728x90 AdSpace

Latest News
Sunday 16 August 2015

කුලියට ගන්නා මඟුල් පෝරු නිසා වස් වදිනවාද


 වර්තමානයේ අප සමාජය තුළ ඇතැම් පැරැණි සිරිත් විරිත් වෙනුවට විපරිත වූ සිරිත් විරිත් බහුල වශයෙන් ක්‍රියාත්මක වන යුගයකි. විශේෂයෙන්ම විවාහ මංගල කටයුතුවලදී පැවැති පැරැණි සිරිත් විරිත් අද සමාජය තුළ භාවිත වන්නේ ඉතාමත් විරල වශයෙනි. විවාහ මංගල උත්සවයකදී පෝරුවට හිමි වන්නේ ඉතාමත් සුවිශේෂ වූ ස්ථානයක් වන නමුත් එම කටයුතු නිසිආකාරව සිදුවන්නේ දැඩි ගැටලු සහගතවය. මනාල යුවළක් පෝරුවේ චාරිත්‍ර නොකොට විවාහ උත්සවයක් පැවැත්වුවහොත් එතැන ඇති අඩුව කාටත් පෙනෙන කරුණක් නමුත් පෝරුවේ චාරිත්‍ර සිදු කරන මංගල උත්සවවල ඇති අඩුපාඩු නොදකින්නේ අප සමාජය තුළ සිටින ජනතාව නවීකරණය වී පැරැණි සිංහල සිරිත් විරිත් නොදන්නා බැවිනි.


වර්තමානයේ අප සමාජය තුළ ඇතැම් පැරැණි සිරිත් විරිත් වෙනුවට විපරිත වූ සිරිත් විරිත් බහුල වශයෙන් ක්‍රියාත්මක වන යුගයකි. විශේෂයෙන්ම විවාහ මංගල කටයුතුවලදී පැවැති පැරැණි සිරිත් විරිත් අද සමාජය තුළ භාවිත වන්නේ ඉතාමත් විරල වශයෙනි. විවාහ මංගල උත්සවයකදී පෝරුවට හිමි වන්නේ ඉතාමත් සුවිශේෂ වූ ස්ථානයක් වන නමුත් එම කටයුතු නිසිආකාරව සිදුවන්නේ දැඩි ගැටලු සහගතවය. මනාල යුවළක් පෝරුවේ චාරිත්‍ර නොකොට විවාහ උත්සවයක් පැවැත්වුවහොත් එතැන ඇති අඩුව කාටත් පෙනෙන කරුණක් නමුත් පෝරුවේ චාරිත්‍ර සිදු කරන මංගල උත්සවවල ඇති අඩුපාඩු නොදකින්නේ අප සමාජය තුළ සිටින ජනතාව නවීකරණය වී පැරැණි සිංහල සිරිත් විරිත් නොදන්නා බැවිනි.
පෝරුවේ උපත පිළිබඳ සොයා බලන කල මහා සම්මත රජ දවස දක්වා පැරැණි ඉතිහාසයක් ඇති බව ජන වහරේ සඳහන් වෙයි.
පුරාතනේ සම්මත පුර සපිරි සරණ පාවා දෙන
නරාසයන විස්කම් දෙව් වැඩලා රත් සඳුන් රැගෙන
සරාගියේ විස්කම් දෙව් මඟුල් පෝරු සිටින ලෙසට
පුරාතනේ මුල එතැනයි මඟුල් පෝරු ලොව පැවැතුණ
එනම් මහ සම්මත රජතුමා සහ මැණික්පාල කුමරිය නොහොත් මුතුකෙලී කුමරියගේ විවාහ මංගල්‍යය සඳහා චන්දගිරි පර්වතයේ වෙසෙන විස්කම් දිව්‍ය රාජෝත්මයන් නරලොවට පැමිණ ප්‍රථම මංගල පෝරුව නිර්මාණය කළ බව මෙහි සඳහන් වෙයි. තවද නෙලුම් පද්මයක ඕපපාතිකව උපන් පද්මාවතී කුමරිය බරණැස් රජුට සරණ පාවා දුන් තැන් සිට පෝරුවෙ පැවැත එන බවට වෙනත් මතයක් ඇති අතර සිද්ධාර්ථ කුමාරයාගේ හා යශෝධරා කුමරියගේ විවාහ මංගල්‍යයේ පටන් පෝරුව පැවැත එන බවටද තවත් මතයක් පවතී. මේ බව පහත කවියෙන්ද තහවුරු වෙයි.
