728x90 AdSpace

Latest News
Tuesday 18 August 2015

අභ්‍යාවකාශයානා විනාශයට පත්වූ අවස්‌ථා


ලෝකයේ පළමු ගුවන් යානයේ උපත ඇමරිකාවේ කිටිතෝර්හිදී 1903 දෙසැම්බර් 17 වැනිදා සිදු විය. මෙම යානයේ නම වූයේ "රයිට්‌ පලවර්" යනුවෙනි. ඕවල් සහ රයිට්‌ සහෝදරයන් දෙදෙනාගෙන් එක්‌ අයකු නියමුවා ලෙස තෝරාගෙන ඇත්තේ කාසියක්‌ උඩදමා කාසියේ වාසිය අත්කර දීමෙනි. කාසියේ වාසිය දිනා ගන්නේ ඕවල් රයිට්‌ සහෝදරයාය. විල්බට්‌ රයිට්‌ යානය ඉදිරියට ගොස්‌ එහි ප්‍රේරකය කරකවා යානය පණ ගන්වා දුන්නේය. තප්පර 12 ක කාලයක්‌ තුළ යානය අඩි 120 ක්‌ ගමන් කළේය. මේ ගමන මවිතයට හා පුදුමය උපදවන්නක්‌ විය. ඒ ගුවන් ගමනේ මුල් ඉතිහාසයයි.
1911 වර්ෂයේදී ආකාශ යාත්‍රාවක්‌ ලංකාවට පැමිණීම හිsසින් 1911 සැප්තැම්බර් 13 දා දිනමිණ පුවත්පත මගින් වාර්තා කර තිබුණේ මෙසේය. "කොලින් බ්‍රවුන් උන්නැහේ පාවිච්චිය පිණිස ගෙනෙන්ට යෙදෙන බැව් කියන ලද "බ්ලැරියට්‌" වර්ගයේ ආකාශ යානාව ඊයේ මෙහි පැමිණි රුවන්පැලස්‌ නැවෙන් ගෙනා බවත් එය අද කොල්ලුපිටියට ගෙනයන බවත් කියා තිබේ. මෙය යාත්‍රාකොට පෙන්වන්නේ කවදා දැයි තවම නියමයක්‌ නැත.
කොහොම නමුත් මෙම යානය 1911 දෙසැම්බර් ගුවන් ගතකිරීමට කටයුතු සම්පාදනය කෙරිණි. ඒ. පී. වී. හයිඩ් ප්‍රධාන ගුවන් නියමු ඇතුළු ඔහුගේ හිතවතුන් 20 ක්‌ පමණ කොළඹ කුරුඳු වත්තේ පිහිටි රේස්‌ පිටියට උදේම පැමිණියහ. ඒ වන විට ගුවන් යානය තබා තිබුණේ රේස්‌පිටියේ "ග්‍රෑන්ඩ් ස්‌ටෑන්ඩ්" දර්ශන පථය යාබද කූඩාරමකය. හර්ඩස්‌ටර් නමැත්තා ගුවන් නියමු ඇඳුමෙන් සැරසී යාත්‍රාව පරීක්‍ෂාකර බලා සුක්‌කානම දෙතුන් වරක්‌ කරකවා නියමු ආසනයේ වාඩි වූයේය. ලුඩෙක්‌ නමැති ප්‍රංශ ජාතිකයා ප්‍රේරකය තුන් වරක්‌ කරකවා ක්‍රියාත්මක වූ විගස ඉවතට පැනගත්තේය. යානය තිබුණ තැනින් (කූඩාරමින්) හෙමින් එළියට ඇදී යාර 250 ක්‌ ගොස්‌ පැයට කි. මී. 50 ක පමණ වේගයෙන් ඉදිරියට ඇදුනි. අඩි 50 ක්‌ පමණ ඉහළ ගොස්‌ තරමක්‌ පහළ බැස යළි උඩට ගියේය. මේ අතර එහි පිටුපස වේගයෙන් ගැස්‌සී අඩි 15 ක්‌ පමණ පාත්වී වෙව්ලා ඇලවී බිම පතිත විය. නියමුවා වූ ඔස්‌ටර්ට අනතුරක්‌ වූයේ නැත.
ගුවන් ගමන් ගැන විස්‌තර සොයා බැලීමේදී අභ්‍යවකාශ තරණවලදී මරණයට පත්වූ ගගනගාමීන් ගැන විශේෂයෙන් සඳහන් කිරීම වටී. ඇමරිකාවේ කොලොම්බියා අජටාකාශ යානය 2003 ජනවාරි 16 දා කෙනඩි මධ්‍යස්‌ථානයෙන් ගගනගාමීන් 07 ක්‌ සමඟ දින 16 ක්‌ සක්‌වල තරණයේ යෙදිණි. යානය පොළව වෙත යළි පැමිණෙද්දී විනාඩි 16 ක්‌ වැනි කාලයක්‌ තුළ ටෙක්‌සාස්‌ හිදී විනාශයට පත්වූයේය. ඒ 2003 පෙබරවාරි 