728x90 AdSpace

Latest News
Monday 24 August 2015

සංගා ගැන ඕගොල්ලො කවුරුවත් නොදන්න කාතාවක්


ලාංකීය ඩොනල්ඩ් බ්‍රැඩ්මන් .....සංගා....



සංගක්කාර යනු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමහි සාමාජිකයෙක් මෙන්ම හිටපු නායකයාද වේ.
ඔහු මුල් පෙළ වමත් පිතිකරුවෙකි. ඔහු කඩුළු රකින්නා හා මුල් පෙළ පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කිරීමට පුරුදුව සිටියත්, ටෙස්ට් ක්‍රීඩාවේ කඩුළු රැකීමෙන් ඉවත්වීමත් සමගම ඔහුගේ පිතිකරණයේ සැලකිය යුතු වෙනසක් ඇති විය.
ඔහුගේ ක්‍රීඩා දිවියේ අවස්ථා කීපයකදිම ලොව අංක 1 ටෙස්ට් පිතිකරු බවට පත් වීමට ඔහුට හැකි විය.ලෝක කුසලානයේදි ඉන්දියාවට එරෙහිව ලද පරාජයත් සමගම ඔහු නායකත්වයෙන් ඉවත් විය.
ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සහ බ්‍රයන් ලාරා ට පසුව ලොව වැඩිම ටෙස්ට් ද්විතව ශතක ගණනක් රැස්කර ඇත්තේ සංගක්කාර වේ. ඔහු සිය 8වන ටෙස්ට් ද්විත්ව ශතකය 2011 ඔක්තෝම්බර් 21 දින අබුඩාබිහීදි පකිස්ථානයට එරෙහිව වාර්තා කරන ලදි.
කුමාරි වෙදආරච්චි චොක්ශන්ද්‍රා මුදලිගේ සහ චොක්ශාන්ද වෙදාඅරච්චි සංගක්කාරට දාව 1977දීමාතලේ දී කුමාර සංගක්කාර උපත ලබන ලදි
. සංගක්කාර ඔහුගේ මූලික හා ද්වීතීක අධ්‍යාපනය ලැබුවේ නුවර නගරයේ තිබෙන ප්‍රමුඛතම පාසලක් මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් (අස්ගිරිය ක්‍රීඩාංගණය) හිමි ලෝකයේ එකම පාසල වන ත්‍රිත්ව විද්‍යාලයෙනි.
වරක් ඔහු වසරේ විශිෂ්ඨම ශිෂ්‍යයාට පිරිනමන The Ryde Gold Medal සම්මානයෙන්ද පිදුම් ලැබීය.[ 1996 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායක දූරය දැරීමටද ඔහුට හැකි විය.
සංගක්කාර පාසල් සමයේදී ක්‍රිකට් හා ටෙනිස් ක්‍රීඩා සඳහා විශේෂ දක්ෂතාවක් පෙන්වූ අතර ඒ හේතුවෙන් වරක් පාසලේ එවකට විදුහල්පතිව සිටි ලෙනාඩ් ද අල්විස් මහතා විසින් සංගක්කාරගේ මවට ඔහුව ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ඉහලට යවන ලෙසද ඉල්ලීමක්ද කොට ඇත.
මොහු පිලිබඳ අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍යය.මේ වන විට ලොව හොදම පිතිකරුවන් අතරින් පෙරමුණ ගෙන සිටී.2015 ලෝක කුසලානයේදී තරග හතරකදී පිට පිට ශතක 4 ක් වාර්තා කරමින් , ක්‍රිකට් වාර්තා පොත මෙතෙක් සටහන් නොවූ කඩ ඉමක් කරා ගෙනයාමට සමත්ව සිටී .
ඉන්දියාව සමඟ ඕවල් ක්රීඩාංගනයෙ
පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් පසුව
අනාගතයට ඉතිරිවන්නේ කුමාර සංගක්කාර
පිළිබඳ මතක සටහන් පමණි.
ඒ ඔහු එම තරගයෙන් පසුව ක්රිකට් පිටියෙන්
සමුගැනීමට තීරණය කර ඇති බැවිනි.
සිය සමුගැනීම ගැන සංගා පවසා තිබුණේ
මෙවැන්නකි.
‘‘මට තවත් දීර්ඝ කාලයක් ක්රිකට් ක්රීඩාවේ
යෙදෙන්න කාලයක් ඉතිරි වෙලා නෑ. ඇරත්
මා නැතිව කණ්ඩායම ගොඩනැගිය යුතුයි.
ජයග්රහණයක් හෝ දෙකක් වෙනුවෙන් මා තවදුරටත් කණ්ඩායමේ රැදෙනවා නම් එය
නවකයකුගේ අවස්ථාව ඇහිරීමක්. ඒ නිසා මා
යන්න ඕනා”’’

කෙසේවුවද ශ්රී ලංකාව නියෝජනය කළ
දැවැන්තයකු වන ඔහුගේ සමු ගැනීම
ඇතැමුන්ට දරාගත නොහැකිය.ඊයේ දිනයේ ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගෙන ගෙන ගියත් සංගා අපේ හිත් තුළ සදාතනිකවම වැජඹෙවි....ක්‍රිඩාවේ මහත්මා ගුණයේ උපරිමය ඔබෙන් දුටුවෙමි....
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සංගා ගැන ඕගොල්ලො කවුරුවත් නොදන්න කාතාවක් Rating: 5 Reviewed By: Unknown