728x90 AdSpace

Latest News
Saturday 27 June 2015

අඳුරු වන ගුහාවක සැඟවුණු තඹ‍ෙදාළ ඇල්ලේ රහස්


අඳුරු වන ගුහාවක සැඟවුණු තඹ‍ෙදාළ ඇල්ලේ රහස්

මීට සියවසකට පෙර ලෝකයේ සුපිරිසුදුම මිනිරන් සොයාගෙන පැමිණි 'බෘඩන්බර්ග්' නම් ජර්මානු සමාගම මීගහතැන්න, රත්මලේ ගම්මානයේ 'ඕවිටක' මහා පරිමාණයේ මිනිරන් පතලක් ආරම්භ කළේ කාබන් ප්‍රතිශතය 99%ක්ම පිරිසුදු මිනිරන් එයින් ඔවුන්ට ලබා ගන්න පුළුවන් වුණ නිසා. පොළොව මට්ටමේ සිට අඩි 500ක් පමණ ගැඹුරට විහිදුණු දෝනා පද්ධතියකින් යුත් මේ පතල සේවකයන් 350ක් පමණ සේවය කරපු විශාල සුප්‍රසිද්ධ මිනිරන් පතලක්. නමුත් පළමු ලෝක යුද්ධය ආරම්භ වීම නිසා ජර්මානු සමාගම්වලට උදාවුණේ නරක කලදසාවක්. මේ නිසාම 1918දී මේ පතලත් සදාකාලිකවම වැහිලා ගියා.

මේ සුවිශාල පතලෙන් විසුරුණු මිනිරන් නිසා ඒ කාලෙ මේ ඕවිට රිදී පැහැයෙන් දිස්වෙලා තියෙනවා. මේ නිසා ගමේ උදවිය මේ ඕවිට හඳුන්වලා තියෙන්නේ 'රිදී ඕවිට' විදියට. පසුකාලීනව භාවිතයේ පහසුවට රිදී ඕවිට 'රිදීවිට' වෙලා තියෙනවා. මේ පතල ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා තිබුණත් අද එහෙම එකක් තිබුණු බවට සලකුණක්වත් හොයාගන්න අමාරුයි. ගමේ වැඩිහිටියන් කිහිප දෙනෙක් ඇරුණුකොට තරුණ අයත් මෙහෙම පතලක් තිබුණු බවවත් දන්නෙ නෑ. අද මේ මුළු ප්‍රදේශයම ගන වනාන්තරයකින් වැසිලා ගිහින්. මුළු වටපිටාවම සුන්දර කරන සොඳුරු පරිසර පද්ධතියක් නිර්මාණය වෙලා.
පෙර මිනිරන්වලට ප්‍රසිද්ධ මේ රිදීවිට අද ආයෙත් ලෝකය පුරාම ප්‍රසිද්ධ වෙලා. ඒ මිනිරන් නිසා නම් නෙවෙයි, දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද බැඳ ගත් 'රිදීවිට ඇල්ල' නමින් ප්‍රසිද්ධ වෙලා තියෙන 'තඹ‍ෙදාළ' ඇල්ල නිසා. තනි ඇල්ලක් ලෙස ප්‍රසිද්ධ වුණත් මෙතැන දිය ඇලි දෙකක් ඒ හා පිහිටි ස්වාභාවික ජල තටාක දෙකක් හා සුන්දර පයිනස් කැලයකින් සමන්විත සුන්දර පරිසර පද්ධතියක්.

කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොල්ගම්පල රත්මලේ පිහිටි මේ සුන්දර ස්ථානය වෙත පැමිණෙන්න, මතුගම - රත්නපුර මාර්ගයේ අගලවත්ත, බෙල්ලන හරහා පොල්ගම්පලට එන්න ඕන. පොල්ගම්පල හන්දිය තවමත් නවීකරණය නොවී පැරැණි කඩමණ්ඩිවල ලක්ෂණ රැකගත් ඉපැරැණි කඩමණ්ඩියක්. පොල්ගම්පලින් හැරිලා කුරුපිට පාරේ කිලෝමීටර් එකහමාරක් පමණ එන විට හමුවන මද්දෙකන්ද රත්මලේ මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ පැමිණි විට මේ තඹ‍ෙදාළ ඇල්ලට ප්‍රවේශ වෙන්න පුළුවන්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ එන කෙනකුට නම් වැලිපැන්න පිවිසුම මඟින් මතුගම දෙසට පැමිණෙන විට හමුවන හොරවල හන්දියෙන් හැරී මීගහතැන්න, වලල්ලාවිට මාර්ගයේ ඇවිත් මොරගල හන්දියෙන් හැරිලා පොල්ගම්පලට ඇවිත් එන්න පුළුවන්.
රත්මලේ රිදීවිට කඳු මුදුනක පිහිටලා තියෙන තුන්‍ෙදාළ ආරණ්‍යයට ඒ නම ලැබිලා තියෙන්නෙ ‍ෙදාළ මාර්ග දෙකක් ගලා ඇවිත් ආරණ්‍ය භූමියේදී තනි ‍ෙදාළ වානක් බවට පත්වෙලා තුන් ‍ෙදාළක් නිර්මාණය වෙන නිසා. මේ ‍ෙදාළ වාන තනි ‍ෙදාළක් වෙලා ගන වනාන්තරය මැදින් පහළට ගලාගෙන එන්නේ මේ සුන්දර දිය ඇලි දෙකත් නිර්මාණය කරගෙන ඉතාම සොඳුරු බිමක පිහිටි තුන්‍ෙදාළ ආරණ්‍ය වන ගහනයකින් ආවරණය වෙලා තියෙන නිසා මේ ‍ෙදාළේ තියෙන්නෙ. ගස් මුල් අතරින් පෙරී එන පිරිසුදු සිසිල් ජලය.

