728x90 AdSpace

Latest News
Saturday 22 August 2015

කටහඬ මිහිරි කරන ගොටුකොළ


පාරම්පරික වෛද්‍යවරු සහ ආයුර්වේද වෛද්‍යවරු ගොටුකොළවල ඇති ඖෂධීය ගුණ හඳුනාගත්හ.

මැඩියකුගෙ හැඩරුව ඇති පත්‍රය නිසා මෙය මණ්‌ඩුක පර්ණ නමින් හඳුන්වයි. හීන් ගොටුකොළ, මහ ගොටුකොළ නමින් දෙවර්ගයකි. මින් හීන් ගොටුකොළ ගුණයෙන් වැඩිය.

උද්භිද විද්‍යාත්මක නාමය Centella Asiatica (L)
urban කුලය Umbellife reae සිංහල හීන් ගොටුකොළ බෙහෙත් ගොටුකොළ දෙමළ එල්ලරාශි කීරෙයි. ඉංග්‍රීසි Pennywort ආදී වශයෙන් නම් රාශියකින් හඳුන්වනු ලැබේ.

පලා වර්ගයක්‌ හැටියට ජනප්‍රියව ඇති ගොටුකොළ අලංකාරය සඳහා ද ගෙවතුවල වගා කෙරේ. බිම දිගේ ඇදී යන ශාකයකි. ගැටවලින් මුල් ඇදෙයි.

කුඩා පත්‍ර සෙ. මි 2-4 දක්‌වා දිගය. රවුම් හෝ පළල් හෝ වක්‍රාකාර හැඩයක්‌ ගනී. පත්‍රයේ අග කෙළවර දන්තාකාරය. මල් ඉතා කුඩාය. රෝස පාටට හුරු හැඩයක්‌ ගන්න මල් පොකුරු සහිතය. කුඩා ගෙඩි ඇත.

ශ්‍රී ලංකාවේත් ඉන්දියාවේත් අඩි 7000 දක්‌වා උස ප්‍රදේශවල වැවේ. තෙතමනය සහිත කුඹුරු වැනි බිම්වල සරුවට වැවේ. මෙය වගා කරනවා නම් මාස තුනක්‌ වැනි කාලයකදී අස්‌වැන්න ලබාගත හැකිය.

මෙම පැළෑටිය සම්පූර්ණයෙන්ම ඖෂධය සඳහා ගනී. ගොටුකොළ ශාකය නැණ නුවණ වඩන ශාකයකි. ධාරණ ශක්‌තිය පෝෂණය කරයි. බඩගිනි ඇති කරයි. හදවතට ද හොඳය.

උගුරේ සෙම කපාහැර කටහඬ මිහිරි කරයි. මෙම ශාකය විවිධ අයුරු ඖෂධයක්‌ ලෙස භාවිත කළ හැකිය.

උගුරේ බැරැණ්‌ඩියට

ගොටුකොළ ඉස්‌ම සූකිරි සමඟ තම්බා බීම හොඳයි.

කට තොල පැලීමට

ගොටුකොළ පඳුර සහ මුලින් ගෙන රතුලූනු, හාතවාරිය ආදිය කලං හතර බැගින් ගෙන අට එකට සිඳ එළඟිතෙල් ස්‌වල්පයක්‌ දමා උදේ සවස බීමෙන් තොල කට පැලීම සුවකර ගත හැකිය.

වනවලට

ගොටුකොළ එළඟිතෙලින් අඹරා ආලේප කිරීම ද දිවිමකුළු විෂට ගොටුකොළ, කලාඳුරු අල ලුණු සමඟ අඹරා දෂ්ඨ කළ මුඛයේ ගෑම හොඳය.වල්නාශක තෙල් ඉසීම නිසා නොමැරී තිබෙන එකම පැළෑටිය ගොටුකොළ බැව් අත්දැක ඇති දෙයකි.

රතුලූනු ගොටුකොළ තල තෙලට දමා සිඳ සකසා ගන්න. තෙල සියලුම ශීර්ෂ රෝගවලට සුදුසු බැව් ගෞරව පූජ්‍යපාද බලංගොඩ ආනන්ද ස්‌වාමීන්වහන්සේගේ හස්‌තසාර වෙද පොත නමැති පුස්‌තකයෙහි සඳහන්ව තිබේ.

කො. ආ. ගුණසේකර
ඇහැලියගොඩ

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කටහඬ මිහිරි කරන ගොටුකොළ Rating: 5 Reviewed By: Unknown