මල්නොමැතිව ගෙඩි හටගන්නා වෘක්‍ෂයක් හැටියට සඳහන් වුවත්, හිරිමල් ගෙඩියක් පලා බලන විට බීජ වේශයෙන් මල් දැකිය හැකිය. පැසුණු ගෙඩි තුළ කෝඳුරුවන් සිටින හෙයින් කෝඳුරු ගෙඩි ලෙසින් ද ප්‍රකටය. ඔසු සඳහා නොපැසුණු අත්තික්කා ගෙඩි ගත යුතුය.
අත්තික්කා කොල, පොතු, මුල්, ගෙඩි ඖෂධ සඳහා ගැනෙන කොටස් ය. සෙම් හා පිත සමනය කරයි. ලේ පිරිසුදු කරයි. තුවාල ශුද්ධ කරයි. ගොඩ කරයි. ඉදිමුම, වේදනාව නසයි. සමේ වර්ණය ඇතිකරයි. පැසුණු ගෙඩි සමේ දැවිල්ල දුරු කරයි. රත් පිතට හා දියවැඩියාවට ගුණදායකයි. යෝනි රෝග රක්ත ප්‍රදර යනාදී රෝග සදහා ගුණ දේ. මේ අනුව අත්තික්කා ශාකයට ආයුර්වේදයේ වැදගත් තැනක් හිමි වේ. මුත්‍ර රෝගවලට අත්තික්කා ගුණදායක යැයි ආයුර්වේදය කියයි. අත්තික්කා ගසේ නොමේරූ ගෙඩි ව්‍යාංජන වශයෙන් ගැනීම ආබාධ කීපයකට නිර්දේශ වී ඇත. දකුණු ඉන්දියානු වැසියෝ අත්තික්කා ගසේ කඳෙහි යුෂ ගෙන මධුමේහයට (diabetes) පිළියමක් ලෙස පානය කරති.
විදුරැමස් දියවීෙමේ රෝගයට අත්තික්කා පොතු කෂායෙන් මුඛ දෝවනය ඉතාමත් ගුණදායකයි.
ආයුර්වේදයේ අත්තික්කා ගැන සඳහන් වන්නේ ස්ථම්භ කාරක තිත්ත රසැති, ශීත වීර්යය වූ ද, සෙම් පිත් වණ ස්වේත කුෂ්ඨ හණ්ඩු, අර්ශස්, සෙංගමාලය ආදී ආබාධ නසන්නා වූ ද, ඔසුවක් ලෙසිනි.
ඉදුණු අත්තික්කා ගෙඩි අඹරා යුෂ මිරිකා ගෙන, එයට මී පැණි මිශ්‍ර කොට බීමෙන් රත් පිතට ගුණ දේ. එසේ ම ඉදුණු ගෙඩි ඉස්ම මිරිකා බීම පිපාසයට කදිම පානයකි. අත්තික්කා ඇට චූර්ණය මී පැණි සමඟ ගැනීම තුළින් දියවැඩියාව සමනය කර ගත හැකිය. විදුරු මස ඉදිමුමට අත්තික්කා පොතු කෂාය බීම හොඳ අත්බෙහෙතකි. එසේම ඇඹුල් ගතියට, උගුරට ඒමට දෙන බෙහෙතක් ලෙස අත්තික්කා ගෙඩි තම්බා බීම සුදුසුයි.
අත්තික්කා ගසක ලොකු මුලක් කපා ඒ මුල පාදා එයට හැළියක් තබා රැස්වෙන අත්තික්කා මුලේ වතුර බීම දැවිල්ලට යෝග්‍ය වේ.
අත්තික්කා කොළ, අංකෙන්ද කොළ, අමු කහ යන මේවා සමව ගෙන, ලුණු දමා කොටා, මළවා බැඳීමෙන් ශරීරයේ ඉදිමුම් අවස්ථාවලදී උපකාර කර ගනී. දියවැඩියාවට තවත් බෙහෙතක් ලෙස අත්තික්කා මුලේ පොතු සහ කඳේ පොතු කෂාය කර දෙයි. ඊටම අත්තික්කා පොතු, මාංද ඇට යන දෙවර්ගය කුඩු කර සමව ගෙන ඇල් දියෙන් දියකර දිනපතා තුන් වරක් බොන්න. එසේ දියවැඩියාව සඳහා අත්තික්කා ශාකය විවිධ අයුරින් උපයෝගී කර ගැනීමට හැකිය.
ශුක්‍ර මෝචනයට අත්තික්කා ගෙඩි ස්වරසය සීනි දමා පානය කිරීමෙන් ගුණදායක වේ. අත්තික්කා පොතු කලං 6, රත්මල් පොතු කලං 6 යන මේවා 8 – 1 ට සිඳ බීමෙන් රත්පිතට ගුණ ගෙන දේ. වැටකේ අරළු, අත්තික්කා පොතු, නික කොළ, මුවකිරිය, රත් හඳුන් යන මේවා අඹරා ආලේප කිරීම සුදුසු වන්නේ තවත් හන්දි ඉදිමුමකටයි. පැය 3 කට පසුව සෝදා හරින්න.
ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයේ ද වනාන්තරවල සහ දිය කඩිති හෝ ඇළදොළ ආශි‍්‍රතව දක්නට ලැබේ. දිවයිනේ කිනම් ප්‍රදේශයක වුව වැවිය හැකිය. ගං ඉවුරුවල ද බොහෝ විට මේ ශාකය දක්නට ලැබේ.
පක්ෂීන්ගේ පි‍්‍රයතම ආහාරයක් වන අත්තික්කා ගෙඩි ඉදුණු පසු නෙලා, ජලයේ දමා පොඩි කර, බීජ පෙරාගෙන යළි සෝදා වැලි තවානක තවාන් කර ගනී. පක්ෂීන්ගේ ආහාරයක් වන බැවින් පරිසර සංරක්‍ෂණය සඳහා ද උදව් වේ. පැරණියන් විසින් අත්තික්කා අවට පරිසරය සමතුලිතතාව රැකගැනීම සඳහා යොදා ගත් බව පෙනේ. විශේෂයෙන් ම ජෛව විවිධත්වය පවත්වාගෙන යාමේදී ශාක හා සත්ත්ව ප්‍රජාව අතර අන්තර් සම්බන්ධතාව වැදගත් බව අපේ පැරැණියන් දැන සිටි බව නිසැකයි. පරිසරය ප්‍රයෝජනයට ගනු ලබන විට පරිසරයට සිය සේවය ඉටු කිරීමට ඔවුහු අමතක නොකළහ.
0 comments:
Post a Comment