සෑම මසකට වරක්ම සුන්දර ප්‍රදේශ හොයාගෙන යන අපේ 'අලිමංකඩ' සංචාරක කණ්ඩායම මේ පාර තෝර ගත්තෙ පස්දුන් කෝරලයට අයත් මතුගම හා ඒ අවට ගැමි සුන්දරත්වය ඉහවහා ගිය ප්‍රදේශ කිහිපයක්. අපේ මේ සංචාරයේදී මතුගමින් කිලෝ මීටර් 18ක් විතර ඇතුළට වෙන්න අලුත්ගම - මතුගම යටෙදාළ මාර්ගයේ එනකොට හමුවන කාලවිල කියන ගැමි සුන්දරත්වය ඉහවහාගිය ගම්මානයටත් ගියා. එහිදී අපිට හමුවුණ මේ කියන ස්ථානයත් සොබා සෞන්දර්යයට වගේම ගෘහ නිර්මාණකරණයට අපූර්ව අර්ථයක් සපයල තිබුණා.
සුප්‍රකට සිත්තරකු, මූර්ති ශිල්පියකු, භූමි අලංකරණ ශිල්පියකු වගේම ගෘහනිර්මාණ ශිල්පියෙක් ලෙසටත් ලෝක ප්‍රසිද්ධව හිටිය ජෙෆ්රි බාවාගේ සහෝදර බෙවිස් බාවා නිර්මාණය කළ මේ අපූර්ව උද්‍යානය නම් කරල තිබුණෙ 'බී්‍රෆ් මල් උද්‍යානය' කියලා. සවස 3.30 විතර වෙනකොට උද්‍යානයට ඇතුළු වෙන්න හිතාගෙන ලහිලහියේ වාහනයට නැඟගත්තු අපේ කණ්ඩායමට අතරමඟදී මුහුණ පාන්න වුණ අකරතැබ්බයක් නිසා අපි එතැනට යනකොටත් සවස 5.20 විතර වෙලා. 5න් පස්සෙ ඇතුළට ගන්නෙ නැතැයි කියල ඒ වෙලාවෙ හිටපු උද්‍යාන පාලක මහත්මයා අපිට කියපු නිසා අපි ඒ අවට සුන්දරත්වය බලාගෙන, විඳගෙන එන්නට හැරුණා.
ඒ කොහොම වුණත් මීට කලින් කිහිප වතාවක්ම උද්‍යානය නරඹල ඒ පිළිබඳ මගේ හිතේ ඇඳිල තිබුණු ප්‍රසන්න සිතුවම මේ මොනම දෙයකින්වත් මකාදමන්න බැරි වුණා. ඒ වගේම එවැනි ස්වාභාවිකත්වය ඉහවහා ගිය වෙනත් ගෘහනිර්මාණකරණයක් ගැන මට මතක්කර ගන්නත් අපහසු වුණා. 1929දී අවුරුදු 20ක තරුණයකුව සිටි බෙවිස් බාවාට මවුපිය උරුමයෙන් අක්කර එකසිය ගණනක රබර් ඉඩමක් උරුම වුණා. ඒ රබර් ඉඩම තමන්ගෙ ස්ථිර පදිංචිය සඳහා තෝරාගත්තු මේ ධන කුවේරයා එතැන් සිටම තමන්ගෙ සිතැඟි පරිදි මේ භූමිය කලා උයනක් කරන්න පටන් ගත්තා. අවසානයේ අක්කර 5ක් විතර භූමිභාගයක් සම්පූර්ණ මනස්කාන්ත උද්‍යානයක් බවට ඔහු පත් කළා. බෙවිස් බාවා වසර 40ක් පුරා දිවා රාත්‍රි නොබලා කළ මේ ගෙඋයන් නිර්මාණයට දුර්ලභ ගෘහනිර්මාණ කලාවක් ඇතුළත්ව තිබෙනවා. බෙවිස් විදේශ සංචාරවලදී තමන්ගෙ සිත් ගත්තු නිර්මාණ තමයි මේ උද්‍යානයටත්, ඉතාලි උයන, ජපන් උයන, ටෙනිස් පිට්ටනිය වගේ නම් යොදල එකතු කරගෙන තියෙන්නෙ. ඒ සේරම විශේෂයි වගේම එකිනෙකට