728x90 AdSpace

Latest News
Friday 26 June 2015

ශ්‍රී ලංකා‍වේ ප්‍රෙ‍ෟඪ ඉතිහාසය වි නොගැටුණු ස්ථාන ද ගදහා දක්වන ස්ථාන අතර දෙස් විදෙස් සංචාරක ඇස නිසි ලෙසණනාවක් තිබේ.





 ශ්‍රී ලංකා‍වේ ප්‍රෙ‍ෟඪ ඉතිහාසය වි නොගැටුණු ස්ථාන ද ගදහා දක්වන ස්ථාන අතර දෙස් විදෙස් සංචාරක ඇස නිසි ලෙසණනාවක් තිබේ.
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමිය එවන් ස්ථානයකි.
කුරුණෑගල සිට දඹුල්ල දක්වා දිවෙන මහා මාර්ගයේ ග‍ලේවෙල පසුකොට කිලෝමීටර් පහක් පමණ ගිය විට මෙගලිතික යුගයට අයත් මෙම ඓතිහාසික සුසාන භූමිය දැකගත හැකි වේ. එය පිහිටා ඇත්තේ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 500ක් පමණ දුරිනි.
ක්‍රි.පූ. 6වන සියවසේ විජයාවතරණයත් සමඟ සිංහල ජාතිය ආරම්භ වූ බවට සැලකුණද ප්‍රාග් ඓතිහාසික යුගයේ දී පවා ශිෂ්ට සම්පන්න මිනිසුන් සිරිලක වාසය කර ඇති බවට මෙම සොහොන් බිම නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන බැව් ඉතිහාසඥයන්ගේ මතයයි.
මිනිසෙකු මිය යෑමෙන් පසු ඔහු ආදාහනය කර ලබාගත් අළු, මැටි බඳුන්වල තැන්පත් කිරීමට තරම් දියුණු මිනිස් සමාජයක් පැවැති බැව් මෙයින් හෙළි වේ.
මෙගලිතික යුගය ලෙස මානව විද්‍යාඥයන් විසින් හඳුන්වනු ලබන්නේ මිනිසා යකඩ භාවිතය ආරම්භ කළ යුගයයි.
ඉබ්බ්න්කටුවේ මෙගලිතික සො‍‍‍හොන් බිමට සමාන සොහොන් බිමක් අනුරාධපුර ගෙඩිගේ, පොන්පරිප්පු කන්ද රෝදේ යන ස්ථානවල කරන ලද කැණීම්වලදී හමු වී තිබේ. විජය පැමිණෙන්නට පෙර යක්ෂ, නාග, දේව ආදි කණ්ඩායම් මෙහි සිටි බව ඔප්පු කිරීමට මෙම සොහොන් බිම කදිම සාක්ෂියකැයි ඉතිහාසඥයෝ පවසති.
මෙම ඓතිහාසික සුසාන භූමිය ප්‍රථම වරට හඳුනාගෙන ඇත්තේ 1970 වසරේ දී වන අතර, එහි මූලික පර්යේෂණ කටයුතු සිදුකර ඇත්තේ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ ආචාර්ය රාජාද සිල්වා මහතා විසිනි. සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ මෙම ස්ථානය පර්යේෂණයට ලක් වූයේ 1982 වස‍රේ දීය.
මෙම භූමි භාගය ඓතිහාසික සොහොන් බිමක් බැව් අනාවරණය වීමට පෙර 1970 වසරේ දී එවකට පැවති රජය මඟින් මෙහි පවුල් ගණනාවක් පදිංචි කරවා තිබේ. බොහෝ දෙනෙක් නොදැනුවත්කම නිසා මෙම පිටියේ සොහොන් ගල් නිවෙස්වලට ගෙන ගොස් විවිධ කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත.
දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සොහොන් ගෙවල් සහිත කොටස් වෙන් කර, එහි පදිංචිකරුවන්ගේ බිම් කොටස් පරිහරණය කිරීමට ඉඩකඩ ලබා දී තිබේ.
ඉබ්බන්කටුව සුසාන භුමිය හෙක්ටයාර් 10ක පමණ භූමි භාගයක පැතිර පවත්නා අතර,එදා මෙය 40,000කට අධික, සංඛ්‍යාවක් ‍දිවි ගෙවූ ජනාවාසයක්ව තිබුණු බවත් ඓතිහාසික සාධක මඟින් සනාථ වී තිබේ. ;
