728x90 AdSpace

Latest News
Tuesday 23 June 2015

ඔබ දන්නවා ද....?


මොනර කොළය නමින් හඳුන්වන රුපියල් 1000හේ නෝට්ටුවේ සිටින හස්ති රාජයා සහ ඒ අසළ හිස්වැස්මක් පැළඳගෙන සිටින ඇත් ගොව්වා පිළිබඳව අපූරු කතා පුවතක් ගෙතී ඇතී බව ඔබ දැන සිටියා ද?
එම ඇතා සහ මිනිසා නැගෙනහිර පළාතේ බවත්, එම මිනිසා මුස්ලිම් ජාතිකයෙකු බවත් ඔබ දැන සිටියා ද ?
ඔහු නමින් උමාර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි අයෙකි.1925 දී මොහු විසින් මෙම හස්තියාව අල්ලාගෙන තිබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත.පසු කලෙක ඔහු මෙම ඇතාව දළඳා මාළිගාවට පරිත්‍යාග කර ඇත.එලෙස දළඳා මාළිගාවේ ඇත් පංතියට එක් වූ මේ හස්ති රාජයා "රාජා" නමින් නම් කළ අතර, දළඳා කරඬුව වැඩමවීමේ මංගල හස්ති රාජයෙකු සතු සියළු සුදුසුකම් සපුරා තිබිණ.
1938 දී කරඬුව ගෙන යන ඇතාගේ පරිවාර හස්තියෙකු ලෙස පෙරහැරේ ගමන් ඇරඹු රාජා ඇතා වැඩි කලක් නොගොස් දළඳා කරඬුව වැඩමවීමේ භාරදුර කර්තව්‍යයට උරුමකම් කිවේය.මිය යන තුරු අඩ සියවසකට අසන්න කාලයක් දළඳා කරඬුව වැඩම වූ රාජා හස්තියා මෙරට ජනතාවගේ පමණක් නොව ලෝක ප්‍රජාවගේ ද ගරුබුහුමන් ලැබූ සත්වයෙකි.එම නිසා ම 1986 අගෝස්තු 20 වැනි දින ජාතික වස්තුවක් ලෙස නම් කෙරුණි.
1988 ජූලි 16 වන දින මෙළොව හැර ගිය ජාතික වස්තුවක් වූ "රාජා" හස්තියාව දළඳා මාළිගාවට පරිත්‍යාග කළ උමාර් ලෙබ්බේ පනික්කාර්ට ගෞරවයක් ලෙස ඔහුව රුපියල් 1000හේ නෝට්ටුවේ රජාගේ සමීපයෙන් මුද්‍රණය කර ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඔබ දන්නවා ද....? Rating: 5 Reviewed By: Unknown