01 දාය. මෙය මුළු ලොවම කම්පාවට පත්කළ ශෝචනීය සිද්ධියක්‌ විය. යානයේ සිටි ගගනගාමීන් ගණන 07 කි. මින් එක්‌ අයකු ශ්‍රී ලාංකිකයකු වන අතර, තවත් අයකු ඉන්දීය කාන්තාවකි. ලාංකිකයා අජටාකාශ යානා නිපදවන ඇමරිකාවේ අභ්‍යවකාශ ආයතනයේ විද්වතෙකි. කොලොම්බියා යානයේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේ රික්‌ හස්‌බන්ඩ් නමැත්තාය. ඔහු 45 වැනි වියේ පසුවූ දරු දෙදෙනකුගේ පියෙකි. යානයේ සිටි තවත් අයකු වන ඊශ්‍රායල් ජාතික ඉලාන් රමොන් නමැත්තා අභ්‍යවකාශ තරණය කළ පළමු ඊශ්‍රායල් ජාතිකයා වෙයි. ඔහුද සිව්දරු පියෙකි. යානයේ සිටි අනෙක්‌ ගගනගාමීන් වන්නේ මයිකල් ඇන්ඩ්‍රසන්a ඩේවිඩ් බ්‍රවුන්, ලෝරල් ක්‌ලාක්‌, සහ විලියම් මැක්‌කෝල යන සිව් දෙනාය. මියගිය ඉන්දීය කාන්තාව ආචාර්ය කල්පනා චව්ලාය. ඇයද අභ්‍යවකාශය තරණය කළ ප්‍රථම ඉන්දීය කාන්තාව වූවාය.
ටෙක්‌සාස්‌ හා ලුසියානාහි බිම් ප්‍රදේශයක්‌ පුරා විනාශ වූ යානයේ සුන්බුන් කොටස්‌ද ගගනගාමීන්ගේ සිරුරු කොටස්‌ද විසිරී පැතිරී තිබුණි. මෙම අභ්‍යාවකාශ යානය ෙµdලොරිඩාහි කෙනඩි අභ්‍යවකාශ ආයතනයට විනාඩි 16 ක්‌ තුළ පැමිණීමට නියමිතව තිබූ නමුත් විනාශයට ලක්‌ විය.
අභ්‍යාවකාශ තරණයන් ගැන කරුණු පිරික්‌සීමේදී විනාශයට පත්වූ ගගනගාමීන් යානයන් ගැන සොයා බලන විට අතීත පුවත් සිහිපත් වේ. 1960 වර්ෂයේ සෝවියට්‌ රුසියාවේ කසකස්‌තාන්වලට අභ්‍යවකාශ යානයක්‌ ගොඩබැස්‌සවීමේදී යානය කඩාවැටී ගගනගාමීන් ඇතුළු ආයතනය තුළ සිටි 91 ක්‌ ජීවිතක්‍ෂයට පත් වූහ. 1967 ජනවාරි මාසයේදී ඇමරිකානු ඇපලෝ යානය තරණයේදී විනාශ වී එහි සිටි ගගනගාමීහු 03 ක්‌ මරණයට පත් විය. 1967 අප්‍රේල් මාසයේදී සෝවියට්‌ යානයක්‌ද අභ්‍යවකාශයේදී විනාශයට පත්වී ගගන ගාමීහු මැරුණහ. යළිත් සෝවියට්‌ යානයක්‌ 1971 දී ගුවන් ගතකර දින 24 ක්‌ අභ්‍යවකාශයේ සැරිසරා පොළවට ළඟාවෙද්දී විනාශයට පත්වූයේය. 1986 දී ඇමරිකානු වැලෙන්ජර් යානය පිපිරීමෙන් 07 ක්‌ මරු වැළඳගත්හ. 1989 දී රුසියාවේ වොස්‌ටොක්‌ යානයක්‌ ගුවන් ගතකිරීමට පෙර පිපිරී ගගනගාමීන් හා විද්‍යාඥයන් 50 ක්‌ මරු වැළඳ ගති.
කොළොම්බියා යානය මුලින්ම අභ්‍යවකාශ ගතකර ඇත්තේ 1981 අප්‍රේල් 02 දාය. 1981 සිට 2003 දක්‌වා මෙම යානය 28 වරක්‌ සෞර ග්‍රහ මණ්‌ඩලය තරණයේ යෙදුන නමුත් 2003 ජනවාරි 16 දා අහසට නැංවීමෙන් දින 16 කට පසු විනාශයට පත්වූයේ කලින් සඳහන් 07ක්‌ සමගයි.
ආර්. ඇම්. ටී. ඩී. රත්නායක
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අභ්‍යාවකාශයානා විනාශයට පත්වූ අවස්‌ථා Rating: 5 Reviewed By: Unknown