728x90 AdSpace

Latest News
Tuesday 18 August 2015

ඒ වෙදගෙදරින් හන්දිපත් වේදනාව අවසන් කරගන්න


මම ඒ වෙද නිවසට ගියේ කිසියම් අවශ්‍යතාවකටය. එදින සෙනසුරාදා දිනයක්‌ වූ හෙයින් රෝගීන් රැසක්‌ තැන තැන රැඳී සිටි අතර කෙනෙක්‌ දණහිස්‌ වෙලාගෙනත් තවත් කෙනෙක්‌ අත පය වෙලාගෙනත් සිටියදී වෙනත් කෙනෙක්‌ ඇන්ද උස පුටුවක වාඩි කරවා ගැටගසා තිබෙනවා දැකගන්නට ලැබුණෙන් තරමක්‌ කුතුහලයට පත් මා සාත්තුවට පැමිණ සිටි කෙනකු මුණගැසී මෙම වෙද මැදුරෙන් කෙරෙන ප්‍රතිකාරය කුමක්‌ දැයි ඇසීමි.
එවිටම ඇයි ඔබ දන්නෙ නැද්ද මේ වෙදගෙදර කැඩුම් බිඳුම් වගේම සර්වාංග රෝගවලට ප්‍රතිකාර කරනවානේ යෑයි වහා ඔහු පිළිතුරු දුන්නත් එයින් මම සෑහීමකට පත් නොවුනෙමි.
එතකොට මේ සේරම අත පය කැඩුණ බිඳුණ රෝගීන්ද පැමිණ සිටින්නේ යෑයි මම නැවත ඇසීමි.
මෙතන අත පය කැඩුණ අයට වඩා නොයෙක්‌ හන්දිපත් ආබාධ ඇති පිරිස්‌ තමයි වැඩිපුරම ඇවිල්ලා ඉන්නේ යි ඔහු නැවතත් පැවසීය.
ඉන් පසු තරමක නිහඬතාවකට පසු මම නැවතත් පරීක්‍ෂාකරමින් තරමක්‌ එහාටත් මෙහාටත් විමසිල්ලෙන් පසුවෙද්දී ඇන්ද උස පුටුවකට තබා බැඳ සිටින දෙදෙනා යළිත් දැක ගන්නට ලැබිණි. මේ පිළිබඳ දැඩි කුතුහලයට පත් මා නැවතත් එම සහායකයාගෙන් ප්‍රශ්නයක්‌ අසමින් අර පුටුවට තබා බැඳ තියෙන්නේ කුමක්‌ නිසා දැයි ඇසීමි. එක දිගට ප්‍රශ්න කිහිපයක්‌ ඔහුගෙන් විමසීම නිසා ඒ වන විට සුහදශීලී බවක්‌ ඔහුගෙන් මට දැක ගන්නට ලැබිණි.
ඔය කොන්දෙ අමාරු හැදුන ලෙඩ්ඩු එතකොට මොකද මේ පුටුවකට තියල බැඳ දමල තියෙන්නේ.
පුටුවකට තියල බැඳල නෙවෙයි. ඒකත් ප්‍රතිකාරයක්‌.
මොකක්‌ද මේ ප්‍රතිකාරය.
ඔය අපේ වෙද නෝනගෙ විශේෂ ප්‍රතිකාරයක්‌ කොන්දෙ අමාරුවට කරන.
මේ කරන ප්‍රතිකාරය මොන මොන වගේ කොන්දෙ අමාරුවලටද මේ වගේ බැඳල තියෙන ප්‍රතිකාර කරන්නේ.
කැඩුම් බිඳුම්වලට සහ සියලුම කොන්දේ අමාරුවලට ප්‍රතිකාර කරන මේ වෙදැදුරුවරිය පිළිබඳ මීට පෙරත් මම ලිපියක්‌ ලියා තිබුණත් ඒ ඇය හා කළ සාකච්ඡාවක්‌ ඇසුරිනි. එහෙත් මෙවර ලිපියක්‌ ලිSවීමට මම ඒ වෙද නිවසට නොගියත් පැමිණ සිටින රෝගීන්ගෙ ස්‌වභාවයත් මේ කොන්දේ අමාරුවලට දක්‌වන මහත් ප්‍රසිද්ධියත් නිසා නැවත ලිපියක්‌ ලිවීමට මා අදහස්‌ කළේ බොහෝ රෝගීන්ගේ දැන ගැනීම සඳහා ය. නමුත් මේ කිසිම ප්‍රතිකාරයක්‌ පිළිබඳ මම එකී වෙදැදුරුවරියගෙන් අසන්න ගියේ නැත.
