ක්‍රිකට්
සුද්දාගේය. ලෝකයට ක්‍රිකට් හඳුන්වා දුන් සුද්දා එයට 'මහත්වරුන්ගේ
ක්‍රීඩාව' යන නාමයද ලබා දුන්නේය. සුද්දාගේ මේ නම් දැමීම ද්විත්වාර්ථයක් ගෙන
ආවේය. හැමෝම දන්න විදිහට කියන්නේ නම් සුද්දාගේ මේ නම් දැමීම ඩබල් මීනිං ය.
ඒ අනුව සුද්දෝ යනු මහත්වරු ය. අනෙක් අතට ක්‍රිකට් ක්‍රීඩා කරන්නෝ මහත්වරු
ය. මෙන්න මේ විදිහට සුද්දෝ මහත්වරුන් ලෙස තමන්ගේ ක්‍රීඩාව තමන්ගේ පාඩුවේ
කරගෙන ගියෝ ය.
මුලින්ම සුද්දාගෙන් ක්‍රිකට් බෝ වුණේ ඕස්ට්‍රේලියාවටය. ඒ කාලයේ සුද්දෝ සමග ඕස්ට්‍රේලියාවද ක්‍රිකට් ක්‍රීඩා කළේය. එය තනිනොතනියට මෙන්ම ක්‍රීඩාවේ උන්නතියට හේතුවක් විය. අද මෙන් ගුවන් යානා නොතිබුණු ඒ යුගයේදී සුද්දෝ නැව් නැග ඕස්ට්‍රේලියාවට ගොස් තරග පැවැත්වූහ. තරගය අවසානයේ ජයග්‍රාහී පිල විකට්ටුවක් දවා එහි අළු බඳුනක දමා එම බඳුන තම රටට ගෙන ගොස් ජය සැමරූහ. එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර ඓතිහාසික අළු බඳුන තරගාවලියේ උපත සිදු වූයේ එසේය. එසේ යන අතරවාරයේදී ගමනේ විරාමයන් ලෙස ඔවුන් ගමන් ගත් නෞකා විවිධ රටවල වරායන්හි නවතා තැබූහ. දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්, ශ්‍රී ලංකාවේ කොළඹ සහ ඉන්දියාවේ ගෝව එයින් ප්‍රධාන වරාය අතර විය.
මේ වරායන්හි ඉසිඹුලෑමේ අවසන් ප්‍රතිඵලය වූයේ දකුණු අප්‍රිකාව, ඉන්දියාව සහ ශ්‍රී ලංකාවටද ක්‍රිකට් බෝ වීමය. බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ පකිස්ථානය වැනි රටවල්ද පසුව එයට එක් විය. මහත්වරු හෙවත් සුද්දෝ මේ බෝවීමට අකමැති වන්නේ නැත. දැන් ඔවුන්ට තරග පැවැත්වීමට තවත් රටවල් සිටින්නේ ය. මුලදී මේ රටවල් සමග ක්‍රිකට් ක්‍රීඩා කිරීම සුද්දාට මහත් ආස්වාදයක් විය. එයට හේතුව වූයේ හැමවිටම සුද්දා ජයග්‍රාහකයා වීමය. ක්‍රීඩාව සුද්දාගේ වූ අතර එහි පරවේණිකාරයන් සුද්දෝ සෙසු රටවල ක්‍රීඩා විලාසය තීරණය කළහ. ඔවුන්ට ටෙස්ට් තත්ත්වය ලබා දිය යුතුද නැද්ද යන්න තීරණය කළේ ද සුද්දා මය. විශේෂයෙන්ම ඉන්දියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය වැනි රටවල් සුද්දාගේ පිතිහරඹයෙන් හොඳින් පහර කෑහ. ලෝක කුසලානය වැඩි වශයෙන් දිනා ගත්තේ සුද්දාය. නැතහොත් ඕස්ට්‍රේලියාවය. කැරලිකාර බටහිර ඉන්දීය කොදෙව්වන් සුද්දාට විරුද්ධව දස්කම් දැක්වූවද සුද්දාගේ ක්‍රීඩාවට හානියක් කළේ නැත.
