“පුරාවිද්‍යාව“ යනුවෙන් හඳුන්වන විෂය අද තරුණ පරපුර අතර මෙන්ම වෙනත් ශාස්තී‍්‍රය විෂයන් පිළිබඳ උනන්දුවක් දක්වන විද්වතුන් හා උගතුන් අතර ද ජනප‍්‍රිය විෂයක් බවට පත් වී තිබේ. විශේෂයෙන්ම පැරණි අපේ ජාතික උරුමය හා සම්බන්ධ වී ඇති මේ විෂයය ගැන ළමා ඔබගේ අවබෝධය දියුණු කර ගැනීම සඳහා උනන්දුවීමත් ඊට නිසි තොරතුරු සපයාදීමත් සියලුම ජනමාධ්‍ය ආයතන වල ජාතික යුතුකමකි. එය ළමා ඔබගේ අයිතාහාසිකමක් ලෙසින් අපි සලකන්නෙමු.පුරාවිද්‍යාව යන වචනය ඉංග‍්‍රීීසි භාෂාවෙන් Archeology (ආකියොලොජි) යන නාමයෙන් හැඳින්වෙයි.පුරාතනය ගැන නැතහොත් අපේ පුරාණ උරුමය පිළිබඳව සොයා බලන තවත් විෂයයක් අද තිබේ. අප ඊට ඉතිහාසය යන නාමය භාවිතා කරන්නෙමු. මේ අනුව අපේ පැරණි ජාතික උරුමය පිළිබඳ ඉගෙනීමේදී (ලංකාවේ පමණක් නොව ලොව කුමන රටක වුව ද) මේ විෂයයන් දෙකම පිළිබඳව ඉගෙන ගත යුතුය.පුරාවිද්‍යාව යනු කුමක් ද යන්න පිළිබඳ ඔබට දැන් ප‍්‍රශ්නයක් මතු වී ඇතුවාට සැක නැත. පුරාවිද්‍යාවෙන් සොයා බලන්නේ පුරාණ කාලයේ මානවයා (මිනිසා - අපේ මුතුන්මිත්තන්) විසින් භාවිතා කරන ලද හෝ හැඩගස්වන ලද හෝ භෞතික අවශේෂ පිළිබඳ ඉගෙනීමය. මෙය ඉතා සරල ලෙසින් සඳහන් කරතොත් අපේ පැරණි මුතුන්මිත්තන් ජීවත් වූ අන්දම ඔවුන් භාවිතා කළ (දැනට) ඉතිරිවී ඇති - ශේෂ වී ඇති) (භෞතික වස්තු - අතට හසුවන අන්දමේ) දේවල් පිළිබඳ ඉගෙනීමයි. අප රටේ මහා පර්වත දක්නට ඇත. එහෙත් ඒවා පුරාණ මුතුන් මිත්තන් විසින් ප‍්‍රයෝජනයට ගෙන නැත්නම් ඒවා ඒ ලෙසින්ම හෝ කාලයාගේ ඇවෑමෙන් වෙනස් වී තිබිය හැකිය. එහෙත් ගල් වර්ග කඩා එයින් තමන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන අවි ආයුධ පුරාණ අපේ මුතුන් මිත්තන් (ප‍්‍රාග් ඓතිහාසික යුගයේ දී) විසින් භාවිත කර ඇත. මේවා, ප‍්‍රාග් ඓතිහාසික යුගය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උපකාරී වන්නේය. තවත් උදාහරණයක් ගතහොත් පැරණි ගල් පර්වත ආශ‍්‍රිතව ඇති ලෙන් වල පැරණි (මානවයින්) අපේ මුතුන් මිත්තන් වාසය කළ බව අපට දකින්නට ලැබී ඇත. උදාහරණයක් ලෙසින් මීට අවුරුදු තිස් අට දහසකට (38,000) පෙර බුලත්සිංහල ප‍්‍රදේශයේ පාහියන්ගල මහා ලෙනෙහි අපේ මුතුන් මිත්තන් වාසය කළ බව සොයා ගෙන ඇත. මීට අමතරව කුරුවිට බට දොඹලෙන කිතුල්ගල බෙලි ලෙන දොරවක කන්දේ ලෙන ආදී ලෙන් වන පැරැණි අපේ (මානවයින්) මුතුන් මිත්තන් වාසය කළ බව අප දැනගෙන ඇත්තේ ඔවුන් භාවිතා කළ ගල් මෙවලම් ඔවුන් ආහාරයට ගත් සත්ව සහ ශාඛ කොටස් (අදශේෂ වී ඇති) සහ ඔවුන්ගේ හිස් කබල් (පාහියන්ගල මෙසේ හමු වී ඇත) ද නිසාය. මේවා කුමන කාලයකට අයත්ද යන්න විද්‍යාත්මක පර්යේෂණය කරන කාල