එදා සිදුහත් කුමරු හට බිම්බා
කුමාරිය සරණ පා වා
උදාරව දෙනු ලැබු සුබ කරකාර
මඟුලෙදි මන පබෝ වා
මුදාහල ලෙස යුවළගේ පා
මඟුල් පෝරුව මතයි බෝ වා
මෙදා පින්බර මෙනව යුවළක්
මඟුල් පෝරුව මත නඟී වා
පෝරුව යන වචනය අරුත් දක්වන කල පොළොවට මඳක් උස්ව සකස් කරන ලද පුවරුව යන අදහස දැක්විය හැකි අතර ඊට වෙනස් මතද මේ සඳහා නොයෙකුත් ප¾ඩිවරයන් විසින් ඉදිරිපත් කර තිබේ. පුරාණ චාරිත්‍ර අනුව පෝරුමස්ථකාරූඪ කරන්නේ කන්‍යාවියන් පමණි. ඒ අනුව මනාලියගේ පාරිශුද්ධතාව හිත මිත්‍ර ඥාතීන් ප්‍රමුඛ ලොවට පෙන්වීමද මෙහි මූලික අරමුණකි. පෝරු මස්තකයේදී ඉටුකළ යුතු චාරිත්‍ර ගණනාවක් ඇත. අනුපිළිවෙළින් එම කාරණා පහත දැක්වෙයි.
• පෝරු මස්තකාරූඪ වීම
• සතර වරම් දෙවියන් උදෙසා පහන් දැල්වීම
• ත්‍රිවිධ රත්නය නමස්කාරය
• දලු මුර පිදීම
• භූම දිව්‍ය රාජෝත්තමයන්ගෙන් අවසර ලබා ගැනීම
• තැල්ල හා පිළි ඇන්දවීම
• අත් කවුතුක බැඳීම
• පැන් වැඩීම
• ජය මංගල ගී ගායනය
• හඟල හුරුලු පිදීම
• බුලත් හුරුලු ගෙන නව ජයම්පතින්ට සුබ පැතීම
• කිරිකඩ හේලය පිදීම
• දෑවැද්ද දීම
• පෝරුවෙන් බැස්සවීම
අද සමාජය තුළ අලුතින් පෝරුවක් පිළියෙල කිරීමට විශාල මුදලක් වැය වෙයි. ඊට හේතුව ගොක්කොළ පෝරු නිර්මාණය කිරීම ව්‍යාපාරයක් බවට පත්වී ඇති නිසාය. පැරැණි කාලයේ නම් ගමේ කිහිපදෙනෙක් එක් වී පෝරුවක් පිළියෙල කරන අතර ආහාරපානවලින් සංග්‍රහ කිරීම පමණක් එම අයට හොඳට සෑහෙනු ඇත. පෝරු පිළියෙල කිරීමට සෑම ගමකම පාහේ හැකියාවක් ඇති අය සිටි අතර මේ සඳහා මැදිහත් වන්නේ පිරිමි අය පමණි. අනිත් කෙනාට වඩා විචිත්‍ර ආකාරයෙන් පෝරු පිළියෙල කිරීම ඔවුහු සැලකුවේ විනෝදාංශයක් වශයෙනි. නමුත් පෝරුවේ ඇති ගුණාත්මක භාවය ආරක්‍ෂා කිරීමට ඔවුන් සෑම විටම කටයුතු කළේය. නැතහොත් පෝරුවට නඟින මනාල යුවළට මෙන්ම පෝරුව පිළියෙල කරන උදවියට පවා ‍ෙදාස් ඇතිවන බව ඔවුන්ගේ විශ්වාසය විය. නමුත් අද සමාජය තුළ එම කටයුතු නොමිලේ සිදුකිරීම ප්‍රායෝගික කරුණක් නොවේ. මුදල් මත සියල්ල තීරණය වන කාලයක් බැවින් අඩු තරමට රුපියල් තිස් හතළිස් දාහක් නොමැතිව අලුත් පෝරුවක් පිළියෙල කිරීමට අපහසුය. එබැවින් බොහෝදෙනා අඩු ගාණට කුලියට පෝරුවක් මිලදී ගනු ඇත. නමුත් වෙනත් කටයුතුවලට එනම් මනාලිය හැඩගැන්වීමට ඇඳුම්වලට මත්පැන්වලට සාජ්ජවලට ඇල්බම් පින්තූර වීඩියෝවලට වියදම් කරන මුදල් ප්‍රමාණය අතිවිශාලය.
