-මෙම ගොයම් සියල්ල Oryza sativa විශේෂයටම අයත් වන බැවින් රූපිය,කායික, ව්‍යුහ විද්‍යාත්මක ලක්ෂණ සමාන බැවින් වර්ධක අවදියේදී ක්ෂේත්‍රදී වග වී වලින් වෙන්කර හඳුනා ගැනීම ඉතාමත් අපහසුය.
වල් ගොයම් හානිකර ඇයි???????
-හානිය දීර්ඝ කලින්ය.කන්නයෙන් කන්නයට හානිදායක මට්ටම 10-100% විය හැක.වගා කරන වී අතර පරපරාගනය වීමේ හැකියාව වැඩි අතර අලුත් ජීව දර්ශ විශාල වශයෙන් ඇතිවේ.
-සීග්‍ර ව්‍යාප්තිය සුළඟින් සිදුවේ.ජලයෙන් ,වග කරන උපකරණ වලින්, බිත්තර වී මගින්,මිනිසුන් හා සතුන් මගින්ද පැතිරීම සිදුවේ.
-වැඩි තරගයකින් පොහොර, ජලය ,ආලෝකය ලබා ගෙන වගා ගොයමේ වර්ධනය බාල කරයි.
-ගොයම් පැළයක් වන නිසා වල නාශක වලින්ද පාලනය කල නොහෙක.
-වී කරලේ බීජ ඒකාකාරී ලෙස පරිනත නොවී විටින්විට මේරීම හා පසට බීජ වෙටීම නිසා අස්වනු නෙලා ගෙනීම අපහසුය.
-පසට වැටෙන බීජ වල ජීවය කාලය අවරුදු 3-5 ක් දක්වාඅ තිබිය හෙකි බෙවින් විටින් විට පැළ වීම සිදුවේ.
-බොහොඕ විට වගා ගොයමට වඩා උසින් සාරවත්ව වර්ධනය බෙවින් වගා ගොයමට වෙලදෙන රෝග හා පලිබෝධ හදුනා ගෙනීම හා පාලනය අපහසුය.
-වගා ගොයම් මත ඇද හෙලීම නිසා අස්වෙන්න නෙලීමද අසීරුය.
-නෙලා ගන්නා සුළු අස්වෙන්නේද ඉහල ගුනත්මයක් නැත.
වගා ගොයමේ ඇති වල් ගොයම් හඳුනා ගන්නේ කෙසේද?????
වල් ගොයම් වර්ධක අවදියේ අවසානයේ පහසුවෙන් හඳුනා ගත හැකිය.එනම්,,,,,,
-බොහෝවිට වගා ගොයමට වඩා උසින් වැඩිය.
-මල් පිපිම කලින් සිදුවේ. මෙම මල් පිපිම එකම කරලේ ඒකාකාර නොවේ.(මිශ්‍ර වී වලින් වෙන් කර හඳුනා ගත හැක.)
-පරිනත වන බීජ ඉක්මනින් බිම හැලීම සිදුවේ.
මේ පිලිබඳ වැඩි අවදානයකින් සිටින්නේනම් වර්ධක අවදියේදී වුවද හඳුනා ගත හැක.
බීජ පැළ අවදියේ හඳුනා ගැනීම,,,,
-බොහෝවිට බිජ පැලයේ පාදස්ථය රතු හෝ දම් පැහැයක් ගනී.
-බිජ පැලයේ කඳ සිහින් හා වෘත්තාකාරය.
-වර්ධන සිග්‍රතාව සාපෙක්ෂව වැඩිය.
-වගාව ආරම්බයේදී වගා ගොයමට වඩා උසින් අඩුව තිබී දින 10-12 කින් පසු ඉතා සීග්‍රයෙන් උසින් වැඩිවේ.
-පත්‍ර සංක්‍යාව සාපේක්ෂව අඩුය. සමහර බිජ පැල වල පත්‍ර සංක්‍යාව ඉතා වැඩිය.