මෙම ඓතිහාසික සුසාන භුමිය පිළිබඳ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා “ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය” නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර තිබේ.
“කාමර සහිත සොහොන් ගෙවල් පිළිබඳ ඉතිහාසය ආරම්භ වනුයේ ඉබ්බන්කටුව සොහොන් බිමෙනි. එකම පවුලක හෝ එකම කුලයක කිහිපදෙනකුගේ භෂ්මාවශේෂ එකම සොහොන් ගැබක තැන්පත් කර ඇති ආකාරය ආදර්ශවත්ය. මෙම භෂ්මාවශේෂ තැන්පත් කර ඇත්තේ ඒ සඳහාම විශේෂයෙන් නිපදවා ඇති මැටි භාජන භාවිතා කරමිනි. එක් කාමරයක් ඇති සොහොන් කොත්, කාමර දෙකක් ඇති සො‍හොන් කොත් මෙන්ම කාමර කිහිපයක් ඇති සොහොන් කොත් ද මෙම සුසාන භූමියේ දී දැකගත හැකිය. කාමර කිහිපයක් සහිත සොහොන් කොත් ඉහළ පන්තියේ අයගේ ඒවා විය හැකිය.
යම්කිසි රටක ජනතාවගේ සංස්කෘතික තත්ත්වයන් නිසි පරිදි අවබෝධ කරගත හැක්කේ ඔවුන්ගේ සුසානයන් තුළින් යැයි පැවැසීම සාධාරණය.
එවක සමාජයේ තත්ත්වය මැනවින් අවබෝධ කරගත හැක්කේ ද ඒ සමාජයේ මිනිසුන් මිහිදන් කළ ස්ථාන හා ඒ වටාපිටාව මඟිනි. සංස්කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ ඉතා පුළුල් සමීක්ෂණ, ගවේෂණ හා පර්යේෂණවලට භාජනය වූ ඉබ්බන්කටුව සුසාන භුමියෙන් හෙළිවන විසිතුරු ඉතිහාසය වාල්මිකී සඳහන් කර ඇති සිංහල සමාජයට සමානය.
මෙම සොහොන් බිමේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ බඳුන්වල සටහන් කර තිබූ අක්ෂර කියවා බැලූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ මේ අක්ෂර ඉන්දියාවේ මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරයෙන් සොයාගත් මැටි පුරුවරුවල අක්ෂරවලට සමීප බවත් දක්නට ඇති බවයි.
කුරුණෑගල - දඹුල්ල මහා මාර්ග‍ය ඔස්සේ දිනකට දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනක් උතුරු හා නැඟෙනහිර පළාත්වලට ගමන් කළ ද, මාර්ගය ආසන්නයේම පිහිටි මෙම ඓතිහාසික සුසාන භුමිය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් නොවීම කනගාටුවට කරුණකි.
මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ මෙම ස්ථානය සම්බන්ධයෙන් ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබාදීම සඳහා වගකිව යුතු අංශ මඟින් කිසිදු පියවරක් ගෙන නොතිබීමයි.
මෙම ඓතිහාසික ස්ථානය පිළිබඳ විස්තර ඇතුළත් පුවරුවක් මහා මාර්ගය අසළ ප්‍රදර්ශනය කරන්නේ නම් බොහෝ දෙනා මෙම භූමිය නැරඹීම කෙරෙහි උනන්දුවක් දක්වනු ඇත.
මේ සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ සංස්කෘතික ත්‍රිකෝණ නිලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතුය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ශ්‍රී ලංකා‍වේ ප්‍රෙ‍ෟඪ ඉතිහාසය වි නොගැටුණු ස්ථාන ද ගදහා දක්වන ස්ථාන අතර දෙස් විදෙස් සංචාරක ඇස නිසි ලෙසණනාවක් තිබේ. Rating: 5 Reviewed By: Unknown