සංචාරයේ යෙදෙන ඔබට සුන්දර මතකයන් ගණනාවක් එක්කරන පට්ටිපොළ
“පට්ටිපොළ” යන නාමය ඇසුණ විගසින් අප සැමදෙනාටම එක්වරටම මතක් වෙන්නේ ලංකාවේ උසම ස්ථානයේ පිහිටි දුම්රියපොළ බවයි.
නුවරඑළියට ආසන්නතම දුම්රිය ස්ථානය නානුඔය දුම්රිය ස්ථානයයි. ඊට පසුව හෝර්ටන් තැන්න පෙනෙමින් අඹ්වෛල පසුකර දැන් කිරිගල්‍පොත්ත සහ කොටපල කන්ද යන උස් කඳුවැටි මායිම් කරගෙන තියුණු නැග්මක් සහිතව කුඩා තැනිතලා බිමක පිහිටා තිබෙන මෙම දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට උස අඩි 6204කි. මීටර්වලින් නම් මීටර් 1891කි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 140කි. කිලෝ මීටර්වලින් නම් කි.මී. 223කි. උදේ 5.55ට බදුල්ල බලා පිටත් යන දුම්රිය පට්ටිපොළට ළඟා වන්නේ පස්වරු 1.30ට පමණය.
මෙයින් වසර 157කට පෙර 1858 අගෝස්තු මස 23 වනදා දුම්රිය මාර්ගය තැනීම සඳහා මංගල පස් පිඩැල්ල කපන ලදී. මංගල පස් පිඩැල්ල කපන ලද්දේ එවකට ලංකාවේ ආණ්ඩුකාරව උන් ශ්‍රීමත් හෙන්රි වෝඩ් මහතා විසිනි. මේ ආකාරයට දුම්රිය මාර්ගය තැනීම ආරම්භ කෙරිණ.
මෙම භාරදූර කාර්යය දක්ෂ ඉංජිනේරුවරයෙකු වූ පී.එල්. මොල්ස්වත් මහතා වෙත පැවරුණි. දුම්රිය මාර්ග තැනීමේ මනා පළපුරුද්දක් තිබුණ පේරඩික් ෆේවිල් මහතා මෙම කොන්ත්‍රාත්තුව බාරගත්තේය. තවත් ඉංජිනේරුවරුන් රැසක් සමග එංගලන්තයෙන් නැව් නැගුණු ප්‍රේඩික් ෆේවිල් මහතා බොම්බායට පැමිණ පළපුරුදු කම්කරුවන් දාහක් පමණ එක්කරගෙන මෙරටට පැමිණියේය. මෙම කම්කරුවන් බොහෝ දෙනෙකු හට බෝරගසා කළුගල් කැඩීමේ මනා පළපුරුද්දක් තිබුණි.
1864 අගෝස්තු මාසය වන විට කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය මාර්ගය තනා නිමකිරීමට හැකිවිය. 1864 ජනවාරි මාසයේදී මුල්ම වාෂ්ප දුම්රිය එන්ජිම ලංකාවට ගෙන්වන ලදී. මුල්ම රාජකීය මෙන්ම මංගල දුම්රිය ගමන 1864 දෙසැම්බර් මස 27 කොළඹ කොටුව සිට මහර (දැන් රාගම) හෙනරත්ගොඩ (දැන් ගම්පහ) පසුකරමින් අඹේපුස්ස දක්වා ගමන් ගත්තේය.
වර්තමානයේදී මෙන් තාක්ෂණය නොදියුණු සමයකදී මේ මාර්ගය මිනුම් කටයුතු කරමින් පිඹුරුපත් තැනීම මහා විස්මයජනක කාර්යයක් බව උඩරට දුම්රියෙන් ගමන් කරන ඔබට සිතාගත හැක. එක් කන්දකින් තවත් කන්දක් වෙත පාලම් තැනීමෙන්ද ගල් කඳු විදිමින් බිම් ගෙවල් තැනීමෙන්ද විශාල පර්වත ඉංග්‍රීසි ඹ් හැඩයට කපා ඒ මත දුම්රිය මාර්ග පීලි එලීමෙන්ද සිදුකළ එකී විස්මිත ක්‍රියාවලිය අද දකින දර්ශනවලින් ඔබට අවබෝධ කරගත හැක.