කෙනකු පාවිච්චි කළ මඟුල් පෝරුවක් තවත් අයෙක් පාවිච්චි කිරීම වස් ‍ෙදාස් ඇතිවන කරුණකි. රාමාචාර්ය, ශ්‍රී කේශව, නාරද වැනි පැරැණි ජේ‍යාතිෂ ප¾ඩිවරයන් මඟුල් පෝරුව සම්බන්ධයෙන් නොයෙකුත් කරුණු විස්තර ඉදිරිපත් කර ඇති බව පැරැණි මූල ග්‍රන්ථ ආශ්‍රයෙන් දක්නට පුළුවන. ජේ‍යාතිෂයට අනුව මඟුල් පෝරුව වස් ‍ෙදාස් පහවීම සඳහා පිළියෙල කරන්නක් වන අතර මඟුල් පෝරුව ගෙයි වම්පස පිළියෙල කළයුතු බවත් එය උසින් එක් රියනකි. වට ප්‍රමාණය සිවු රියනක් විය යුතුය. මීට වෙනස් මතයක් නම් පෝරුවේ දිග වඩු රියන් 16කුත් පළල වඩු රියන් 15කුත් විය යුතු බවයි. නමුත් මෙය ප්‍රායෝගික නොවේ. මෙහි සඳහන් වී ඇති රියන වඩු රියන වන අතර වඩු රියනක් යනු අඟල් 31ක ප්‍රමාණයකි. අඟල් 24ක් වඩු රියනක් වශයෙන් සලකන්නෝද සිටිති. මෙම කොයි ක්‍රමයට ගත්තද රියන් 16ක් දිග 15ක් පළල පෝරුවක් පිළියෙල කිරීම ප්‍රායෝගික නොවේ. ‍ෙදාරටු 3ක් ඇති පෝරුව අප සමාජය තුළ භාවිත කළද මේ පිළිබඳවද විපරීත අදහස් පැරැණි ග්‍රන්ථවල සටහන් වී ඇති නමුත් ‍ෙදාරටු 3 පෝරුව මඟින් මාර්ග 2කින් පැමිණෙන දෙදෙනෙක් එක්ව එක මාර්ගයකින් ඉදිරියට ගමන් කිරීමක් අර්ථවත් වන බැවින් ‍ෙදාරටු 3 පෝරුව නිවැරැදි බව බහුතර මතයයි. පෝරුව සෑදීමට ගන්නා ලෑලි කිරි ගසක ලෑලි විය යුතුය. එක් යුවළක් නැග්ග පෝරුවක තවත් යුවළක් නැංවීම අසුබයි. එවැනි පෝරුවක් ගන්නේ නම් අඩු වශයෙන් අලුතෙන් කිරි ගසක ලෑල්ලක්වත් සවිකළ යුතුය.
අලුතින් සකස් කරගත් පෝරුවට අලුත් පැදුරක් එළනු ලැබේ. පුරාණයේ මඟුල් පෝරු සැකසීමට පෙර ගෙබිම පැදුරක් එළා ඒ මත පෝරුවේ චාරිත්‍ර පැවැත්වූ බව සඳහන් වේ. ඒ නිසා එදා සිට අද දක්වාම පෝරුවට පැදුරක් අවශ්‍යම දෙයක්ව ඇත.
පැදුර මත සුදු රෙද්දක් එළනු ලැබේ. ඒ සඳහා රෙදි යාර 2 හෙවත් හතර රියන් ගනු නොලැබේ. අඩුම වශයෙන් රෙදි යාර 2 1/4වත් ගත යුතුව ඇත. පැදුර මත එළන සුදු රෙද්දට සහල්, බුලත්, පඬුරු, පොරි, කපුරු, වී, කපු ඇට, එළ අඹ, තල, මුං සහ මල් සුවඳ ක්‍රමවත්ව තබා ගන්නා අතර එයින් සශ්‍රීකවත්භාවය පෙන්නුම් කරයි.
එම පෝරුවෙහි ත්‍රිවිධ රත්නයට බුලත් අත් 3ක් ඒ මත පඬුරු තබනු ලැබේ. බුලත් කොළ 9 රවුමට තබා ඒ මත අලුත් සහල් සේරු 1/2ක් පමණ තබා පොල් ගෙඩියක්ද තබනු ලැබේ. කොන් දෙකෙහිම මෙවැනි දෙකක් පිළියෙල කරනු ලැබේ. එමඟින් බුදු ගුණ 9ත්, ඉරහඳ සංකේතවත් කරනු ලැබේ. මීට අමතරව බුලත් කොළ 2ක් සහ පඬුර බැගින් 9ක් තබනු ලැබේ. එමඟින් රවි, චන්ද්‍ර, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු, රාහු සහ කේතු යන නවග්‍රහයන් සංකේතවත් කරයි. එමෙන්ම පෝරුව හතර කොනෙහි පුන්කලස් තබා ඒ මත පොල් මල්, හාල්, පඬුරු දමා බුලත් කොළ දෙක බැගින් තබා මැටි පහන් හතරක් තබනු ලැබේ. එමඟින් හතරවරම් දෙවියන්ගේ ආශීර්වාදය බලාපොරොත්තු වෙයි. මෙවැනි පෝරුවක් මඟින් සෞභාග්‍යද ආරක්‍ෂාවද යන සියලු කාරණා පිළිබිබු කරයි.
