728x90 AdSpace

Latest News
Saturday 22 August 2015

පුදුම උපදවන ගුණැති අරලිය


මලක් දුටු විට එහි ලස්සන, ආකර්ශනීය පෙනුම ගැන කතා කරන අප එහි ගුණ මහිමය ගැන නොහිතන තරම්. එලෙසින් හමුවන මල් ගසකි අරලිය. මේ ඔබ අරලිය ගැන මෙතෙක් නොදත් රහස් කිහිපයකි.අරලිය ගැන අපි දන්නේ ඉතාමත් සුන්දර මල් සහිත ශාකයක් හැටියටයි. පන්සල් හා දේවස්ථාන වල වැඩි වශයෙන් දක්නට ලැබෙන අරලිය ගෙමිදුලේ අලංකාරය සඳහා ද වවනු ලැබේ. අරලිය අපේ රට ඇතුළු ආසියානු රටවලට මෙක්සිකෝවෙන් ලැබුණු ආගන්තුක ශාකයක් හැටියට සැළකේ.බටහිර පර්යේෂණ වලට භාජනය වු නොයෙකුත් ඖෂධීය ශාක අතරින් අරලිය ද එක් ශාකයකි. අරලිය ශාකයේ ඖෂධීය බල මහිමය ගැන සොයන්නට පර්යේෂකයන් වඩාත් පෙළඹුණේ අරලිය ගසේ කිරි වල පුදුම උපදවන ගුණයක් ඇති බව දැනගෙන සිටි නිසාවෙනි.
විශේෂයෙන්ම සුවකළ නොහැකි සමාජ රෝග වලට ප‍්‍රතිකාර සෙවීමේදී අරලිය කිරි ද ඒ සඳහා පර්යේෂණයට ලක් කර ඇත.ඈත අතීතයේ සිටම උපදංශ රෝග සඳහා බෙහෙතක් වශයෙන් අරලිය කිරි යොදාගෙන ඇත. තවද විරේක ගුණයක් ද අරලිය කිරි වල පවතී.උෂ්ණ ගුණයෙන් හා කටුක තිත්ත රසයෙන් යුත් අරලිය ගසේ මුල් සහ පොතු වාත රෝග වලට බෙහෙත් කිරීමේදී යොදා ගනී. ඒ වගේම කුෂ්ට ආදි චර්ම රෝග සඳහා ද ඖෂධයක් වේ.ක්ෂණිකව ඇති වන හිසරදය වැළැක්වීමට අපි බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ ක්ෂණික සහනය දෙන පෙති හා කරල්ය. නමුත් කිසිදු බෙහෙතක් නොබී ශරීරය මතු පිටට බෙහෙත් කර හිසරදය නිට්ටාවට සුව කර ගැනීමට අරලිය කදිම ඔසුවකි. ඒ සඳහා අරලිය කිරි, පොල් විනාකිරි සමග මිශ‍්‍ර කර එය රෙදි කැබැල්ලක ආලේපකර එයින් පැලැස්තරයක් සාදා නළල මත තබන්න.අරලිය පොතුවල විෂබීජ නසන ගුණයක් ඇති බව කිවහොත් සමහර විට ඔබත් පුදුමයට පත් වේවි. නමුත් එය සත්‍යයකි. සුව නොවන පරණ තුවාල වල විෂ බීජ නසා ඉක්මනින් සුවය ලබා දීමට අරලිය පොතු, ඔළිඳ කොළ එකට ගෙන තම්බා එම වතුරෙන් සෝදන්න. එසේ නැතිනම් අරලිය පොතු, අනිත්ත මුල් එකට අඹරා ගාන්න.බටහිර වෙදකමේ මෙන්ම ආයුර්වේද වෙදකමේද අර්ශස් රෝගය සඳහා විවිධ වූ ප‍්‍රතිකාර ක‍්‍රම ඇත. අර්ශස් රෝගයේ ද විවිධ ප‍්‍රබේදයන් තිබෙන නිසා එම රෝග ස්වභාවයන්ට අනුව ප‍්‍රතිකාර කරයි. අර්ශස් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී ආයුර්වේදයේ යොදා ගන්නා ඇතැම් බෙහෙත් ක‍්‍රම වලට අරලිය ද භාවිතයට ගනී. ලේ වහනය වන අර්ශස් රෝගයට මෙන්ම අර්ශස් නිසා හට ගන්නා මස් දළු වලටද අරලිය වටිනා ගුණදායි ඖෂධයකි. ලේ යන අර්ශස් රෝගයට අරලිය දළු තම්බා දිය ඇර සරක්කු දමා කිරට උයා ආහාරයට දෙන්න. අර්ශස් මස්දළු වලට දුම්මල ස්වල්පයක් ගෙන එය අරලිය කිරෙන් අඹරා ගාන්න.උඳුගොව්වන් කෑමේ රෝගය පිළිබඳව වෛද්‍යවරුන් අතර ද විවිධ මත තිබෙනවා. මෙය සුව කළ නොහැකි රෝගයක් හැටියට සිතන සමහර අය මේ පිළිබඳව කතා කිරීමට පවා බියක් දක්වනවා. නමුත් අපේ දක්ෂ වෙද මහතුන් අතර මෙන්ම බේත්හෙත් ගැන හොඳ අත්දැකීමක් හා පළපුරුද්දක් ඇති ගැමියන් අරලිය කිරි වලින් මෙම රෝගයට ප‍්‍රතිකාර කරනු දක්නට ලැබේ. එනම් කතා නොකර සේපාලිකා කොළයක් අතුල්ලා අරලිය කිරි ගාන්න. මෙසේ දින හතක් නොකඩවා මෙම ප‍්‍රතිකාරය කිරීමෙන් සුවය ගෙන දෙන බව ඔවුන් පවසයි.
සටහන - සකුන්තලා ජයසිංහ


  • Blogger Comments
  • Facebook Comments

1 comments:

  1. මේ මනුස්සයා විෂරසායනික සමාගමක ප්‍රතිලාභියෙක් අරලිය කියන්නෙ රටක් සහමුලින්ම වනසා දැමීමට හැකි කෲර ශාකයක්

    ReplyDelete

Item Reviewed: පුදුම උපදවන ගුණැති අරලිය Rating: 5 Reviewed By: Unknown