728x90 AdSpace

Latest News
Monday 24 August 2015

අම්ල පිත්ත රෝග දුරුකරගන්නා අයුරු



ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අම්ලපිත්ත රෝගයේදී ප්‍රධාන ලෙස විෂම බවට (කෝප බවට) පත්වන දෝෂය වන්නේ පිත් දෝෂයයි. එම නිසා මෙහිදී අනෙක්‌ දෝෂද්වය සමග සමතුලිතතාවයට පත්කළ යුතු වෙයි.

ආයුර්වේදයෙහි පිත ලෙස හඳුන්වන්නේ උෂ්ණ පදාර්ථයකි. අප විසින් තෙල් මිරිස්‌ වැඩි ආහාර ගැනීමේදී සිදුවන්නේ මෙම උෂ්ණය තවත් වැඩිවීමයි. එබැවින් පොල් සම්බෝල, සුදු පාන්, බනිස්‌, රට දෙල්, බලමාළු, ඉස්‌සන් දැල්ලන්, කකුළුවන්, අච්චාරු, නාසයෙන් දිවෙන් සෙම වැගිරෙන්නට අධික මිරිස්‌ යෙදූ ආහාර ගැනීම අත්හැරීම කළ යුතුමය.

එසේම කාර්ය බහුල බව හේතුවෙන් අද සමාජයේ බොහොමයක්‌ දෙනා ක්‍ෂණික ආහාර පාන ගැනීමට යොමුවී ඇත. නමුත් අපගේ දේශීය ආහාර පාන රටාවට වඩ වඩාත් සමීප වුවහොත් මෙම අසහනදායි රෝගයෙන් වැළකී සිටීමට පහසු වේ.

තවද මළ මුත්‍ර ආදී වේගයෙන් පැමිණි කල්හි ඒවා ආයාසයෙන් දරා ගෙන සිටීමද හානිකර වේ. එබැවින් අන් සියලු කටයුතු අත්හැර මල මුත්‍ර ආදී වේග ඇති කල්හි ඊට ප්‍රමුඛතාව දිය යුතුය.

පුරුෂ පාර්ශ්වය පිළිබඳ සලකා බැලීමේදී අද සමාජය තුළ මත්පැන් හා දුම්පානය කරන්නවුන් දැකීමට හැකිය. මද්‍යසාරය ආමාශය, කුඩා බඩවැල හා මහ බඩවැලට උරා ගනු ලබයි. මද්‍යසාරය ආමාශය තුළ වූ ආම්ලික ස්‍රාවය සමඟ මිශ්‍ර වීමට බොහෝ වේලාවක්‌ ගත වේ. මේ හේතුවෙන් ආමාශයේ සියුම් සිවි පිළිස්‌සීමකට ලක්‌වේ. එසේ වූ විට ආම්ලික ස්‍රාවය ආමාශයට ගලා ඒම මද්‍යසාරය නිසා වැළකී යයි. එවිට ආහාර දිරවීමට බාධා ඇතිවීම අක්‍රමවත් ලෙස මළපහවීම හා ආමාශගත තුවාල ඇතිවීම ද සිදුවේ. එබැවින් මත්පැන් පානයෙන් හැකිතාක්‌ දුරට වැළකී සිටිය යුතුය.

මෙලෙස ආහාර පාන නිසි ලෙස ලබා ගත්තද, මානසික කනස්‌සල්ලෙන් පසුවන පුද්ගලයකු වුවහොත් එය අම්ල පිත්ත රෝගයෙන් වැළකී සිටීමට උපකාරී නොවේ. එබැවින් මානසික වේග දැරීමෙන් තොරව මනා පරිසරයක වෙසෙමින් සුදුසු ආහාර පාන නියමිත වේලාවට ගැනීමෙන් අම්ල පිත්ත රෝගය වළක්‌වා ගැනීමට උපකාරි වේ.

අම්ලපිත්ත රෝගය සඳහා අත්බෙහෙත්

උදෑසන හිස්‌ බඩ දියබත් කෑම

රාත්‍රියේ ආහාරයට ගෙන ඉතිරි වූ බත් හීල් බත් ලෙස හඳුන්වයි. මෙලෙස ඉතිරි වූ බත්වලට වතුර දමා කෑම දිය බතකි. නැතිනම් එම බත්වලට වතුර දමා තියා උදෑසන පොල්, රතුළුEණු, අමු මිරිස්‌ සිහින්ව කපා ලුණු මිශ්‍ර කර ගත් විට එයද දිය බත් ලෙස හඳුන්වයි. නමුත් අද සමාජයෙන් මෙම හීල් බත් හා දිය බත් භාවිතය ඈත් වී ඇත. නමුත් දිය බතෙහි ඇති අම්ල නාශක ගුණය අම්ල පිත්ත රෝගයට බෙහෙවින් ගුණදායකය. ආමාශයේ හට ගත් තුවාල (ක්‍ෂත) හා ග්‍රහණි ක්‍ෂත වලට මෙම දියබත ආහාරයට ගැනීමෙන් විශේෂ ගුණයක්‌ ලබාගත හැකිය.