මෙවැනි ලිපියක්‌ ලිවීමට වෙදැදුරුවරියගෙන් ප්‍රතිකාර විස්‌තර ලබා ගන්නවාට වඩා රෝගීන්ගෙන් ම විස්‌තර ලබා ගෙන මෙම ලිපිය සකස්‌ කිරීම උචිත හෙයින් ඉතා සුපරීක්‍ෂාවෙන් රෝගීන් අතර සැරිසරමින් මම තව තවත් කරුණු සොයා බැලුවෙමි.
රදාවාන කීර්තිරත්න මාවතේ ජයන්තා සෝමසීලී වෙදැදුරුවරිය පැරැණි වෙද පරපුරකට නෑකම් කියූවත් යක්‌කල ආයුර්වේද විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය දිනාගෙන වෙදකමට පිවිස ඇත්තේ ප්‍රවීණ වෙදැදුරුවරුන් කිහිපදෙනකුගේ ආශිර්වාදයද ලබාගෙනය.
මේ පුටු ඇඳි දෙකක බැඳ දමා තිබූ රෝගීන් දෙස නැවතත් මගේ අවධානය යොමු කරමින් නැවත කතාවට පිවිසියේ මේ ප්‍රතිකාර ක්‍රමය කුමක්‌දැයි අවබෝධ කර ගැනීමටය.
මේ වෙදැදුරුවරියගේ විශේෂ ප්‍රතිකාර ක්‍රමයක්‌ තියෙනවා. ඒ බෙහෙත එයාලගෙ පරපුරෙන් සහ දැනුමෙන් නිපදවා ගන්නා එකක්‌. මේ බෙහෙත රෝගයේ ස්‌වභාවය අනුව විනාඩි තිහක්‌ හතලිහක්‌ හෝ ඇතැම් විට පැයක්‌ පමණ බැඳ තබා එක ඉරියව්වකින් නොසෙල්වී ඉන්න අරිනවා. ඊට පස්‌සෙ තමයි අනෙක්‌ ප්‍රතිකාර ආරම්භ කරන්නේ.
ඔබ කොහොමද ඔය විස්‌තර දන්නේ. මම නැවතත් ඔහුගෙන් ප්‍රශ්න කළෙමි.
මම ගොඩක්‌ වෙලාවට මෙතෙන්ට එනවා. ඒ වගේම මම මේ ගමේම කෙනෙක්‌. සමහර අය ගමේ වෙද මහත්තය ගැන දන්නෙ නැහැ. ඒ වගේම තවත් අයෙකුට ඇත්ත කියන්නෙත් නැහැ. ඒත් මේ වෙද නෝන අපට සම්පතක්‌. කොටින්ම ගමට පුදුමාකාර සේවයක්‌ තමයි කෙරෙන්නේ. ඒක නිසා මේ වෙද නෝනගෙ සියලු ප්‍රතිකාරයන් ගැන මට හොඳ අවබෝධයක්‌ තියෙනවා.
ඉතිං කියන්න බලන්න මේ විශේෂ කොන්දෙ ප්‍රතිකාරය ගැන මම නැවතත් ඔහුගෙන් විමසීමි.
අර පුටුවට තියල බැඳල ඉන්න රෝගියාගෙ කොඳු ඇට පෙළේ තමයි ආබාධයක්‌ තියෙනව කියල කියන්නේ. වෛද්‍ය වාර්තාවලින් කියල තියෙන්නෙ කොන්දෙ ඇට දුරස්‌වෙලාද ඈත්වෙලාද මොකක්‌දොa කියල. ඉස්‌පිරිතාලෙ ගිහිල්ල ගත් ප්‍රතිකාරවලින් සනීපයක්‌ නැහැයි කියල තමයි කියන්නේ. කොහොම හරි මේ වෙද නෝන ගැන ආරංචි වෙලා මෙහෙට ඇවිල්ලා.
ඉතිං ඒ කොන්දේ ආබාධයට ද ඔය බැඳල තියෙන්නේ.
බැඳල තියෙන්නෙ නිකන් නෙවෙයි. බෙහෙතක්‌ ගාල තමයි ඒ ඉන්නේ. කොහොමත් ඒ බෙහෙත බැන්දට පස්‌සෙ නෝ හෙල්ලුම්. ඔහු සිනාසෙමින් කීවේය. එතකොට මේ අනෙක්‌ රෝගීන්ගෙ අත පය වෙලල තියෙන්නෙ.