මෙලෙස සුද්දාගෙන් ක්‍රිකට් බෝ කරගත් ආසියාව නිකම් සිටියේ නැත. ආසියාවේ ක්‍රිකට් බෝ වූයේ වසංගතයක් පරිද්දෙනි. කණ්ඩායම් ක්‍රීඩා කොතෙක් පැවතියද ආසියාවට අල්ලලා ගියේ ක්‍රිකට් ය. සුද්දා දහදිය දමන්නට බෝලය පසු පස දිව යන විට ආසියාවේ අපේ ක්‍රීඩකයෝ දහදිය වගුරවමින් බෝලය පසුපස දිව ගියහ. ක්‍රීඩාවේ උන්නතියට වැය කිරීමට මුදල් නොමැති රටවල වුවද ක්‍රීඩාංගණ තැනිණි. දිවා රාත්‍රී තරග වෙනුවෙන් විශාල වශයෙන් මුදල් වියදම් කර විදුලි ආලෝකයද සපයනු ලැබීය. තරගයක ජය පරාජය තීරණය කිරීමට දින පහක් බලා සිටින්නට සුද්දාට ඉවසීම තිබුණේ ය. එහෙත් ආසියාවට එතරම් කලක් බලා සිටින්නට හැකියාව තිබුණේ නැත. ක්‍රීඩාවේ මහත්මා ගතිය එක් පැත්තක තිබිය දී ලාබ උපයා ගැනීමේ අපේක්ෂාව අනෙක් පැත්තේ විය. මුදල් ඉපයීමට, ලාබ ලැබීමට නම් ප්‍රේක්ෂකයා තරග නැරඹීමට ගෙන්වා ගත යුතු විය. තරග රූපවාහිනියෙන් විකාශය කළ යුතු විය. ඒ වෙනුවෙන් අනුග්‍රාහක වෙළෙන්දන් පොළඹවා ගත යුතු විය. මහත්වරුන්ගේ ක්‍රීඩාව සමග මෙකී කරුණු කාරණා ගැළපුණේ නැත. එබැවින් මහත්වරුන්ගේ ක්‍රීඩාවේ ඇඟට නොදැනෙන වෙනස්කම් හීන් සීරුවේ සිදු වන්නට විය. ඒ වෙනස්කම්වල යටිපෙළේ සිටියේ ඉන්දියාව ප්‍රමුඛ ආසියාවේ ඩීල් කාරයෝ ය.
මුලදී සුළු වශයෙන් සිදු වූ මෙකී වෙනස්කම් ගැන සුද්දා ද අහිතක් සිතුවේ නැත. ලෝක ශූරතාව ද ඕවර පනහක් වූ එක්දින තරග වශයෙන් පැවැත්වුණු බැවින් එහි බැලූ බැල්මට ලොකු වරදක් තිබුණේ ද නැත. බටහිර ඉන්දීය කොදෙව්, පකිස්තානය වැනි රටවලින් බිහි වූ අතිදක්ෂ ක්‍රීඩකයන් සුද්දාට එලව එලවා නෙලද්දී සුද්දා ක්‍රම ක්‍රමයෙන් පරාජයේ තිත්ත රසය විඳ දරාගන්නට ද හිත හදා ගත්තේය. තවමත් ක්‍රීඩාව මහත්වරුන්ගේ විය.