නිගමනය කිරීම ද සිදු කෙරේ. මේ අනුව පුරාවිද්‍යාව යනු (පැරණි භෞතික අවශේෂ අධ්‍යයනය) පුරාණ මිනිසුන් භාවිතා කළ හෝ හැඩගස්වන ලද භෞතික වස්තු වල ඉතිරි වී ඇති කොටස් පිළිබඳ ඉගෙනීමක් බැව් ඔබට අවබෝධ වනු ඇත. පුරාණ මානවයා (පැරණි මුතුන් මිත්තන්) පිළිබඳව විද්‍යාත්මකව ඉගෙනීම මේ අනුව පුරාවිද්‍යාව ලෙසින් ඉතා කෙටියෙන් හඳුන්වා දිය හැකිය. මේ පිළිබඳ විවිධ විද්වතුන්ගේ මත දක්නට ලැබේ. ඒවා සියල්ලම මෙහිදී ඉදිරිපත් කිරීමට අපි උත්සාහ නොකරන්නෙමු.දාගැබි මුර ගල් බුදු පිළිම ආදි මේ සියල්ලම මීට අයත්ය.ඉතිහාසය යනු කුමක් ද ඉතිහාසය යනු මෙසේ සිදුවිය යන්න එහි සාමාන්‍ය අර්ථයයි. ඉංග‍්‍රීසි භාෂාවෙන් ඒ සඳහා යොදන්නේ හිස්ටි‍්‍ර ඩ්ධ්ඉඊර්‍ණඅක යන වචනයයි. ඉතිහාසය ලෙසින් අප ව්‍යවහාර කරන්නේ ලියා ඇති දේය. අපේ මුතුන් මිත්තන් අකුරු ලිවීමට හුරු වූ ඒ අකුරු භාවිතා කළ යුගය මේ ඉතිහාසය ට අයත්ය. ඉතාම සරල ලෙසින් සඳහන් කරන්නේ නම් ලේඛනගතව ඇති (අතීත) තොරතුරු ඉතිහාසයට අයත්වන්නේය.මිනිසා ලිවීම ආරම්භ කිරීමත් සමඟම ඔහු ට අදාල වූ තොරතුරු මේ ලේඛනවලින් සොයා ගත හැකිය. අප රටේ ඉතා පැරණි ලේඛන දක්නට ලැබෙන්නේ ශිලා ලේඛන වලය.එම ශිලා ලේඛන කි‍්‍රස්තු පූර්ව තුන් වැනි (3 - සියවස) සිට දකින්න ලැබේ. ලිඛිත සාක්ෂි දක්නට නැති යුගයක ප‍්‍රාග් ඓතිහාසික යුගයට අයත් වේ. ඒ ලිඛිතව දක්නට නැති අතීතය අප ඉගෙන ගන්නේ ඉහතින් සඳහන් කළ ආකාරයට ඒ පැරණි භෞතික වස්තු ආශ‍්‍රයෙනි.මේ අනුව පුරාවිද්‍යාව ඉගෙන ගන්නේ භෞතික අවශේෂ ආශ‍්‍රයෙන් සේම ඉතිහාසය ඉගෙන ගන්නේ ලියා ඇති පොත – පත ඇතුළු ලේඛන ආශ‍්‍රයෙන් බව දැන් ඔබට ඉතා හොඳින් පැහැදිලි වන්නට ඇතැයි අපි සිතමු. සාමාන්‍යයෙන් ඉතිහාසය කොටස් තුනකට බෙදා දැක්විය හැකිය1. ඉතිහාසය2. ප‍්‍රාග් ඉතිහාසය3. පූර්ව ඉතිහාසය මෙයින් ලේඛන ආශ‍්‍රයෙන් ඉගෙන ගන්නේ ඉතිහාසයයි. පුරාවිද්‍යාත්මක අවශේෂ ආශ‍්‍රයෙන් එනම් ලේඛන නොවන භෞතික අවශේෂ ආශ‍්‍රයෙන් අනෙකුත් කොටස් දෙකට අයත් ඉතිහාසය ඉගෙනීම සිදු කෙරේ. මේ අනුව මෙම පුරාවිද්‍යාව හා ඉතිහාසය විෂයයන් දෙකක් වුව ද රටක ශිෂ්ටාචාරය පිළිබඳව ඉගෙනීමෙහිදී මේ අංශ දෙක ගැනම ඉගෙනගත යුතුය. ඉතිහාසය මෙන්ම පුරාවිද්‍යාව ද කාසියක දෙපැත්ත ලෙසින් සමහර විද්වතුන් සලකන්නේ ඒ නිසාය. අප රටේ ඉතිහාසය ලියා ඇති පැරණිම ග‍්‍රන්ථය දීපවංසයයි. මහාවංසය ඉන්පසුව ලියන ලදී. ඒවා මුලින්ම ලියා ඇත්තේ පාලි භාෂාවෙනි. පැරණි ලේඛන ගල්ලෙන් වල ලියා ඇති ලෙන් ලිපි ලෙසින් හඳුන්වන ශිලා ලිපි වර්ගයයි. |
Tuesday, 4 August 2015
- Blogger Comments
- Facebook Comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment