728x90 AdSpace

Latest News
Saturday 22 August 2015

කොටිකන් බැබිල" (Sida rhombifolia)

තර දිගැතිය. පත්‍ර දාරයේ පහළ කොටස සම්පූර්ණය. ඉහළ කොටස දන්තූර කරපත්‍රිකය. පත්‍රයේ උඩු පැත්ත සිනිඳුය. යටි පැත්ත තරමක් බූව සහිතයි. මල් තනි තනිව කක්ෂවල පිපේ. නිපත්‍රිකා නොමැත. පුෂ්ප දිගින් අඟල් 0.75 පමණ වේ. කහ පාට පුෂ්ප පරවෙන විට සුදුපාට වේ. පුෂ්පයේ මණි පත්‍ර 5 කි. දල 5 කි. ඩම්බකෝෂය උත්තරය. බහුකෝෂ්ඨකය. ඵලය මේරූ විට පැළී ඵලිකා බිහිවේ. ඵලිකාවක තනි බීජයක් ඇත. කොටිකන් බැබිල මල්වාසේ (Malvaceae) කුලයට අයත්ය.

අඩි දෙකක් පමණ උසට වැවෙන බහුවාර්ෂික ශාකයකි. ගස සෘජුය. බොහෝ අතු සහිතයි. අතුවල තාරකාකාර කේශර පිහිට ඇත. පත්‍රයක් අඟල් 1- 1 1/2 අ
ඖෂධීය වටිනාකම
මෙම ශකය ලංකාවේ පාරවල් අද්දර පාළු බිම්වල බහුලව වැවේ. ලෝකයේ බොහෝ නිවර්තනික ප්‍රදේශවල මේ ශාකය හමුවේ. සෙම්, පීනස් හා ප්‍රතිශ්‍යා ආබාධවලදී ප්‍රතිකාර වශයෙන් යෙදෙන ඖෂධ පිළියෙළ කිරීමට කොටිකන් බැබිල ගනු ලැබේ. මේ හැර ගඩු, පිළිකා, ක්ෂයරෝගය, රක්තවාතය, අධික උණ, උදරාබාධ, ඔසප් චක්‍රයේ අක්‍රමවත්බව, පැපොල, දත් කැක්කුම සහ කැඩුම් බිඳුම් ආදි රෝග තත්වයන් සදහා ප්‍රතිකාර කිරීමට කොටිකන් බැබිල යොදා ගනී. මෙහි සම්පූර්ණ පැළෑටියම ඖෂධ පිණිස ගැනේ. තවද පත්තු, මැල්ලුම්, කෂාය හා තැවුම් පොට්ටනි හඳහා මේ ශාකයේ කොටස් භාවිතා කෙරෙයි. මෙරට වියළි පළාත්වල හමුවන තවත් කොටිකන් බැබිල විශේෂයක් වූ සීඩා රෙටූසා (Sida retusa) ශාකයෙන් හොඳ සවිමත් කෙඳි ලැබේ.
“ශාක ලෝකය සහ ශ්‍රී ලංකාවේ ඖෂධීය ශාක“ කෘතිය ඇසුරිනි_
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කොටිකන් බැබිල" (Sida rhombifolia) Rating: 5 Reviewed By: Unknown