728x90 AdSpace

Latest News
Monday 24 August 2015

කොහොඹ


සෞඛ්‍ය තත්ත්වය යහපත්ව ආරක්‍ෂාකර ගැන් ම සඳහා පැරැණි සිංහලයා කාහොඹ ගසක් තම නිවෙස අසල රෝපණය කර ගැන්ම සිරිතක් වශයෙන් කරගෙන ඇත.

ශාකයේ ව්‍යප්තිය ඇති කරන්නේ බීජ මඟිනි. කොහොඹ බීජයේ මදයෙන් හෙවත් භූෑණ පෝෂයෙන් ලබාගන්නා වූ ප්‍රධාන සංයෝගවලින් ඵලදායී සංයෝගය වන ඇසඩ්රැක්ට්‍රින් අනඟි පළිබෝධ නාශකයක් බව ඔප්පු වී ඇත. මේ අනුව ඉතා ලෙහෙසියෙන් මනුෂ්‍ය ශරීරයට අහිතකර බලපෑම් ඇති කරන, විස රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන කෘමිනාශකයක් ලෙස, මෙය හැඳින්විය හැකිය. කොහොඹ උපයෝගී කරගෙන කෘමිනාශක ද්‍රව්‍ය අධික වශයෙන් නිපදවන රටක් වශයෙන් අමෙරිකාව හැඳින්විය හැකි ය.

කොහොඹ ශාකයේ පොත්ත දැඩි තිත්ත ගතියකින් යුක්තය. කොහොඹ මල් සුවඳවත්ය. සුදු පැහැති කොහොඹ මලක පෙති 5කි. කොහොඹ දැව භාවිතය අද ප්‍රචලිත දෙයකි. ලීයෙහි ගැබ්ව ඇති අන්තර්ගත ශෛලවල ඇති රසායනිත ද්‍රව්‍යවල අධික තිත්ත රසය කෘමින්ට හානිකරය. ඒ නිසා කොහොඹ දැව කර්මාන්තය සඳහා ලෙහෙසියෙන් භාවිතයට ගතහැකි ය. එයට කෘමීන්ගෙන් හානියක් නොවන නිසා වැඩි ඉල්ලුමක් පවතී.

වටිනා ඖෂධයක් වන කොහොඹ ගසේ, මුල්, පොතු , මල් සහ ඇට යන පංචාංගයම විවිධ රෝගවලට ප්‍රතිකාර කිරීමට යොදා ගනී. ආයුර්වේදයේ සඳහන් වන අන්දමට කොහොඹ තිත්තයි, ශීතලයි, සැහැල්ලුයි, මළ බඳියි, කටුකයි, ගිනි වඩයි, වාතය නසයි, කුෂ්ඨ ප්‍රමේහ ආදිය නසයි. එපමණක් නොව, කොහොඹ මල් රසවත් ව්‍යංජනයක් පිළියෙළ කරගත හැකිය. මල් හැර සෙසු සියලුම කොටස් කටුක තිත්ත රසයෙන් යුක්තයි.

ක්‍ෂය රෝග නාශක ඖෂධ සෑදීමට කොහොඹ රා උපයෝගී කර ගනී. මෙය කෘමිනාශකයෙකි. කොහොඹ තෛලය ඉසින ලද ගොයමකට දුඹුරුපැළ කීඩෑවන්ගෙන් වන හැනිය නිමා කරගත හැකිය. වී වගාව සඳහා නිතර නිතර යූරියා පොහොර තනිකර යොදනවාට වඩා, කොහොඹ ඇට අඹරා තෙල් ඉවත්කර ගැනීමෙන් පසුව ඉතුරුවන පුන්නක්කු (රොඩු) සමඟ මිශ්‍ර කර යෙදීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබෙන බව කරන ලද පර්යේෂණවලින් පැහැදිලිය.

අවට අපිරිසුදු වාතය පිරිසිදු කිරීමටත්, හොඳ සිසිලක් ලබා ගැනීමටත් හැකි කොහොඹ ගසින්, සරම්ප, පැපොල්, වසූරිය වැළඳුන රෝගියකුට නිදා ගැනීම සඳහා සකස් කරන ලද යහනාව මත කොහොඹ කොළ අඟල් 6ක් පමණ ඝණව අතුරා, ඒ මත රෝගියාට නිදා ගැනීමට සලස්වන්නේ ඉන් ලැබෙන අධික සිසිල හා රෝගීකාරක විසබීජ නාශක බලයක් ඇති නිසා බැව් අපේ පැරැන්නෝ හොඳින් දත් නිසාය.

සාමාන්‍ය දුර්වලතා, කුෂ්ඨ අසාත්මිකතා, කෘමිරෝග, මුත්‍රාබාධ, සෙංගමාලය, අක්‍ෂිරෝග, ප්‍රමේහ, වණ ආදිය සඳහා කොහොඹ යොදාගනී.

කොහොඹ කොළ යුෂට මීපැණි මිශ්‍ර කර පානය කිරීම, සෙංගමාලය හා සෙම් රෝගවලට හොඳ අත් බෙහෙතකි. කොහොඹ කොළ යුෂට, සහිඳ ලුණු මිශ්‍රකරදීම කෘමි රෝගවලට කරන බෙහෙතක් , කොහොඹ කොළ යුෂ නෙල්ලි ඉස්මට එළගිතෙල් සමඟ මිශ්‍රකර උදේ සවස දීම, ගඩු (තුවාල) කැසීම්වලට යෝග්‍ය බැව් සඳහන් වේ.

කොහොඹ ඉස්ම මේස හැන්දකට මී පැණි තේ හැඳි 2ක් එක්කර උදේ හිස්බඩ දින 2ක් පමණ බීමට දීම ළමයින්ගේ පණු රෝග සඳහා යෝග්‍යවේ. එසේම කොහොඹ කොළ කොටා, එයට එළකිරි එක්කර, තම්බා , අඹරා උදයම හිස ගල්වා පැය 3කට පසු ඇල්දියෙන් දින 3ක් හෝ 4ක් නෑමෙන් ස්නායු දුබලතා නිසා ඇතිවන හිසරදයට කදිම බෙහෙතකි.

ස්වර්ණා ආරියවංශ....

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කොහොඹ Rating: 5 Reviewed By: Unknown