728x90 AdSpace

Latest News
Friday 21 August 2015

පිළිකාවට ගුණ කටුපල

අපට වැළදෙන රෝග අතර සුව කිරීමට අසීරු රෝග ගණනාවක් වෙයි. පිළිකාද එවැනි එක් රෝගයකි. එහෙත් හෙළ වෙදකම තුළපිළිකාවට එරෙහිව භාවිතා කළ හැකි ඖෂධීය ශාක රාශියකි. ශ්‍රී ලංකාවේ බොහෝ පළාත් වල සුලබව වැවෙනා කටුපිල (Flueggea leucopyrus) ශාකයද එවැන්නකි. අතීතයේ හෙළ වෙදවරුපිළිකා රෝගයට එරෙහිව භාවිතා කළ ප්‍රබල ඔසුවක් වන කටුපිල ශාකය පිළිබඳ විධිමත් අධය්‍යනයක් මෙතුවක් කල් රට තුළ සිදු නොවීම එක්තරා ආකාරයක අවාසනාවකි.
දේශීය වෛද්‍ය ක්‍රම සහ ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ ආයතන කොතෙක් රට තුළ තිබුණද කල්පසුවී හෝ කටුපිල ශාකය සහ එහි පිළිකානාශක ගුණය පිළිබඳ විධිමත්ව හදාරන්නට ඉදිරිපත් වූයේ කොළඹ විශ්වවිද්‍යාලීය ෙජෙව රසායන, අනුක ෙජෙව වේදය හා ෙජෙවතාක්ෂණය පිළිබඳ (IBMBB) ආයතනය පමණි.
එම ආයතනයේ මහාචාර්ය අයිරා තාබෘෘ මහත්මිය හා කෙරුණ සාකච්ඡාවක් ඇසුරෙන් මේ ලිපිය ලියැවෙයි.
කටුපිල (Flueggea leucopyrus) ශාකය පිළිකා රෝගයට භාවිතා කරනා කෂාය වට්ටෝරුවල සුලබව හමුවෙන්නකි. වෙනත් ඖෂධ වර්ග සමග මෙන්ම කටුපිල ශාකයේ කොටස් පමණක් මේ සඳහා භාවිතා කරයි. එහෙත් ඒ පිළිබඳ විධිමත් අධය්‍යනයක් කර නොතිබිම නිසා කටුපිල ශාකයේ කුමන රසායනය මගින් පිළිකා ෙශෙල විනාශ කරන්නේද යන්න පැහැදිලිව හඳුනාගෙන නොතිබුණි.
දිනෙන් දින ඉහළ යන පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය නිසා කටුපිල සඳහා විශාල ඉල්ලුමක් මෙන්ම ඖෂධයක් ලෙස කටුපිල ගැන විශාල අවධානයක් රට තුළ යොමු වන්නට විය. මේ අනුව කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ IBMBB ආයතනය මගින් කටුපිල, ශාකය පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණයක් අරඹනු ලබන්නේ 2012 වසරේදී පමණය. මහාචාර්ය අයිරා තාබෘෘ, ආචාර්ය සමීර තෙන්නකෝන්, මහාචාර්ය කමනි තෙන්නකෝන් , අනුකා මෙන්ඩිස් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සිදුකරගෙන යන කටුපිල ශාකය පිළිබඳ පර්යේෂණය වැදගත් වන්නේ එම ශාකය පිළිබඳ එවැනි පර්යේෂණයක් මින් පෙර සිදු නොවුණු බැවිනි.
මෙම පර්යේෂණය සඳහා කටුපිල ශාක ලබා ගෙන ඇත්තේ වේවැල්දෙණිය ප්‍රදේශයෙනි. මෙහිදී ප්‍රථමයෙන් සිදුකර ඇත්තේ එම ශාකවල අනන්‍යතාවය පේරාදෙණිය උද්භිද උද්‍යානයේ උද්භිද විද්‍යාඥයන් විසින් තහවුරු කිරීමය. අනතුරුව කටුපිල පත්‍ර සහ අතු ග්‍රෑම් 60 ක පමණ ප්‍රමාණයක් වතුර මිලි ලීටර් 1600 කට දමා එම ප්‍රමාණය මිලි ලීටර් 200 ක් තරම් අඩුවන තුරු රත්කිරීමට ලක්කර ඇත.
මෙම කෂාය සකසා ගැනීමට අවැසි උපදෙස් නාවින්න ආයුර්වේද වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛද්‍ය නිමල් ජයතිලක මහතා විසින් ලබා දී ත
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පිළිකාවට ගුණ කටුපල Rating: 5 Reviewed By: Unknown