මවුපියන්ට
තම දරුවා මහාර්ඝ වස්තුවකි. දරුවා සාර්ථක මිනිසකු ලෙස සමාජයට දායාද කිරීමට
ඔවුන් සිහින මවයි. මේ නිසාම කුඩා දරුවකු උස් මහත් කරන මවුපියන් තුළ
බලාපොරොත්තු රැසකි. එම බලාපොරොත්තු එකින් එක ඉටුකර ගැනීමට උත්සාහ දරන
මවුපියන්ගේ මූලික අරමුණක් වන්නේ තම දරුවාට නිසි අධ්‍යාපනයක් ලබා දීමයි.
එවන් අරමුණක් ඇතිව දරුවා පෙර පාසලකට එවන මවුපියන්ගේ බලාපොරොත්තු කඩ නොකිරීම
පෙර පාසල් ගුරුවරියක වන ඔබගේ වගකීමයි.
පරිණතිය හා ඉගෙනුම ළමා වර්ධනය ප‍්‍රධාන කි‍්‍රයාවලීන් දෙකක් ඔස්සේ සිදුවන බව මනෝවිද්‍යාඥයන් පෙන්වා දී ඇත. මින් එකක් නම් අභ්‍යන්තරික ඉන්ද්‍රියයන්ගේ මේරීම තුළින් ඇති වන පරිණතියයි. එනම් වයස මුහුකුරා යාමත් සමඟ ළමා චර්යාවන්හි ඇතිවන වෙනස්කමයි.උදාහරණ වශයෙන් දරුවකු බඩගෑම, දණගෑම, යමක් අල්ලාගෙන ඇවිදීම, තනිව ඇවිදීම වැනි කි‍්‍රයා පරිණතිය අනුව සිදුවන දේය. උපන් හැටියේ බිළිඳකු ඇවිද්දවන්ට කිසිවෙකුත් උත්සාහ ගන්නේ නැත. මාස 6ක දරුවකු දුවවන්ට කිසිවෙකු තැත් කරන්නේ නැත. මන්ද? ඔහුගේ අභ්‍යන්තරික ඉන්ද්‍රියයන් පරිණතියට පත්ව නැති බව කවුරුත් දන්නා නිසාය. එම කි‍්‍රයාවන් සඳහා ළමයකුට ප‍්‍රමාණවත් සූදානමක් අවශ්‍ය වේ. අනෙක් අතට කායිකව වර්ධනය වී ඇති ළමයකුට වුව ද, නිසි පුහුණුවක් නොලැබුණහොත්, ඉගෙනීමක් නොලද හොත්, බයිසිකල් පැදීමට හෝ බෝල පිත්තකින් ගැසීම හෝ අකුරු ලිවීමට හෝ නොහැකිය. මේවා අත්දැකීම් තුළින් හෙවත් ඉගෙනීම තුළින් වර්ධනය කරගත යුතුය. මේ ඉගෙනුම, මාපියන් මැදිහත් වී උත්තේජන සැපයීමෙන්, එනම් සෙල්ලම් බඩු දීම පත පොත ලබාදීම අනෙක් ළමුන් හා කී‍්‍රඩාවට ඉඩකඩ දීම පරිසරය නැරඹීමට සැලසීම සමාජ සබඳතාවලට අවස්ථාව සැලස්වීම වැනි අත්දැකීම් ආදියෙන් ලැබිය හැකිය. ඉගෙනුම, වයස මුහුකුරා යාමත් සමඟ ඉබේ ඇතිවන්නක් නොවේ. පරිණතිය හා ඉගෙනුම යන අංශ දෙකම පුද්ගල වර්ධනයේ හා හැසිරීමේ සාධක දෙකක් බව දැන් අපි දනිමු. එහෙත් ඒ අංශ දෙක අතර වෙනස්කම් බොහෝවිට වෙන්කොට හඳුනා ගැනීම අසීරු විය හැකිය. සරළ කායික කි‍්‍රයා පරිණතිය අනුවම සිදුවේ. බිළිඳු අවධියේ, විශේෂ පුහුණුවකින් තොරව ම සරළ කායික කි‍්‍රයා පරිණතය අනුවම සිදුවේ. බිලිදු අවධීයේ, විශේෂ පුහුණුවකින් තොරවම ඔහුගේ හෝ ඇයගේ චර්යාවන්හි වෙනසක් ඇතිවේ. මුනින් පෙරළීම, බඩ ගෑම, දණ ගෑම, අවිදීම ආදි වශයෙන් වූ කාර්යයනට, පෝෂණය, සෞඛ්‍යය ආදියේ යම් බලපෑමක් ඇතත්, ඒ කාර්ය, පුහුණුව මගින් වේගවත් කළ නොහැකි බව සතුන් හා ළමුන් ගෙන් කළ පර්යෙෂණ මගින් සනාථ වී ඇත.
කෲස් පර්යේෂණ අනුව
1. ළාබාල ඉස්ගෙඩියන් සමූහයකට පිහිනීමට හුරුවීමට පෙර පුහුණුවක් ලබා දුණි. එක්තරා පරිණත අවස්ථාවකට එළඹෙනතෙක් එම පුහුණුව ඵළදායී නොවන බව පැහැදිලි විය.
2. එක්තරා කුකුළු පැටවුන් කණ්ඩායමකට බිජුවටින් පිටතට පැමිණි මෙහොතේ පටන්ම ආහාරවලට කොටා කෑමට පුහුණුවක් ලබා දුණි. තව පැටවුන් කණ්ඩායමකට දින 4 කින් පසුව එම පුහුණුව ලබා දුණි. අවසානයේ දී, දෙවැනි කණ්ඩායමට දුන් පුහුණුව, වඩා ඵළදායි වූ බව පෙනී ගියේය.
3. “ ගෙසල් හා තොම්සන් “ සර්වසම ගැහැනු නිවුන් දරුවන්ගෙන් කරන ලද පර්යේෂණය ද ඉතා ප‍්‍රකට වූවකි. එක් නිවුන් දරුවකුට, සාමාන්‍යයෙන් ළමයින් චාලක කි‍්‍රයා පටන් ගන්නා මට්ටමේ දී, සති 6 ක් තිස්සේ විනාඩි 10 ක පමණ කාලයක් තුළ පඩිපෙළක් නැගීමට පුහුණුව ලබා දුණි. අනෙක් ගැහැනු දරුවාට සති 6 කින් පසු දෙසතියක පුහුණුව ලබා දුණි. අනතුරුව, ප‍්‍රමාද වී පුහුණුව ලැබූ දරුවා ද කලින් පුහුණුව ලැබූදරුවා මෙන්ම කාර්යයක්ෂමව එම කාර්යය කළ බව අනාවරණය විය.
පවිත‍්‍රතා පුහුණුව පිළිබඳ මැක්ග්‍රෝ ගේ පර්යේෂණය ද මෙයට සමාන ප‍්‍රතිඵල දක්වයි. මෙසේ සරල කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන්, දිගු කාලයක් ලබා දෙන පුහුණුවට වඩා, නිසිකාලය එළඹීමෙන් පසුව මඳ වශයෙන් දෙන පුහුණුව, වඩා සාර්ථක බව පර්යේෂණ මගින් සනාථ වේ. එමෙන්ම බාහිර දිරිගැන්වීම් වලින් තොරව එම චර්යා වර්ධනය වන බව ද පැහැදිලි වී ඇත. පරිණත බව වැඩිවීමත් සමඟ ඉගෙනීමේ කාර්යක්ෂමතාව වැඩි වී ඇත.

0 comments:
Post a Comment