1867 අප්‍රේල් වන විට මහනුවර දක්වා දුම්රිය ගමන් මග සාදා නිමකරන ලදී. රඹුක්කන දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට උස මීටර් 88කි. කඩුගන්නාව දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 515කි. රඹුක්කන සිට කඩුගන්නාවට දුර කි. මීටර් 21කි. මෙම කි.මී. 21 තුළ නැග්ම සිතා බලන්න. රඹුක්කන සිට කඩුගන්නාව දක්වා බිම්ගෙවල් සංඛ්‍යාව 12කි. දිග අනුව දෙවන හා හතරවන බිම්ගෙවල් මෙම නැග්ම තුළ පිහිටා ඇත. මින්ගල්ල බිංගෙය දිගින් අඩි 1364ක් වන අතර මොරගල්ල බිංගෙය දිගින් අඩි 1049කි. ගම්‍පොළටද ඊට පසුව නාවලපිටිය දක්වාද දුම්රිය මාර්ගය ඉදිකරන ලදී. දොළොස්බාගේ කඳුවැටිය ආසන්නයෙන් මෙම මාර්ගය තනා තිබේ. හැටන් දුම්රිය ස්ථානය පසුකර ගමන් ගන්නා විට ලංකාවේ දිගම බිම්ගෙය වන “සිංගිමලේ” බිම්ගෙය මුණගැසේ. එම බිම්ගෙය දිගින් අඩි 1835කි. මෙය කොළඹ කොටුව සිට උඩරට මාර්ගයේ 14 වන බිම්ගෙය වේ. මෙම බිම්ගෙයි කැණීම් කටයුතු බොහොයක්ම ඉන්දියානු ජාතික කම්කරුවන් විසින් කරන ලද බවත් එම බිම්ගෙය තුළ ඒ අයගේ නම් හා දිනයන්ද බිම්ගෙයි බිත්ති මත කොටා ඇත.
අඩි 7264ක් උසැති දැවැන්ත ග්‍රේට් වෙස්ටර්න් කඳු පාමුලින් පෙර කී පරිදි ඉංග්‍රීසි ‘ඹ්’ හැඩය මත දුම්රිය පාර තනා ඇත. නානුඔය සහ අඹේවල දුම්රිය ස්ථානවලට පසුව එළැඹෙන්නේ පට්ටිපොළයි. පට්ටිපොළ වැඩි ජනගහනයක් නොමැති නගරයකි. දුම්රියෙන් පැමිණෙන බොහෝ දේශීය හා විදේශීය සංචාරකයන් පට්ටිපොළින් බැස හෝර්ටන්තැන්න හා ලෝකාන්තය නැරඹීමට යනු ලැබේ. රමණීය බේකර්ස් ඇල්ලත් නරඹා දිනකට හෝ දෙකකට පසුව නැවත පට්ටිපොළට පැමිණෙනු දැකගත හැකිය.
පට්ටිපොළ දේශගුණික තත්ත්වය විටින් විට වෙනස්වන සුලුය. අප පට්ටිපොළ දුම්රියපොළ ආසන්නයේ නවාතැන් ගත් හෙයින් මෙම තත්ත්වය මැනවින් අවබෝධ කරගත හැකි වූයේය. උදේට නැගිටින විට ඝන මීදුම මීටර් දෙක තුනක් ඉදිරියෙන් සිටි තැනැත්තා වුව නොපෙනන තරම්ය. නිතරම උදේ වරුව සිහින් පොද සහිතය. එය වැස්සක්ද නොවේ. ශ්‍රීපාද කඳු මුදුනට ඉර පායන විට දැකිය හැකි සුන්දරත්වය පට්ටිපොළදී දැකගන්නට හැකිවේ. මෙය ඉතා උස් ස්ථානයක් හෙයින් නුවරඑළියට හා හෝටර්න් තැන්න දෙදිසාවට ගමන් ගන්නා මාර්ග දෙකම තද පල්ලම් සහිත ඒවාය. කොළඹ සිට පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රිය ගැල් 13කින් පමණ සමන්විත වේ. අනෙක් දුම්රිය වෙත නොමැති නිදන මැදිරි සහිත මැදිරි ද තැපැල් සේවය සඳහා වෙන්වුණ එක් මැදිරියක්ද එහි වේ. නාවලපිටියේදී මෙම දුම්රියට තවත් එන්ජිමක් පිටුපසින් එක් කරනු ලැබේ. ඉදිරියෙන් ගමන් ගන්නා එන්ජිම දුම්රිය ඉදිරියට ඇදගෙන යන අතර පසුපසින් ඇති එන්ජිම දුම්රිය තල්ලු කරමින් ගමන් ගන්නේය. මෙම දුම්රිය පට්ටිපොළ දුම්රිය ස්ථානයට ළඟා වන්නේ අලුයම 3.00ට පමණය. අවදියෙන් උන් අපි එහි තිබුණ උෂ්ණත්ව මාපකයේ උෂ්ණත්වය දෙස බැලුවෙමු. එහි සටහන් වූයේ සෙල්සියස් අංශක 4ක් බවයි. දිනය 2015 ජනවාරි 24 දායි. එදින උදේ 7.30 වන විට උෂ්ණත්වය අංශක 9ට නැග තිබුණි.