පීදෙන අවදියේ හඳුනා ගැනීම,,,,,,
-වග වී වලට සාපේක්ෂව මල් පිපිම කලින් සිදුවේ.
-කරලේ මල් පිපිම ඒකාකාරී නොවේ
-පරිනත වන බිජ ඉක්මනින් බිම හැලෙන ස්වභාවයක් ගනී.
-කඳේ දම් පැහැය ඉත පැහැදිලිව පෙනේ
-වග ප්‍රභේදයට වඩා ඉක්මනින් පිදෙන නිසා කවලම් කරල් ලෙස පෙනේ.
-වග වී ප්‍රභේද අනුව වල වී වලද වයස වෙනස් වේ
-සාමාන්‍ය ගොයමට වැඩ උසින් වැඩිය
-ඇතැම් වර්ග වල නන්ඩුව සහිත බිජද පැවතිය හැක
-නන්ඩුවේ පැහැය රතු දුඹුරු ,කහ රන්වන් හෝ සුදු පැහැ ගනී.
-නන්ඩුවේ දිග 1-12cm දක්වා වෙනස් විය හැක
වල් ගොයම් පාලනය කල හැක්කේ කෙසේද ??????????????????
-බිම් සකස් කිරීමට පෙර පසුගිය කන්නයේ හානිය උපරිම නම් ඉපනැල්ල සහ පස මතුපිට ඇති බිජ පිළිස්සීම සිදුකල හැක.
-පැල වීමේ ශක්තිය ඇති බිජ හා දාවක කොටස් සියල්ල පැලවීමට ඉඩ හරිම.
-පැල වුන සියලු වල ගොයම් පැල බිම් සකස් කිරීම හෝ සියල්ල නසන වල නාශකයක් යොදා විනාශ කිරීම.
-ගහනය අධික නම් ඉහත ක්‍රමය කිහිප වරක් සිදු කරමින් පසෙන් පැලවීමේ ශක්තිය ඇති බිජ සියල්ල විනාශ කිරීම.
-කුඹුර අවට ඇති පරිසරය හොඳින් පිරිසිඳු කර සාර්ථකව බිම් සකස් කර හොඳින් කුඹුර මට්ටම් කිරීමෙන් අනතුරුව වහාම බෝගය ස්ථාපනය කල යුතුය.
-පිරිසිඳු බිත්තර වී බාවිතය අනිවාර්ය වේ.
-කුඹුරට සුදුසු බිජ ස්ථාපන ක්‍රමය තෝරාගත යුතුය.
1.පැල සිටුවීම
2.පැරශුට් ක්‍රමයට පැල විසි කිරම
3.බිජ වප්කරය මගින් පේලියට බිජ වැපිරීම
4.වතුරට වී වැපිරීම
-හඳුනා ගන්න ලද වගා ගොයමට වෙනස් සියලුම අනෙකුත් ගොයම් පැල ගැලව ඉවත් කිරීම.
-කඳ මුල රතු පැහැයක් ඇති ගොයම් පැල වග ගොයමට වෙනස් නම් ගැලව ඉවත් කිරීම.
-වග වී ප්‍රභේදයට වැඩ ඉක්මනින් පාදෙන ශාක ගැලව ඉවත් කිරීම.
-පරව දිග ශාක ඉවත් කිරීම
-ගැට වලින් මුල් ඇදුන ශාක ඉවත් කිරීම.
-පිදෙන වල වී කරල් වල බස්ටා වල නාශකය ආලේප කිරීම.
-බිජ හැලීමට පෙර වල් වී කරල් කපා ඉවත් කිරීම
-අස්වනු නෙලීමට යොදා ගන්න යන්ත්‍ර සුත්‍ර පිරිසිඳු කර භාවිත කිරීම.
උපුටා ගැනීම ,
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය ,බතලගොඩ .
0 comments:
Post a Comment