ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී සන්ධිරෝග වාත රෝග ගණයට එක්‌වේ. එහි ප්‍රධාන රෝග අවස්‌ථා තුනක් ඇත. එනම් සන්ධිගත වාත, (Osteo Arthuritis) ආමවාත රෝග (Rheumatoid Arthuritis) සහ වාත රක්‌ත (වාත, පිත හා රක්‌තය) ලෙසිනි.
මීට අමතරව වර්තමානයේ බහුලවම දක්‌නට ලැබෙන තවත් සන්ධි රෝග කිහිපයක් ඇත. ගුද්‍රසි (sciatica) අවබාහුක (Frozer Shoulder) මත්‍යා ස්‌ථම්භ (Cerrical Spondylosis) සහ කටීශූල (තුනටිය ප්‍රදේශයේ වේදනාව) එම සන්ධි රෝග වේ.
සන්ධිගත වාත රෝග (Osteo Arthuritis)
මෙම රෝගය ඇතිවීමට ආහාර, විහරණ. මානසික මහ කාලජ යන හේතු බලපායි.
ආහාරමය හේතු
රළු, සිසිල්, ගුරු (බර) ආහාර ගැනීම ශරීරයට අපත්‍ය ආහාර ගැනීම, ආහාර ගත් විගස යළි ආහාර ගැනීම ඉන් ප්‍රධාන වේ.
විහරණමය හේතු
එදිනෙදා කටයුතු කිරීමේදී වැරදි ඉරියව්වල නිරතවීම, නිතර පයින් ගමන් කිරීම, කඳු නැගීම නිතර පඩි පෙළ නැගීම, අධික අව් රශ්මියට සහ සුළඟට නිරාවරණය වී සිටීම, නිදි මැරීම, දහවල නිදා ගැනීම, මළ මුත්‍ර පිට නොකර සිරකර ගෙන සිටීම, වැටීම සහ තැලීම් ආදිය මේ සඳහා ප්‍රධාන වේ.
මානසික හේතු
නිතර භය, ශෝකය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය සහිතව කටයුතු කිරීම මේ සඳහා බලපායි.
කාලජ හේතු
ශීත හෝ වර්ෂා සහිත පරිසරයක් පැවතීම, වළාකුළු අධික හිරු රැස් අඩු සහිත කාලගුණයක් පැවතීම, සන්ධිගත වාත රෝග මතුවීමට බලපායි.
රෝග ලක්‍ෂණ
සන්ධිගත වාත රෝග මතුවීමේදී දණහිස, වැලමිට, උරහිස, ආදී ප්‍රධාන සන්ධි නැවීම, දිග හැරීමේදී වේදනාවක් මතුවේ. සන්ධි ආශ්‍රිතව ඉදිමුමක් ඇති වේ. සන්ධි ක්‍රියාකරවීම අපහසු වේ.
ආමවාත රෝග (Rheumatoid Arthuritis)
එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම, කුසගින්න අඩුකම, එකතැන වැඩි කාලයක් සිටගෙන, වාඩිවී හෝ නිදා සිටීම, මේදය අධික කෙඳි රහිත ආහාර බහුලව ගැනීම, ආහාර ගත් විගස ව්‍යායාමවල යෙදීම ආදී කටයුතුවල යෙදෙන්නන්ට මෙම රෝග ඉතා පහසුවෙන් මතුවිය හැකිය.
රෝග ලක්‍ෂණ
මෙහිදී මතුවන රෝග ලක්‍ෂණ ලෙස ඇඟපත වේදනාව, ආහාර අරුචිය, පිපාසය, අලසබව, ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම, ආහාර හොඳින් ජීර්ණය නොවීම, සන්ධි ඉදිමුම ආදිය මතුවේ.
වාත රක්‌තය
වාතය සහ රක්‌තය අධිකව දූෂණය වීම නිසා මෙම රෝගය මතු වේ. අත්වල හා කකුල්වල සන්ධිවල මෙය බහුලව මතු වේ.
මෙම රෝගය අපට මතුවීමට ප්‍රධාන වශයෙන් ම බලපාන්නේ උණුසුම් සහිත පරිසරයක් පැවතීම, මිරිස් බහුල ආහාර වැඩිපුර ගැනීමයි. ඊට අමතරව කරවල, අච්චාරු. ජාඩි වැනි ලුණු අධික ආහාර වැඩිපුර ගැනීම, මත්පැන් භාවිතය, වැඩි වේලාවක් අව්වේ සිටීම, අධික ක්‍රෝධය සහිත මානසික තත්ත්වයකින් පසුවීම වැනි කරුණු ද මේ සඳහා බලපායි.
වාත රක්‌තය චර්මය ආශ්‍රිතව (උත්තාන වාත රක්‌තය) සහ ගම්භීරගත සන්ධිවල (ගම්භීර ගත වාත රක්‌තය) ලෙසින් අවස්‌ථා දෙකක් ඇත.
රෝග ලක්‍ෂණ
අධිකව දහදිය දැමීම හෝ නොදැමීම. පාද ආශ්‍රිතව කළු පැහැ වීම, සුළු තුවාලයක් ඇති වුවද අධික වේදනාවක් දැනීම සහ එය සුව නොවීම. අලස බව සහ ශරීරයේ හිරි ගතියක් දැනීම, සම කැසීම, සමේ වර්ණය වෙනස් වීම හා පුපුරු ගසන්නාක් බදු වේදනාවක් වාත රක්‌ත රෝගයේදී මතු වේ.