නාවලපිටිය දුම්රිය ස්ථානය මුහුදු මට්ටුමේ සිට උස අඩි 1913කි. මීටර්වලින් මීටර් 583කි. පට්ටිපොළ දුම්රිය ස්ථානය පිහිටියේ මුහුදු මට්ටමේ සිට උස අඩි 6204ක උසකිනි. මීටර්වලින් නම් මීටර් 1891කි. නාවලපිටියේ සිට පට්ටිපොළ දක්වා දුර ප්‍රමාණය කිලෝ මීටර් 83කි. මෙම දුර ප්‍රමාණය තුළ මීටර් 1314ක නැග්මකි. එක් කන්දකින් තවත් කන්දකට මාරු වෙමින් පාලම් සහ බෝක්කු උඩින්ද බිම්ගෙවල් තුළින්ද ගමන් කරනු ලබන මෙම මාර්ගය විස්මයජනක නිර්මාණයක් බව පවසමි. දුම්රිය ගමන් මගේ එක් ස්ථානයකදී දුම්රිය පසුකර ආ මාර්ගයේ පහළින් ඇති ස්ථාන දෙකක් මැනවින් පෙනේ.
පෙර කියනු ලැබූ උෂ්ණත්ව මාපක වෙනත් දුම්රිය ස්ථානවල තිබෙනවා මා දැක නැත. එහෙත් පට්ටිපොළදී නම් එළිමහනේ ‘ටර්පන්ටයින්’ ගසක සවිකර තිබෙන මෙම උෂ්ණත්ව මාපකය මැනවින් පෙනේ.
ලංකාවේ උසින්ම පිහිටි ‘සැමෝපා’ සංඥා කුලුන මෙහිවේ. එම කුලුන පසුකරගෙන ඔහිය දෙසට ගමන් කරන විට මෙම දුම්රිය මගෙහි උසම ස්ථානයට ඔබට ළඟාවිය හැකිය. එය ‘සමිට් ලෙවල්’ යනුවෙන් නම් කර ඇත. කොළඹ කොටුව සිට කිලෝ මීටර් 224ක් දුරින් මෙම ස්ථානය පිහිටා ඇති අතර උස මුහුදු මට්ටමේ සිට අඩි 6228කි. මීටර්වලින් නම් 1898.1කි. මෙම ස්ථානයේදී හෝර්ටන් තැන්න වෙත ගමන් ගන්නා වාහන දැකිය හැකිවන අතර එයද මනස්කාන්ත දර්ශනයකි.
දුම්රිය මගෙහි උසම ස්ථානය පසුකරමින් තවත් ටික දුරක් රේල් පාරේම ගමන් කරන විට ලංකාවේ උසම ස්ථානයේ පිහිටා තිබෙන බිම්ගෙය දැකිය හැක. එය නමින් අංක 18 පට්ටිපොළ බිම්ගෙයයි. දිග අඩි 1054කි. දිගින් තුන්වන ස්ථානය ලබා ගන්නා මෙම බිම්ගෙය විශේෂිත වූ එකකි. මෙම දුම්රිය මග තනන කාලය වන විට බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් බිම්ගෙවල් 17ක් සාර්ථකව කපා නිම කර තිබුණද මෙම බිම්ගෙය තැනීමේදී විශාල දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය. පට්ටිපොළ දිසාවේ සිට ඔබ මෙම බිම්ගෙයට ඇතුළු වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. ඔබ එම බිම්ගෙයින් පිටවන්නේ වෙනමම දේශගුණයක් සහිත ඌව පළාතටය. සමන්දෙවි හාමුදුරුවන්ගේ අඩවියේ සිට කතරගම දෙවි හාමුදුරුවන්ගේ අඩවිය යා කරන මෙම බිම්ගෙය සාදා නිමකරන්න දුෂ්කරතා මතුවූ විට පැරැන්නන් විසින් විශේෂ දේව පූජාවක් පවත්වා කුඩා පන්සලක් තනා පින්කම් කර භාරහාර වූවාට පසුව මෙම බිම්ගෙය සාදා නිම කිරීමට හැකි වූ බව වයස්ගත දුම්රිය සේවක මහතෙකු මා සමග පැවැසුවේය.