වෙනස් ආකාරයට නිර්මාණය කරල තිබුණා. ඒ නිසාම මෙහි තිබුණු කැටයම්, මූර්ති, චිත්‍ර වගේම ගස්වැල්, පොකුණු ආදියත් පෞරාණික බව ඉස්මතු වන ආකාරයටයි හදල තිබුණෙ. මේ උද්‍යානය මැද්දෙ තියෙන්නෙ අවුරුදු 85කටත් වඩා පැරැණි බෙවිස් බාවාගෙ බංගලාව. එය අරලිය ගස් සෙවණකින් සැදුණක්. මේ බංගලාව විශේෂ වෙන්නේ එහි විවිධ තැන්වල ඉඳගෙන ගෙවත්තේ එකම ස්ථානය බැලූවිට විවිධාකාරයෙන් පේන නිසයි. ගෙවත්ත පැත්තට ඇවිදගෙන යනකොට අපිට පෙණුනෙ කදිම මූර්ති, ප්‍රතිමා රැසක්. ඒවා විවිධ භාණ්ඩ සත්ත්ව මුහුණු, සම්පූර්ණ වූ ශරීරාංග පෙන්නුම් කරන නිරුවත් පිරිමි රූප වගේ දේවල්වලින් යුක්තයි. නමුත් මේ කිසිම තැනක අපිට කාන්තා රූපයක් නම් දකින්නවත් ලැබුණෙ නැහැ. උද්‍යානයේ එක් කොනක දියවැලක් අපිට දකින්න ලැබෙනවා. එය නිර්මාණය කරල තියෙන්නෙ ගස් අතු වදුලෙත්, මල් ගොමු අතරින් දිය බින්දු කාන්දු වෙන විදියට. මේ සඳහා කිසිම ආවරණයක් නැහැ. එය ආවරණය වෙලා තිබුණෙ ලියගොමුවලින්ම පමණයි. ජපන් ප්‍රතිමා ශිල්පය විදහාපාන ජපන් උද්‍යානයත් ඕපඪඥට උද්‍යානයට වටිනාකමක් එක්කරනවා. එහි තියෙන ටෙනිස් උද්‍යානය, පහන් කණු පියගැටපෙළ පාමුල තියෙන කැටයම් සහිත සඳකඩපහණ මේ දේවල් තවතවත් අලංකාර කරල තියෙනව කියලයි මට හිතුණෙ. මෙහි තියෙන තවත් අලංකාර ස්ථානයක් තමයි 'මුන් ගේට්' ආකාරයට නිර්මාණය කරපු 'චීන උද්‍යානය' තව තවත් ඇතුළට යනකොට ගිමන්හරින තැන්, කෑම පිසගන්න ළිප්, ගුදම්, ගල්වලින් නිර්මිත සත්ත්ව රූප ආදිය හැමතැනම වගේ දකින්න ලැබුණා. මේ විදියට ගහකොළ මල්ගොමු වගේම විවිධ ගෘහනිර්මාණ ශිල්පයන් නිරූපණය කරපු බී්‍රෆ් උද්‍යානයේ බංගලාව ඇතුළෙ තියෙන පැරැණි භාණ්ඩ, මූර්ති සමහරෙක් වෙනත් කිසිම තැනක දැකගන්න නොලැබෙන දුර්ලභ දේවල් වනවාට නම් සැකයක් නැහැ. ඉතින් වේ විදියට හරිම නිහඬව වැඩි ප්‍රසිද්ධියක් නැතුව වර්තමානයේත් මනා නඩත්තුවකින් යුතුව පවත්වාගෙන යන මේ බී්‍රෆ් මල් උද්‍යානය ඇත්ත වශයෙන්ම සොබා දහමට ආදරය කරන්නකුගේ නෙත්සිත් ක්‍ෂණයකින් ඇද බැඳ ගන්නා ස්ථානයක් වනවා නොඅනුමානයි. ඒ වගේම මේ දේත් නොකියාම බැහැ. මෙතැන නරඹන්නට එන එක් දේශීය සංචාරකයකුගෙන් අය කෙරෙන්නේ රු. 300ක් වැනි ඉහළ මුදලක්.

0 comments:
Post a Comment