මඟුල් පෝරුවේ පඩි ගණන ඔත්තේ සංඛ්‍යාවක් විය යුතු බව සමාජය තුළ මතයක් ඇති නමුත් ඒ පිළිබඳ විස්තර මූලාශ්‍ර ග්‍රන්ථවල දක්නට නැත. මඟුල් පෝරුව පුන්කලස් හා හංස, ගිරා වැනි පක්‍ෂීන්ගේ රූපවලින්ද අලංකාර විය යුතු බව රාමාචාර්යයන් විසින් ප්‍රකාශ කොට ඇත. විවාහයට කලින් යෙදෙන තුන්වැනි, හය වැනි, නව වැනි දිනවලදී මඟුල් පෝරුව නොසෑදිය යුතුයි.
මඟුල් දිනයට පසු යෙදෙන පස්වැනි දිනයේ හෝ හත්වැනි දිනයේ මඟුල් පෝරුව කඩා දැමිය යුතුය. මෙම කටයුතු කිරීමට සුබ මුහුර්ත තිබිය යුතු අතර නැකැත් පත්‍රය පිළියෙල කරන ජේ‍යාතිෂවේදී මහතා විසින් එම නැකැත් මංගල නැකැත් පත්‍රයේ සටහන් කළ යුතුයි. එසේ සටහන් කර නොමැති නම් ඔබ විසින් ඔබගේ පවුලේ ජේ‍යාතිෂවේදී මහතාට එය මතක් කළ යුතුයි. කිමද බහුතර දෙනා මෙම චාරිත්‍ර නොකරන බැවින් ඔහු විසින් මෙම නැකැත් භාවිත නොකරන්නේ දැයි සිතා පිළියෙල නොකර සිටීමට පුළුවනි.
වස් ‍ෙදාස් පහවීම සඳහා පොල් බිඳීම පුන්කලස් බිඳීම තරමටම පෝරුව කඩා බිඳ දැමීමද ඉතා වැදගත් වූ කරුණකි. වෙන කෙනෙක් පාවිච්චි කළ පෝරුවක් භාවිත කිරීමෙන් පමණක් නොව පෝරුව ඉදිකරන පැත්ත දිශාව, උස, පළල, දිග, හැඩය නිසාද වස් ‍ෙදාස් ඇතිවේ. පයට නෙලුම් මල් නෙලුම් පෙති යෙදීමද අසුබයි.
පෝරුවට නැඟීමට පෙර මඟුල් ජෝඩු ආරක්‍ෂාවක් පැලැඳ සිටීම පැරැණි කාලයේ සිදුකරන නමුත් අද සමාජය තුළ අනුන්ට වින කැටීම තරමක් දුරට අඩු වී ඇති බැවින් නගරබද සමාජය තුළ මෙම මඟුල් ජෝඩු ආරක්‍ෂා නොකරන මුත් තවම ගැමි සමාජය තුළ මෙම සිරිත් විරිත් සුලබ අයුරින් සිදුවෙයි.
නගරබද සමාජයට වඩා ගැමි සමාජය තුළ විවාහ දික්කසාද වීම් අඩු වී ඇත්තේද ඔවුන් තුළ තවමත් අපේකමට සලකන නිසාය. පවුලක් විදියට එකතු වී චාරිත්‍ර සිදුකිරීමෙන් අප සිංහල සිරිත් විරිත් ආරක්‍ෂා වෙනවා පමණක් නොව සහජීවනයෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති වනු ඇත.
සියල්ල මිථ්‍යා හනමිටි අදහස් ලෙස ඉවත නොදමා අපේකමට ගරු කරමින් අපේකම ආරක්‍ෂා කිරීම මතු පරපුරට සිදුකරන ඉමහත් සේවාවකි. සියල්ල විද්‍යාත්මක පදනමක් මත විග්‍රහ කිරීමට නොහැකි නමුත් මෙම චාරිත්‍රවල ඇතුළාන්ත පවුල් ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය ඉතාමත් වැදගත් විද්‍යාත්මක පදනමක් අන්තර්ගත වී ඇත.
Mawbima--
සති අන්ත වල කුණ්ඩලිණි චක්‍ර උද්විපනය සහ අධිමානසික භාවනා සදහා සම්බන්ද වෙනවානම් අමතන්න 071 071 8323 එය සම්පුර්ණයෙන් නොමිලේ කරගෙන යන ක්‍රියා වලියක් බව මිතුරන් අතරේ හුවමාරු කරගන්න !
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කුලියට ගන්නා මඟුල් පෝරු නිසා වස් වදිනවාද Rating: 5 Reviewed By: Unknown