කහ
අනාදිමත් කාලයක සිට පෙරදිග රටවල ජනතාව විෂබීජ නාශකයක් ලෙසින් විවිධ
ආකාරයෙන් යොදා ගන්නා අල වර්ගයකි. කහ දියරය නිවෙස්‌වල ඇතුළත ඉසීමෙන්
පිරිසිදු කර ගනී. දමිළ වර්ගයාගේ ව්‍යාපාර ස්‌ථාන උදය කාලයේ කහ දියරය
ඉසීමෙන් පිරිසිදු කර ව්‍යාපාර ආරම්භ කරයි.
දෙමළ භාෂාවෙන් මංජල් කියා ද, ඉංග්‍රීසි Turmaric කුලය ලෙස Zinglberaceae ලෙස ද උද්භිද නාමය ලෙස Curcumalonga මෙය හැඳින්වේ. කහ නූලක් ආරක්‍ෂාවක් ලෙස බෙල්ලේ හෝ අතෙහි පැළඳ ගැනීම සාමාන්‍ය කරුණක් ලෙස භූත වෛද්‍යවරු නොහොත් යකැදුරෝ භාවිතා කරයි.
ආහාර වර්ණවත් කිරීම හා රසවත් කිරීම, කල් තබා ගැනීමේ විශේෂ ඖෂධීය ගුණයක් ඇතුළත් කිරීම සඳහා ද කහ යොදා ගනී. මෙය ආදියේ සිට පැවති සිරිතකි.
සෙන්ටිමීටර් හැටක් පමණ උසට වැඩෙන මෙම ශාකයේ මුල අලය පොකුරක් ලෙස හටගනී. දිගැටි හතරැස් හැඩැති පත්‍ර සහ දිගැති පත්‍ර නටුවක් ලෙසට ඉදිරියට වැඩී තිබේ. කඳ ශක්‌තිමත් නැත. සැබෑ කඳ භූගතව පවතී ඇඟිලිවලට සමාන අල ඇත. මෙය කහ අල ලෙස හඳුන්වයි. දිගු කලක් ගත වන විට මල් හටගනී. මල එතරම් දැකීමට පහසු නැත.
ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපීය හා පහතරට තෙත් කලාපීය ගෙවතුවල කහ සරුවට වැවේ. අමු කහ වියළි කහ සහ මල් ද ඖෂධයක් ලෙස ගැනේ. ලේ පිරිසිදුÊකරන ඖෂධයකි. පණු රෝග පීනස් රෝග, රක්‌ත රෝග, කුෂ්ඨ රෝග ආදිය සඳහා යොදා ගනී.
කූඩැල්ල දෂ්ට කළ ස්‌ථානයේ ලේ ගලන විට කහ කුඩු යෙදීම, ලේ ගැලීම නවතී. විෂ විනාශ කරයි. අලුත් තුවාල හා සීරීම්වලදී අමුකහ අඹරා යුෂ ගෑම යහපත් ය. වියළි කහ පුළුස්‌සා අලු පොල්තෙලින් අතගෑම ප්‍රත්‍යක්‍ෂ අත්දැකීම් ලද ඇත්තෙමි.
පීනස් ප්‍රතිශ්‍යාවෙන් හට ගන්නා හිසරදයට සහ දිය පීනසට වියළා කහ කැබැල්ලක් තල තෙලෙහි පොඟවා එය ගින්නෙන් දවා නොහොත් පුළුස්‌සා එය නිවූ විට නැගෙන දුම නාසයෙන් ඉරීම හිසරදය නතර කිරීමකි. මෙය අත්දුටු සත්‍ය ක්‍රමයකි.
සෙමෙන් ඇතිවන බිබිලිවලට කහකුඩු තල තෙලින් අනා ගෑම සුබදායකය. දද වලට කහ මල් ඇල් දියෙන් අඹරා ගෑම හොඳයි.
යකැදුරන් නොහොත් කට්‌ටඬි කියන අය රෝගියකුට ප්‍රතිකාර කිරීමද, තල තෙලට අමු කහ කැබැල්ලක් දමා එයට මතුරා ආතුරයාගෙ නලලෙහි ගෑම ද නූල් තුන්පොටක් ගෙන එකට අඹරා අමු කහ කැබැල්ලක් එම නූල් පටෙහි අතුල්ලා නූල කහ පාට කරගෙන මන්ත්‍රය ජප කරමින් ගැටය ගැටය ගසා ආතුරයා ආරක්‍ෂක නූල කියා බෙල්ලට දමයි. මේ සෑම අවස්‌ථාවකදීම කහ උපයෝගී කර ගනී. ආහාර වර්ණවත් කිරීමට ද කහ උපයෝගී කර ගනී. ගවයන් ඇති ගව පට්‌ටිකරුවන් වසරකට වරක් යකුන් පිදීම කියා තොවිලයක් කරයි. තොවිලය ආරම්භ සවස් කාලයේය. අලුයම වන විට කහ රොටිය කියා ලුණු නොදැමූ විශාල රොටියක් සාදා පුළුස්‌සා (කෙසෙල් කොළවල ඔතා විශාල ගිනි මැලයට දැමීමකි.) රැගෙන සෑම දෙනාටම කෑමට දෙයි. එසේ එම ගමෙහි සෑම නිවසකටම මෙම කහ රොටියෙන් කැබැල්ලක් බැගින් බෙදා දෙයි.
මෙම කහ රොටිය ආහාරයට ගත් අයට යකුන් වැසීමක් නැත කියා පැරණි ගම ගෙදර කරන තොවිලය එයට සෑම නිවසකින්ම සහල් ආදිය එකතු කර රාත්‍රි ආහාරය දී. අලුයම කහ රොටිය පුළුස්‌සා බෙදා දීමෙන් තොවිලය අවසන් කරයි.
කහ විෂ නාශකයකි. කිරි අම්මාවරුන්ගේ දානයට පැමිණෙන කිරි අම්මාවරු අලුයම ආතුරයාගේ නිවසට ඇතුළුවීමේදී කහ කැබැල්ලකින් හිස අතුල්ලා දෙහි කැබැල්ලක් ද අතුල්ලා වතුරින් හිස පිසදමා නිවසට ඇතුළුවීම කිළි ඇරීමක් යෑයි එම අම්මාවරු පවසති.
කො. ආ. ගුණසේන - ඇහැළියගොඩ

0 comments:
Post a Comment