728x90 AdSpace

Latest News
Saturday 22 August 2015

මුත්‍රා වල ගල් තියෙන අයට සුවය ගෙනෙන අක්කපාන

කක් විතර උස යනවා.

අක්කපාන කියන්නේ ලංකාවේ පහතරට හා පහත රට කදුකර ප්‍රදේශවල ගල් සහිත ස්ථානයන් හි බහුලව වැවෙන ශාකයක් සාමන්‍යයෙන් සෑම නිර්වර්ථන ප්‍රදේශයකම මේම පැලෑටිය තියෙනවා. තෙතමනය හොදින් තියෙන තැන්වල තමයි ගොඩාක්ම පහසුවෙන් වැවෙන්නේ. මේම ශාකය ලංකාවට ගෙන එන ලද්දේ අප්‍රිකාව කිර්වර්ථන ප්‍රදේශවලින් කියලා තමයි ශාක පිලිබද පරික්ෂණ කරන අය අනුමාන කරන්නේ. මේය බහුවාර්ෂික පැලෑටියක් ශාකයේ පත්‍ර සරල වන අතර මල් ද්විලිංගිකයි. වැඩුණු ශාකයක් සාමාන්‍යයෙන් අඩි එකා හමාරක් දෙ
මදක් තිත්ත හා ඇඹුල් රසයෙන් යුක්ත අක්කපාන පත්‍ර මුත්‍රා රෝග වලට ප්‍රතිකාර කිරිමට දිව ඔසුවක් වශයෙන් හදුන්වන්න පුළුවන්. අශ්මරි හෙවත් මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ඇති වන ගල් නැවත ඇති නොවන සේ දිය කර හැරිමට සමත් විශිෂ්ට හැකියාවක් අක්කපාන කොළවලට තියෙනවා.
අක්කපාන ශාකය තම්බා බිම හෝ එම කොල හීනියට ලියා සලාදයක් ලෙස සකසා අනුභව කිරිමත්, කොල වල යුෂ පානය කිරිමත් තුලින් ඒ ඖෂධිය ගුණය ඔබේ ශරිරයට ඇතුල් කර ගන්න පුළුවන්. අක්කපාන කොල අඹරා යටි බඩේහි ආලේප කිරිමෙන් මුත්‍රා අඩස්සිය සුව කර ගන්න පුළුවන්.
* අක්කපාන කොල සම්බල හදා ගන්නේ මෙහෙමයි.
අක්කපාන කොල හීනියට කපා ගන්න.
ඉන්පසු එයට පොල්, කපා ගත් රතු ළුණු, අමු මිරිස් හා උම්ඹලකඩ අවශ්‍ය පමන දමා ගන්න.
පදමට ලුනු දාලා හොදට අනා ගන්න.
මාසයක් පමණ කන විට මුත්‍රා ගල් දියවි යයි.
තවද අක්කපාන කොල කොටා මිරිකා ගත් ඉස්මට මී පැණි දමා හිස්බඩ බී මෙන් මුත්‍රා ගල් දිය කර ගන්න පුළුවන්. එමගින් දැවිල්ලද සමනය වේ.
වකුගඩු අමාරුව තියෙන අයට මේ අක්කපාන හොද නෑ කියලා මතයක් තියෙනවා ඒ නිසා ඒ ගැනත් ඔබේ අවධානය යොමු කරන්න.
  • Blogger Comments
  • Facebook Comments

2 comments:

Item Reviewed: මුත්‍රා වල ගල් තියෙන අයට සුවය ගෙනෙන අක්කපාන Rating: 5 Reviewed By: Unknown