද්‍ය ජයසේකර මහතාගේ නිවසේදී පැවැත්විය. 
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: නෙදර්ලන්තයේ සිට වැදූ මව සොයා ශ්‍රී ලංකාවට ආ ජෝයිස්‌ Rating: 5 Reviewed By: Unknown