728x90 AdSpace

Latest News
Sunday 9 August 2015

බුදුහු ශ්‍රේෂ්ඨතම වෙති

පුරාණ ලෝකයේ ජීවත්වූ දාර්ශනිකන් අතර ගෞතම බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන බව බීබීසී රුපවාහිනිය බ්‍රිතාන්‍යයේ විවෘත විශ්ව විද්‍යාලය සමඟ එක්ව නිෂ්පාදනය කර ඇති අලුත් වාර්තා වැඩසටහන් මාලාවක් මඟින් පෙන්වාදී ඇත.
අගෝස්තු 4 සවස බීබීසී නාලිකා 4 මඟින් විකාශනය කෙරෙන මෙම වැඩසටහන් මාලාවෙන් ක්‍රිස්තු පුර්ව 6 වන සහ 5 වන සියවස් අතර ලෝකයේ ජීවත්වූ දාර්ශනිකයින් තිදෙනෙකු පිළිබඳව සවිස්තරාත්මක සාකච්ජාවක් ඉදිරිපත් කරයි. බුදුන් වහන්සේට අමතරව ක්‍රිස්තු පුර්ව 399 සිට 470 දක්වා ග්‍රීසියේ ජීවත්වූ සොක්‍රටීස් පඬිවරයා සහ ක්‍රිස්තු පුර්ව 477 සිට 551 දක්වා චීනයේ ජීවත්වූ ගුරුවරයකු සහ දාර්ශනිකයකු වූ කොන්පියුසියස් යන දෙදෙනාගේ දර්ශනයන් පිළිබඳවද මෙම වැඩසටහන් මඟින් තොරතුරු ඉදිරිපත් කර ඇත.
වැඩසටහන ඉදිරිපත් කරන්නේ බ්‍රිතාන්‍ය ඉතිහාසඥයකු වන බෙටනි හියුස් විසිනි.
ක්‍රිස්තු පුර්ව 6 වන සහ 5 වන සියවස් අතර ලෝකයේ ප්‍රචලිතව පැවති අද්භූත මිත්‍යා විශ්වාස වෙනුවට තර්කාන්විත සංකල්පනා ඉදිරිපත් කළ දැවැන්ත පුරෝගාමීන් ලෙස පිළිගැනෙන මේ තිදෙනාගේම ආනුභාවය සහ ඔවුන්ගෙන් මිනිස් සමාජයට ලැබුණ ආභාෂය එදා සිට වර්තමානය දක්වාම නොඅඩුව නොවෙනස්ව නොනැසී පැවතීම ඔවුන් කියාදුන් දර්ශනයන්ගේ බලය පෙන්වන්නක් බවද එමඟින් ප්‍රචලිතවූ අපූර්ව බුද්ධිමය ප්‍රවර්ධනය වර්තමානය දක්වාම පැවතීමට තරම් ප්‍රබල වූ බව මෙම වැඩසටහන් මඟින් පෙන්වා දී ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: බුදුහු ශ්‍රේෂ්ඨතම වෙති Rating: 5 Reviewed By: Unknown