එකී යුගය ක්‍රිකට් වසන්තය යැයි අතිශෝක්තියකින් තොරව පැවසිය හැකිය. ලෝකයේ බොහෝ රටවල අවධානය ක්‍රිකට් වෙත යොමු වූ අතර නොයෙක් රටවල් ටෙස්ට් තත්ත්වය අපේක්ෂාවෙන් පසු වූහ. ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යප්ත වන පෙරමග ලකුණු දිස්වන්නට විය. මේ සියල්ලේ ආඩම්බරය සුද්දා නිහතමානීව දරා ගත්තේ ය. සුද්දා ඒ අතර සිතුවේ තවදුරටත් ක්‍රිකට් ලොව දෙවිවරුන් තමන් බවය. එහෙත් ඒ වන විටත් සුද්දාගේ ක්‍රිකට් සුද්දාට අහිමි වන මුල් පියවර තැබෙමින් පැවතියේය. ඒ සඳහා පිඹුරුපත් සැකසෙමින් තිබුණේ ඉන්දියාවේ රේස් බුකි අස්සේය. සුද්දා මහත්වරුන්ගේ ක්‍රීඩාව කෙරෙහි විශ්වාසය තබා සිටි අතර රේස් බුකිකරුවෝ ක්‍රීඩාව ලාබ ලබන ව්‍යාපාරයක් බවට පත් කරගන්නා අන්දම සාකච්ඡා කළහ.
ඒ සාකච්ඡා මල් ඵල දරන්නේ සුද්දාටද නොදැනීය. ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ටද නොදැනී ය. අඩුම තරමේ මෙවන් වෙනසක් සිදු වනු ක්‍රිකට් ක්‍රීඩකයන්ටද වැටහී ගියේ තරමක් කල් ගත වූ පසු ය. මහත්වරුන්ගේ ක්‍රීඩාවට වෙමින් පවතින මේ විපර්යාසය නිසි අන්දමින් වටහාගෙන එය පාලනය කළ පිරිසක් වූයේ නම් ඒ ඉන්දියානු බුකිකරුවෝම වූහ.
ඕවර පනහ ඕවර් විස්ස දක්වා පල්ලම් බැස්සේය. එතනින් ද නොනැවතී ලෝක කුසලානයක් දක්වාද වර්ධනය වූයේ ය. ප්‍රිමියර් ලීග් තරග බිමේ හතරේ පහරවල් හයේ පහරවල් වෙනුවෙන් වෙන වෙනම ඔට්ටු දැමෙන්නට විය. අතිතයේ ලෝඩ්ස් බිමේ පූජනීයත්වයට පත් වූ ක්‍රීඩකයෝ ඩොලර් මිලියන ගණන්වලට විකිණෙන්නට වූහ. එදා මිනිසෙකුගේ මිල තීරණය වූයේ වහල් වෙළෙඳපොළ නම් වූ මිනිසත්කමට නිගා කළ භූමියේ පමණක් වූ නමුදු මෙදා ඉන්දීය ප්‍රිමියර් ලීග් වෙළෙඳ පොළේ දී ද ක්‍රීඩකයන්ට මිලක් නියම වන්නට විය. සෙසු ක්‍රීඩාවන් මීට පෙර මෙකී තත්ත්වයට වැටී තිබුණේ යැයි තර්කයක් ගොඩනැගිය හැකි වුවද ඒ එකද ක්‍රීඩාවක් හෝ 'මහත්වරුන්ගේ ක්‍රීඩාව' නොවූ බවද මෙහිදී සිහි කැඳවිය යුතුය.
තමන් ලොවට හඳුන්වා දුන් මහත්වරුන්ගේ ක්‍රීඩාව අද ආසියාවේදී මුදලට විකිණෙන අන්දම සුද්දා අසරණ වී බලා සිටියි. එදා ලෝකයේ කොතනක තරග පැවැත්වුණද දක්නට ලැබුණේ සුද්දාගේ ස්ටයිල් එකය. ක්‍රීඩා පිටිය තුළ මෙන්ම නරඹන්නන් අතරද ආචාර ධර්ම දෝරේ ගලා ගියේ ය.