මුල් කාලයේදී දුම්රියෙන් ගමන් ගත් මගීන් කීප දෙනකුම මෙම බිංගෙය තුළදී දුම්රියෙන් ඇද වැටී හෝ බිම්ගෙයි බිත්තිවල හැපී හෝ මියගොස් ඇත.
පට්ටිපොළ බිම්ගෙයින් එළියට පැමිණි විට වැලිමඩ සානුව මනාලෙස දැකගත හැක. හෝර්ටන් තැන්න හා අඩි 5500කට උසින් වැඩෙන වෘක්ෂලතාදිය මල් වර්ගද දැන් හමුවන්නේ හෝ පෙනෙන්නේ නැත. අපි එම කුඩා පන්සල වඳින්නටද අමතක කළේ නැත. කුඩා කඳු ගැටයක් මත පිහිටා තිබෙන මෙම පන්සල වෙත ගිය විට රේල් පාරට නුදුරින් කාමර දහයක ගොඩනැගිල්ලක් දකින්නට හැක. කුමක් සඳහා මෙම ගොඩනැගිල්ල තැනුවේද එය අත්හැර තිබෙන්නේ ඇයිද යන ප්‍රශ්නවලට උත්තර සොයාගන්නට නොහැක.
පට්ටිපොළ දුම්රිය ස්ථානයේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. ඔබට ටික වේලාවක් විවේක ගෙන නැවතත් ගමන් ආරම්භ කළ හැක. පට්ටිපොළ ඇත්ත වශයෙන්ම දුෂ්කර ගම්මානයකි. ජනගහනයද අල්පය. සිල්ලර කඩ තුන හතරක්, එක් හෝටලයක්, නිවාස කිහිපයක් පමණක් ඇත. හවස පහ හය වන විට මෙම පුංචි ටවුම ජනශුන්‍ය බවට පත්වේ. අව්ව පෑව්වත් ඔවුන් තමන්ගේ හිස් වැසුම් හෝ උණුසුමට අඳින කබා ඉවත් කරන්නේද නැත. ප්‍රදේශයටම ආවේනික වූ වඳුරු හා රිළා රංචු පිටින් දැක ගත හැකිය. ගෝන්නු සිටියද අපට නම් මුණගැසුණේ නැත.
පට්ටිපොළට දුම්රියෙන්ම පැමිණෙන්නේ නම් බොහෝ නයනකාන්ත දර්ශන රාශියක් දැකබලාගත හැකි වේ. දුම්රිය ස්ථානාධිපති කාර්යාලය අසලට වී ආහාර වේලක් ගතහොත් එය ලංකාවේ එක් උස ස්ථානයක සිට රසවිඳි ආහාර වේලක් බවට බොහෝ කල් මතකයේ රැඳෙනු ඇත. එසේම සංචාරකයන් සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් තිබුණද දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ අදහස් උදහස් සටහන් කිරීමට ලේඛනයක් නොමැති බව මෙහිලා සඳහන් කරමි.
පට්ට සීතලේ ගැහි ගැහී කුට්ටි කිරීමට හැකි තරම් මීදුම සහිත පට්ටිපොළ ගැන නැවතත් ඔබට ලියන්න මට වරම් ලැබේවා.
මෙම කරුණු සොයන්න යෑමේදී උපකාරී වූ 1963/65 ආදි නාලන්දීය සංගමයේ ආදි සිසුන්ට, විශ්‍රාමික රේගු අධිකාරී ඩබ්.ආර්. විජේරත්න මහතාට මෙන්ම සමීර සඳරුවන් පට්ටිපොළ දුම්රිය ස්ථානාධිපතිවරයාටද මාගේ ස්තූතිය පිරිනමමි.
(ඩෝල්ටන් වක්වැල්ල)

0 comments:
Post a Comment