මේ ඇලි දෙකෙන් මුලින්ම හමු වන ඇල්ල හඳුන්වන්නෙ 'තඹ‍ෙදාළ' ඇල්ල නමින්. මේ ඇල්ල මීටර් හතරක් පමණ උස කුඩා දිය ඇල්ලක්. මේ ඇල්ලෙන් ඇතිවන විශාල ජල තටාකය නිසා ඇල්ලට එක්වෙන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරිතරම් සුන්දරත්වයක්. මේ ජල තටාකය තුරු ගොමුවකින් සම්පූර්ණයෙන්ම ආවරණය වෙලා තියෙන නිසා මද්දහනකදි වුණත් මේ ඇල්ලෙ තියෙන්නෙ තරමක අඳුරු ස්වභාවයක්. මේ නිසාම මේ ඇල්ල වටා විවිධ අද්භූත කතා රාශියකුත් ගෙතිලා තියෙනවා. අතීතයේ මේ ආශි්‍රතව රජ කරපු රජ කෙනෙක් තමන්ගේ රන් ආභරණ මේ ඇල්ල තුළ නිධන් කරලා තියෙනවා කියලා ගම්මු අතර විශ්වාසයක් තියෙනවා. රන් මුදුවක් පැලඳි 'කඩුක්කන් ආඳෙක්' මේ ඇල්ලෙ වාසය කරනවා කියලා කතාවකුත් තියෙනවා. එහෙම ආඳෙක් තමන් දැක්කය කියන අයත් හිටියත් ඒ එක කතාවක්වත් පිළිගන්න පුළුවන් තරම් සාධක නම් මේ වනතුරු හමුවෙලා නෑ. මේ නිධානය නිසා ඇල්ල කාලෙකට කෙනෙක්ව බිලි ගන්නවමයි කියන පොදු විශ්වාසයක් තියෙනවා. ඒක තහවුරු වෙන්න හේතුවෙලා තියෙන්නේ අපරික්ෂාකාරී විදියට, මත්පැන් පානය කරලා ඇල්ලට බැහැපු කිහිප දෙනෙක්ටම මේ ඇල්ලෙදි තමන්ගෙ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවීම නිසා.තඹ‍ෙදාළ ඇල්ල පසුකරලා මීටර් 200ක් විතර ඉහළට ගියාම මේ ‍ෙදාළවානෙන්ම සෑදෙන අනෙක් දිය ඇල්ල හමුවෙනවා. මේ ඇල්ලත් පොදුවෙ රිදීවිට ඇල්ල ලෙසම හැඳින්වුවත් පොත්පත්වල මේ ඇල්ල හඳුන්වලා දීලා තියෙන්නෙ 'ජුලී ඇල්ල' කියන සුන්දර නමින්. මීටර් 54ක් පමණ උස මාල තුනකින් යුත් මේ දිය ඇල්ල මඟිනුත් ස්වාභාවික ජල තටාකයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ ඇල්ල වටා පිහිටලා තියෙන්නෙ ස්වාභාවික වන ගොමුවක්. මේ වන ගොමුවෙ කැලෑ මල් වර්ග විශාල ප්‍රමාණයක් දකින්න පුළුවන්. මේ නිසාම සමනල වර්ග රැසක්ද මේ ආශි්‍රතව දකින්න පුළුවන්. මේ ඇල්ල අවට ‍ෙදාළ මාර්ගය තරමක් විශාල ගල් කුළුවලින් සැකසිලා නිසා ඇල්ල බලන්න එන කෙනකුට ගලායන දිය දහර මැද ගල් කුළක් මතට වෙලා විවේක සුවයෙන් ඉන්න අපූරු අවස්ථාවක් හිමිවෙනවා.,,උපුටාගන්නලාදි..


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අඳුරු වන ගුහාවක සැඟවුණු තඹ‍ෙදාළ ඇල්ලේ රහස් Rating: 5 Reviewed By: Unknown