ඒ අයගේa දණහිස්‌ අමාරුවලටත් මේ බෙහෙත බඳිනවා. ඉන්පස්‌සෙ තමයි අනෙක්‌ ප්‍රතිකාර ආරම්භ කරන්නෙ.
ඒ කියන්නේ මේක විශේෂ බෙහෙතක්‌
සත්තකින්ම ඔව්. මේක විශේෂ බෙහෙතක්‌. මේක ගොඩක්‌ රෝගීන්ට මුලින්ම කරන ප්‍රතිකාරයක්‌. ඉන් පස්‌සෙ තමයි අනෙක්‌ ප්‍රතිකාර අරඹන්නෙ.
දක්‍ෂකමක්‌ තිබෙන වෛද්‍යවරයකු පිළිබඳ කතා කිරීමට රෝගීන් මිස වෙනත් කෙනකු අවශ්‍ය නැතැයි මට මෙහිදී සිතුනි. එනිසාම මෙම වෙදැදුරුවරිය හමුවීමට කිසිසේත්ම නොගිය මා තව තවත් රෝගීන් හා කතා කරමින් මේ විශේෂ ප්‍රතිකාරයන් හි ඇති සුවිශේෂී බව වටහා ගන්නට අදහස්‌ කළෙමි.
සෑම සතියේ දිනකම සවස්‌ වරුවේ රෝගීන්ට ප්‍රතිකාර කරන මෙම වෙදැදුරුවරියට සති අන්තයේදී නම් කිසිම විවේකයක්‌ තිබුණේ නැත. ඒ තරමට ම රෝගීන් ඇය සොයා පැමිණෙන්නේ තම තමන්ගේ රෝග සුව කර ගැනීමටයි.
වරෙක මෙම සුප්‍රසිද්ධ පාරම්පරික වෙදැදුරුවරයකු ප්‍රකාශයක්‌ කරමින් කියා සිටියේ කිසියම් වෙද මහත්තයෙකුගෙන් හෝ වෙද හාමිනේ කෙනකුගෙන් ප්‍රතිකාර ගැනීමට දිනකට දහදොළොස්‌ කෙනකුවත් නො එන්නේ නම් ඒ වෙදකම කරනවාට වඩා ගොවිතැනක්‌ කරගෙන ජීවත්වීම වඩා නම්බු බවය. එමෙන්ම යම් වෙදැදුරුවරයකු සොයා වැඩි රෝගීන් පිරිසක්‌ පැමිණෙන්නේ නම් එම වෙදැදුරුවරයාගේ ප්‍රතිකාරයන්හි ඇති සාර්ථකත්වය පැහැදිලි වන බවත් කීය.
මෙම කියමනෙන් අදහස්‌ වන්නේ කොතරම් දැන උගත්කමක්‌ වෙදකම පිළිබඳව තිබුණත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකියාවක්‌ නැතිනම් එම වෙදකමෙන් ඇති ඵලක්‌ නැති බවය.
රදාවානේ වෙද නෝනගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටි ඒ පිරිස දෙස විමසිල්ලෙන් බලන විට පෙනී යන්නේ එම කියමනෙන් කෙතරම් සත්‍යතාවක්‌ තිබෙන්නේ ද යන්නය. එසේ නම් මේ ප්‍රතිකාරයන්හි තිබෙන සැබෑ මුහුණුවර සහ එහි ප්‍රත්‍යක්‍ෂකම වෙද ගෙදරට පැමිණ සිටි රෝගී පිරිසගෙන්ම මට වටහා ගන්නට එතරම් කරුණු අවශ්‍ය නොවීය.
කෙසේ වෙතත් දැඩි කොන්දේ ආබාධවලට සහ හන්දිපත් වේදනාවට මේ වෙදැදුරුවරිය දක්‌වන දක්‍ෂතාව සහ ප්‍රසිද්ධිය එම රෝගීන්ගේ මුවින්ම මට අසන්නට ලැබුණ හෙයින් මමද ඇය හමුනොවීම නැවත නිවසට පැමිණෙන විට මධ්‍යම රාත්‍රිය පසුවෙමින් තිබිණි. වැඩි විස්‌තර සඳහා 0718160765 අංකය අමතන්න.
විමලසිරි අගලකඩ
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ඒ වෙදගෙදරින් හන්දිපත් වේදනාව අවසන් කරගන්න Rating: 5 Reviewed By: Unknown