ගුද්‍රසි වාතය (Sciatica)
පාදවල දරදඬු බවක් දැනීම, වේදනාව, සන්ධි ඉදිමුම සහ ගිජු ලිහිනියකු බදු අයුරින් ගමන් කිරීම ආදී රෝග ලක්‍ෂණ මතු වේ.
මෙම රෝගය මතුවීමට බලපාන හේතු ලෙස කශේරුකාන්තර බිම්බ (Intervertibral disc) පිටතට නෙරා ඒම, ස්‌නායු තෙරපීම (sciatic nurve), වැරදි ලෙස බර එසවීම, වැටීම් සහ වැරදි ඉරියව් මත වාඩි වී සිටීම, නිදා ගැනීම ආදිය දැක්‌විය හැකිය.
අව බාහුක (Frozen shoulder)
අත තිබුණද එය නැතිවාක් මෙන් දැනීම, ඒ ආශ්‍රිත මාංශ පේශි ක්‍ෂයවීම, අත ක්‍රියාකරන විට දී වේදනාව සහ අපහසුව දැනීම මෙහිදී මතුවන ප්‍රධාන රෝග ලක්‍ෂණ වේ.
මේ සඳහා බලපාන්නේ ගෙල ආශ්‍රිත ප්‍රදේශයේ අතිරික්‌ත පර්ශුකා වර්ධනය (cervical ribs) නිසා උරහිසේ ස්‌නායු තෙරපීමය
මත්‍යස්‌ථම්භය(Cervica ssl (Cervical Spondylosis)
මෙහිදී ගෙලෙහි වේදනාවක් මතු වේ. මීට ප්‍රධාන වශයෙන් බලපාන්නේ දහවල නිදා ගැනීම. නිතර පරිගණක ආශ්‍රිතව කටයුතු කිරීම, ඇඳුම් මැසීම ආදියේ නිරතවීමෙදී බෙල්ල පහත් කරගෙන කටයුතු කිරීමය.
වාත ඛණ්‌ඨකය
පාදයේ විලුඹ ආශ්‍රිත අස්‌ථිවල කැල්සියම් තැන්පත් වීම මේ සඳහා බලපායි. මෙහිදී විලුඹ ආශ්‍රිත අධික වේදනාව, උදෑසන කාලයේ එම සන්ධි ආශ්‍රිතව පවතින ඉදිමුව ආදිය රෝග ලක්‍ෂණ ලෙස මතු වේ.
සන්ධි රෝග සඳහා ප්‍රතිකාර
සියලුම සන්ධි රෝග සඳහා බාහිර ප්‍රතිකාර සහ අභ්‍යන්තර ප්‍රතිකාර ලෙසින් රෝගය අනුව ප්‍රතිකාර සිදු කරනු ලබයි.
බෙහෙත් පොට්‌ටනිවලින් තැවීම, පත්තු වර්ග බැඳීම, වස්‌ති ප්‍රතිකාර තෛල පිඬු ප්‍රතිකාරය පංචකර්ම ප්‍රතිකාරය ආදී බාහිර ප්‍රතිකාරත් කසාය ගුලි, කල්ක, චූර්ණ ආදිය මගින් අභ්‍යන්තර ප්‍රතිකාරත් සිදුÊකරනු ලැබේ.
වේදනාව අධික වීම.
සන්ධිගත රෝගවලදී අධික වේදනාවක් මතුවන විට නිකකොළ, ආඩතෝඩ (පාවට්‌ටා) කොළ, බෙහෙත් එරඬු කොළ, සුදුළුEණු බික් 2 - 3 පමණ ගෙන කොටා පොට්‌ටනි බැඳ වංඩුවේ තම්බා තෙල් ගා තැවිය හැකිය.
ශරීරයේ බර
සෑම සන්ධි රෝගයක් සඳහාම ශරීරයේ බර බලපායි. ඒ සඳහා කරපිංචා කොළ, සුදුළුEනු, ගොරකා, දියලුණු, ගම්බිරිස් එකට ගෙන කොටා සම්බෝලයක් ලෙස සකස් කර ගෙන දිනකට තුන්වරක් වෙරළු ගෙඩියක් සමාන ප්‍රමාණයක් ආහාර සමඟ එක්‌කර ගත හැකිය.
ආහාරපාන
අධික ශීත ආහාර ගැනීම අවම කළ යුතුය. උදාහරණ ලෙස වම්බටු, මෑ, මුකුණුවැන්න, නිවිති, බණ්‌ඩක්‌කා දැක්‌විය හැකිය.
ශීතකරණයේ තබන ලද ආහාර නැවත නැවත භාවිතයෙන් වැළකිය යුතුය. මින් ශරීරයේ ආමය වැඩි වේ.
මිරිස්, තෙල්, ලුණු, බහුල ආහාර භාවිතය අඩු කළ යුතුය. පිෂ්ඨය බහුල කෙටි ආහාර ගැනීම, ලුණු අධික ආහාර, කෘත්‍රිම රස කාරක යෙදූ ආහාර ගැනීම හැකිතාක් අවම කළ යුතුය.
විහරණ
සවසට නෑම, රාත්‍රි නිදිවැරීම, අඩි උස පාවහන් පැළඳීම, වැඩි වේලාවක් සිටගෙන සිටීම, වැරදි ඉරියව්වලින් බර ඉසිලීම. කඳු නැගීම, නිතර පඩිපෙළ නැඟීම ආදීය පාලනය කළ යුතුය.
වෛද්‍ය සුජීව විතානගේ
0 comments:
Post a Comment