728x90 AdSpace

Latest News
Saturday 22 August 2015

කනේරු



විසිතුරු ශාක සඳහා අද ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ගෙමිදුල අලංකාර කර ගැනීම සඳහා අද ගෘහණියෝ දැඩි උනන්දුවක් දක්වති. මේ තුළින් ඉහළ ආදායම් ලබන ගෘහණියෝද බහුලව සිටිති. ගෙමිදුල අලංකාර කර ගැනීමට වැඩි උනන්දුවක් දක්වන ඔබ මූලික ලෙස බලන්නේ ශාකයේ හෝ මල් වල සුන්දරත්වය පමණක් විය හැකියි.ශ්‍රී ලංකාවේ පවතින විවිධ පැළෑටි වර්ග අතර ඉතාම විස සහිත ශාක බාහෝ ඇති අතර එවැනි අලංකාර එහෙත් මාරාන්තික විෂ සහිත තවත් ශාකයක් හඳුන්වා දීමට මේ සූදානම.මිනිසුන් සියදිවි නසා ගැනීමට විවිධ වූ ක‍්‍රම අනුගමනය කරන අතර සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ප‍්‍රමුඛ ස්ථානයක් ද හිමි වේ. එයින් කනේරු හෙවත් අලරිය කා මිය ගිය ප‍්‍රමාණය විශාලය. කනේරු හෙවත් අලරිය පිළිබඳව නොදන්නා කෙනකු නැති තරම්ය. ඒ අන් හේතුවක් නිසා නොව සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් කනේරු ඉතා ප‍්‍රසිද්ධියක් උසුලන බැවිනි. ගෙවතු වල, වැටවල් ආශි‍්‍රතව බහුලව දක්නට ලැබෙන අලංකාර පඳුරක් ලෙස කනේරු ශාකය හැඳින්විය හැකිය. කනේරු වර්ග දෙකක් දක්නට ලැබේ. එනම් රෝස පාට මල් සහිත කනේරු ශාකය සහ කහපාට මල් සහිත කනේරු ශාකය ලෙසයි. රෝස පාට මල් සහිත කනේරු ශාකයේ ගෙඩි හට ගන්නේ නැති අතර මල් සහ කොළ යන දෙකම විස සහිත වේ. කහපාට මල් සහිත ශාකයේ ගෙඩි හට ගන්නා අතර ශාකයේ සියලු කොටස් විස සහිත වුවද වඩාත් විස වන්නේ බීජ මදයයි. මෙම ශාකයේ පත‍්‍ර සිහින් දිගටි සර්පිලාකාරව පිහිටයි. ගෙඩි ශාකයටම ආවේනික වූ පළල් ති‍්‍රකෝණාකාර හැඩයක් ගනියි. එමෙන්ම ඉහළට එසවුණු මලින් යුක්ත වේ. කොළ පාටින් හට ගන්නා පලය පසුව කහපාටටත් ඉන්පසු කළු පැහැයටත් හැරෙයි. එය මේරු විට හැකිලී යනු දක්නට ලැබේ.
පීරු රට මවුබිම වන කනේරු වල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Thevetia peruviana වේ Yellow Oleanderමෙහි ඉංගී‍්‍රසි නාමයයි. සිහින් පත‍්‍ර සහිත මෙම ශාකය බොහෝ විට දක්නට ලැබෙන්නේ වියළි කලාපයේය. කුරුණෑගල, අනුරාධපුරය, පොලොන්නරුව වැනි ප‍්‍රදේශවල බහුලව දක්නට ලැබේ. සිය දිවි නසා ගැනීම් සම්බන්ධයෙන් වැඩි වාර්තාවන් මෙම ප‍්‍රදේශ වල දක්නට ලැබෙන අතර හේතු වන්නේ කනේරු බීජ මදයයි. කනේරු බීජ මද සීනි සමග කෑ විට මරණය සිදුවන බව ජනප‍්‍රවාදයේ පැවතුන ද එහි විද්‍යාත්මක සත්‍යයක් නැත. මෙම ශාකයේ සියලු කොටස් විස සහිත වන අතර ‘තිවිටින්’ නම් වු විස අඩංගු වේ. ‘ග්ලයිකොසයිඩ්’  නම් වු විස කාරකය බීජ මදයේ අඩංගු වන අතර මෙම විස ශරීර ගත වු විට හෘද කි‍්‍රයාකාරිත්වයට බලපෑම් ඇති කරයි. එමඟින් හුස්ම හිර වීම හේතු කොට ගෙන මරණය සිදු වේ. එබැවින් මෙම ශාකය සුන්දර වුවද ගෙවතු වලින් ඉවත් කිරීම සුදුසු ය. නොදැන සිදුවන උවදුරු සීමිත අතර ක්‍ෂණික කෝපය ආදිය මත සියදිවි හානි කරගන්නේ නම් ගෙමිදුලෙහි කනේරු තිබීම මරණය තවත් ළංවීමට හේතු විය හැකිය.මෙම විස ශරීර ගත වූ විට වමනය කරවිමත්, හැකි ඉක්මනින් රෝහලක් කරා රැගෙන යාමත් කළ යුතුය.
චතුරිකා
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කනේරු Rating: 5 Reviewed By: Unknown