කිතුල් පිටි කැඳ පානය කිරීම, මුං ඇට ආහාරයට එක්‌කර ගැනීම

මුං කිරිබත් ආහාරයට ගැනීම, තම්බා ගත් මුං ඇට ආහාරයට ගැනීම, මුං ඇට තම්බා ගත් වතුර බීම, මුං ඇට ව්‍යාංජනයක්‌ ලෙස ගැනීමද අම්ල පිත්ත රෝගයට මහඟු ගුණදායකය.

බෙලි කොළ, හීන් උඳුපියලිය සමාන ප්‍රමාණයක්‌ ගෙන අව්වේ හොඳින් වියළා කුඩු කර කෝපි මෙන් වත්කර බීම.

මුං ඇට, වී පොරි, බාර්ලි ඇට, සැවැන්දරා මුල්, කළාඳුරු අල, සුදු හඳුන්, කොත්තමල්ලි, තිප්පිලි කලං එකහමාර බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා පෙරා සීනි දමා බොන්න.

කොත්තමල්ලි, සැවැන්දරා, පුහුල් දඬු, පත්තාඩගම්, රසකිඳ තම්බාගත් වතුර නිතර පානය කරන්න.

සූදුරු, මහදුරු, උක්‌පුරුක්‌, වී පොරි, සුදු හඳුන්, සැවැන්දරා තම්බා පෙරා ගත් වතුරට සීනි දමා පානය කිරීම.

ගොටුකොළ, හාතාවාරිය කොළ, උඳුපියලිය කොළ ආදිය කොළ කැඳ වශයෙන් සකස්‌ කර බීම.

කොත්තමල්ලි කබලේ බැද කුඩුකර පානය, බෝ පොතු වියළා චූර්ණය කිතුල් හකුරු සමග, සුදු හඳුන් ඉඟිනි ඇට, සැවැන්දරා තලා තැඹිලි ගෙඩියක දමා උදෑසන පෙරා බීම.

අම්ල පිත්ත රෝගයට දේශීය ප්‍රතිකාර

සැවැන්දරා මුල්, වී පොරි, සුදු හඳුන්, මානෙල් අල, ඉරිවේරිය දඬු සමාන ප්‍රමාණ බැඟින් ගෙන පත අට එකට සිඳ පෙරා සීනි, මී පැණි දමා බීම.

හාතාවාරිය අල, ඉරමුසු මුල්, සුදු හඳුන්, සැවැන්දරා මුල්, ඉරිවේරිය දඬු, කූරතම්පලා මුල්, මුද්දරප්පලම්, වැල්මදට, මානෙල් අල, වැල්මී කළඳයි මදටිය හතර බැගින් ගෙන අට එකට සිඳවා පෙරා සීනි දමා බීම.

උක්‌ පුරුක්‌, මානෙල් අල, නුගමුල්, වැල්මී, අළු කෙසෙල් අල, නෙළුම් රේනු, නුග කරටි, මුද්දරප්පලම්, රට ඉඳි කළං එකහමාර බැගින් ගෙන අට එකට සිඳවා පෙරා සීනි දමා බීම.

පථ්‍ය (හිතකර) ආහාර පාන විහරණ

කවුපි, කඩල, මුං ඇට ආදී ධාන්‍ය වර්ග, කැකිරි, පොළොස්‌, පිපිCඳ්C¹, වට්‌ටක්‌කා, කෙහෙල් මුව, පතෝල, බත් වලින් පෙරා ගත් කැඳ වතුර, පළා වර්ග, ඇඹුල් කෙසෙල් හැර අනෙකුත් කෙසෙල් වර්ග, සුදු කිරි (කහට නොදමා), සව් කැඳ, කිතුල් පිටි කැඳ, කොළ කැඳ වර්ග, බෙලි මල් වතුර යෝගට්‌ ආදිය හිතකර වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පුද්ගලයකු බ්‍රහ්ම මූර්තියෙන් අවදි විය යුතු බව සඳහන් කරයි. බ්‍රහ්ම මූර්තිය යනු අලුයම 4.30 සිට 5.00 දක්‌වා කාලයයි. උදෑසන අවදි වූ වහා පිරිසිදු ජලය පානය කිරීම ඉතා වැදගත්ය.

දිනපතා ව්‍යායාම කිරීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්‌ පවත්වාගෙන යැම ඉතා වැදගත්ය. එමගින් සිරුරෙහි සැහැල්ලු බව ඇති වේ. අග්නි දීපනය නිසා ආහාර හොඳින් දිරවයි. අධික තරබාරු බව පහව යයි.

මෙලෙස පථ්‍ය ආහාර විහරණ සේවනය කිරීම තුළින් මෙම අසහනකාරී අම්ල පිත්ත රෝගයෙන් මිදී නිරෝගී දිවියක්‌ ඔබටත් උදාකර ගත හැකිය.

වෛද්‍ය

ඡේ. පී. එම්. නෙළුම්කා ජයවීර පටබැඳි

කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය
  • Blogger Comments
  • Facebook Comments

2 comments:

  1. ඉතාමත් වටිනා කරුණු.සෑම දෙනාම දැනුවත් විය යුතු ඒවා .ස්තුතියි .

    ReplyDelete
  2. ඉතාමත් වටිනා කරුණු.සෑම දෙනාම දැනුවත් විය යුතු ඒවා .ස්තුතියි .

    ReplyDelete

Item Reviewed: අම්ල පිත්ත රෝග දුරුකරගන්නා අයුරු Rating: 5 Reviewed By: Unknown