එහෙත් මහත්වරුන්ගේ ක්‍රීඩාවේ සිට ආසියානුකරණය වූ ක්‍රිකට් කීඩාවේ එවන් මහත්වරුන් සිටියේ නැත. සිටිනවානම් සිටින්නේ තමන් ගිවිසගත් ඩොලර් කුට්ටියට අනුව තමන්ගේ පිළ පරාද වන අන්දමින් ක්‍රීඩා කළ මහත්හොරු ය. ක්‍රීඩකයන් එසේ වන විට නරඹන්නන්ද දෙවැනි වූයේ නැත. තම රට පරාද වන විට පිටියේ ක්‍රීඩා කළ නොහැකි වන පරිදි බෝතල් ආදී වූ කැලි කසළවලින් ක්‍රීඩකයන්ට දමා ගැසීමට තරම් නරඹන්නෝ 'සුහද' වූහ. දිනන පිළ වඩාත් කලින් හඳුනාගෙන තරගයේදී යැවෙන පන්දුවෙන් පන්දුවට ඔට්ටු ඇල්ලීමටත් ඒ ඔස්සේ අතිවිශාල ලාභ ලැබීමටත් ක්‍රියා කරන බුකිකරුවෝ අද ක්‍රිකට් ක්‍රීඩාවේ හිමිකරුවන් බවට පත්ව සිටින්නෝය.
ආසියාව ක්‍රිකට් ආක්‍රමණය කරන විට අද ලොව පුරා පැවැත්වෙන ක්‍රිකට් තරගවලද ආසියානු අනන්‍යතාව පැහැදිලිව පෙනී යමින් තිබේ. පසුගිය ලෝක කුසලානය පැවැත්වුණේ ඕස්ට්‍රේලියාවේ වුවද ක්‍රීඩා තරග නරඹන විට සිතුණේ ආසියානු රටක එම තරග පැවැත්වෙන බවකි. නරඹන්නෝ බොහෝ දුරට ආසියාතිකයෝ වූහ. සුදු හම සහිත නරඹන්නන් පවා මාලිංගගේ කොන්ඩය දමාගෙන සිටීමෙන් පෙනී ගියේ ආසියාව කොතරම් දුරට ක්‍රිකට් තමන්ගේ කරගෙන ඇතිද යන්නයි.
ඇඟේ පතේ ව්‍යායාමයත්, කණ්ඩායම් හැඟීම ඉස්මතු වීමත් අරමුණු කර ගනිමින් තමන් එදිනෙදා කළ ක්‍රීඩාව ලොවට හඳුන්වා දෙන විට එය කෙදිනක හෝ මෙවන් ඉරණමකට ගොදුරු වනු ඇතැයි සුද්දා කිසි සේත් සිතන්නට නැත. අද ක්‍රිකට් තරගවලදී එංගලන්තය ජයක් ලබන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. එය එක්කෝ ඔවුන්ගේ අදක්ෂකම ලෙසින් සැලකිය හැකිය. නැතහොත් ඔවුන් ක්‍රීඩාවේ මේ සිදුවන විපර්යාස හේතුවෙන් සීමා ඉරෙන් ඉවතට විසිවෙමින් සිටිනවා වුවද විය හැකිය. ප්‍රිමියර් ලීග් තරගවලදී සුද්දෙකුට මිල නියමවන්නේ ද කලාතුරකිනි. මේ වෙළෙඳපොළද ආසියාතිකයන් විසින් ආක්‍රමණය කර හමාරය. ඕස්ට්‍රේලියාව මේ සියල්ලට මුහුණ දෙමින් සාර්ථකව සිටින බවට තර්කයක් ඉදිරිපත් විය හැකිය. එහෙත් අමතක නොකළ යුත්තේ ඔස්ට්‍රේලියානු සංස්කෘතිය හැඩගැසී ඇත්තේ ද බොහෝ ජාතීන්ගේ මිශ්‍රවීමක් සමග ඕනෑම වාතාවරණයකට ඔරොත්තු දෙන අන්දමින් බවයි.
සුද්දාගේ ක්‍රීඩාව තවදුරටත් සුද්දාගේ නම් නොවේය. එසේම එය තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාව වන්නේද?
ටිරෝනි වෑවලගේ

0 comments:
Post a Comment