සාගර ක්ෂිරපායි සත්ව ප්‍රජාවට අතරින් සමුද්‍ර
අනාකුල දේහය සමුදුරු ජිවිතයට ඇවැසි ලෙසින් පිලියෙළ වි ඇත. ඉදිරිපසින් අවල්පත් දෙකක් පිහිටා ඇති අතර පසුපස ගාත්‍රා නොපෙනේ. හිස මත නාසය පිහිටා ඇති අතර ආශ්වාස ප්‍රාශ්වාසය වෙනුවෙන් ජලය මතුපිටට පැමිනේ. පැමිණි විගස නාසය විවර වෙන අතර ආශ්වාස ප්‍රාශ්වාසයේදි හඬක් නිකුත් වේ. තත්පර කිපයක් ජලය මතුපිට රැඳී සිට නැවත ජලයේ කිමිදෙන්නට පෙරාතුව ආශ්වාස ප්‍රාශ්වාස කරනු ලබයි.
තල්මසුන්ට ඔවුන්ට ආවේණික ස්වර රටාවන් ඇත. දෘෂ්ටි ශක්තිය හින වුවත් ශ්‍රවණ ශක්තිය ඉතා තියුණුය. ඔවුන් ගැඹුරු මුහුදේ නගන හඬ කි.මි. 80 ක් පමණ දුරට විහිදි යයි. මොල්ලි තල්මසාගේ හඬ ගෙරවිල්ලකට සමාන වෙන අතර විටෙක ගියකට සමානය. පැය කිපයක් පමණ වේලාවක් මෙම මිහිරි ස්වරය නගයි. සුදු තල්මසාගේ හඬ ජලයෙන් පිටතට පවා ඇසේ.
දෝංකාරය ශ්‍රවණය කිරිමෙන් ගොදුරු සොයා ගත හැකියාව තල්මසුන්ට පිහිටා තිබේ. සහකාරිය තෝරා ගැනිමේදි විවිධ ආකර්ශනයන් උපක්‍රම ලෙසින් යොදා ගන්නා අතර ගැහැනු සතෙකුගේ ගැබ් කාලය මාස 9 සිට 16 අතර වේ. වරකට බිහි කරන පැටවුන් ගණන එකකි. ජලයට බිහිකරන පැටවා උපන් අවස්තාවේ පටන් පිහිනිම සිදු කරයි.
19 වන සියවසේදි අධිික ලෙසින් තල්මසුන් දඩයම් කිරිම ගැන පරිසරවේදින්ගේ විරෝධය මතු විය. එහෙත් මේ වෙන විටත් ලෝකයේ තල්මසුන් ගහණය අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින බව සාගර ජිව විද්‍යාඥා ආශා ඩිිවොස් සඳහන් කරනවා. ශ්‍රී ලාංකික කාන්තාවක් වන ඇය බටහිර ඔස්ට්‍රේලියාවේ සාගර විද්‍යායතනයේ අධ්‍යනයක් වෙනුවෙන් සම්බන්ධව සිටිනවා. ශාන්ත ඇන්ඩෘ සහ ඔක්ස්ෆර්විශ්ව විද්‍යාලයන්හි උපාධිධාරිනියක් වන ආශා “නිල්තල්මස් ව්‍යාපෘතිය” වෙනුවෙන් සම්බන්ධ වුනා. තල්මසුන් දර්ශනය සඳහා වැලිගම, මිරිස්ස ඉතා යෝග්‍ය ප්‍රදේශ ලෙස ඇය සඳහන් කරනවා. කෙසේ වුනත් ලෝකයේ තල්මසුන් ඉන්දියන් සාගර කලාපය තුළ ඔවුන්ගේ ගති පුරුදු පවත්වාගෙන යනවා. මේ අතර ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයේ තල්මස් විශේෂ 23 ක් ජිවත් වෙනවා. කෙසේ වුනත් සෙසු සාගර කලාපයන්ට සාපේක්ෂව බලන විට ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපය ලෝකයේ තල්මසුන්ගේ ගහණය ඉතා හොඳීන් පවත්වාගෙන යන ප්‍රදේශයක් ලෙස ආශා ඩිවොස් පෙන්වා දෙනවා.
ජිවිතයට ඉතා සාර්ථක ලෙසින් අනුවර්තනය වුන සත්ත්ව විශේෂය තල්මසාය. සෙටාසෙයා ගෝත්‍රයට අයත් සමුද්‍ර ක්ෂිරපායි සතුන් අතරට තල්මසා, ඩොල්පින් සහ පෝපසා අයත් වෙනවා. පොසිල අධ්‍යනයන්ට අනුව මෙම සතුන් සාගර ජිවිතයට අනුවර්තනය වුයේ කෙසේද යන්නට ස්ථිර සාක්ෂි නැතැත් තමන්ගේ විශාල සිරුර නිදහසේ හැසිරවිමට, නව ආහාර සම්පත් සොයා ගැනිමට සහ සතුරන්ගෙන් ගැලවිම සඳහා මේ අන්දමට සමුදුරු ජිවිතයට අවතීරණය වන්නට ඇතැයි අනුමාන කෙරේ. ජිවිත කාලයම සමුදුරේ ගෙවන තල්මසා පැටවුන් බිහි කරන අතර කිරි උරා වැඩෙන සත්ත්ව විශේෂයකි. මොළය හොඳීන් වර්ධනය වි ඇති වැඩුණු තල්මසකුගේ සම අභ්‍යන්තරයේ පිහිටි මේද තට්ටුව සිරුරේ උණුසුම පවත්වා ගැනීමට හේතු වි ඇත. සිරුරේ උණුහුම මිනිසෙකුට සමාන වන සේ පිහිටා ඇති අතර එය සෙන්ටිග්‍රේඩ් 37 ක් පමණ වේ. තල්මසුන් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙන අතර එක් කාන්ඩයක තවත් අතුරු කාණ්ඩ ගණනාවක් සිටිති. ලොව ජිවත්වෙන සත්ව විශේෂයන් අතර විශාලතම විශේෂය නිල් තල්මසාය. මුකපෙරණ විශේෂයට අයත් නිල් තල්මසා දිගින් මිටර් 27-30 අතර වේ. ටොන් 150 ක් පමණ බරක් ඇති නිල් තල්මසාට විශාල ගොඩනැගිල්ලක් වුවද පෙරලිමේ සමර්ථකම ඇත. කුඩා කූණිස්සන් මෙම සතුන්ගේ ආහාර වේ.

0 comments:
Post a Comment