728x90 AdSpace

Latest News
Wednesday 19 August 2015

අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ 2020 සිතියමට ශ්‍රී ලංකාවත්


ශ්‍රී ලාංකික මුස්‌ලිම් ජාතිකයන් දෙදෙනෙක්‌ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයට එක්‌වූ බව පසුගියදා වාර්තා විය. ඒ සමගම මෙරට බුද්ධි අංශවලට වාර්තා වූයේ නැගෙනහිර පළාතේ අයිසිස්‌ ක්‍රියාකාරීන් සිටින බවයි. මෙයට වසර ගණනකට පෙර ජිහාද් සංවිධානය නැගෙනහිර ක්‍රියාත්මක වන බවට වාර්තා විය. එහෙත් එවැන්නක්‌ නැතැයි විවිධ මුස්‌ලිම් සංවිධාන ප්‍රකාශ කර තිබුණි. එසේ වුවත් පසුව ඒ බව සනාථ විය.
කෑගල්ලේ මුස්‌ලිම් කරාටේ මාස්‌ටර්වරයකු සිරියාවේදී ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්වීමත් සමගම ශ්‍රී ලංකාවේ අයිසිස්‌ ක්‍රියාදාමය අනාවරණය විය. ඒ සමගම කලබල වූ කොළඹ මුස්‌ලිම් සංවිධානයක්‌ අයිසිස්‌ සංවිධානය ඇමරිකානුවන්ගේ නිර්මාණයක්‌ යෑයි කියා සිටියේය.
එහෙත් මෑතකදී බ්‍රිතාන්‍ය එම් අයි 6 බුද්ධි සේවාව විසින් අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයේ අනාගත සිතියම සොයාගෙන තිබිණි. ඉන් සනාථ වූයේ ඉදිරි පස්‌ වසර තුළ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය මහද්වීප තුනක සිය බලය පතුරුවා හැරීමට ක්‍රියාකරන බවයි.
මෙම සිතියමට අනුව 2020 වසරේදී ශ්‍රී ලංකාවද අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයට අයත් වේ.
මෙකී අයිසිස්‌ සිතියමෙන් සමස්‌ත ඉන්දියාව කුහරාසාන් යෑයි නම්කර ඇත.
මෙම කුහරාසාන් රාජ්‍යයට ශ්‍රී ලංකාවද අයත්වේ. සව්දි අරාබියාව, එක්‌සත් එමීර් රාජ්‍යය, ඕමානය, යේමනය, සාජා, ඉරාකය, ඉරානය, පාකිස්‌තානය, ඇෆ්ගනිස්‌තානය, ස්‌පාCඳ්Cඳය, පෘතුගාලය, අසර්බයිජානය ඇතුළු රටවල් රැසක්‌ 2020 දී අයිසිස්‌ පාලනයට අයත් වන බව දක්‌වා ඇත.
බීබීසී සේවාවේ මාධ්‍යවේදියකු විසින් භීතියේ අධිරාජ්‍ය නමින් නම්කර ඇති ග්‍රන්ථයෙන් මේ තොරතුරු හෙළිකර තිබේ. ඇන්ඩ්රූ නොස්‌කන් නමැති මෙම මාධ්‍යවේදියා පවසන්නේ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයට සාමාජිකයන් 50000 ක්‌ සිටින බවයි. ස්‌ටර්ලින් පවුම් මිලියන 2 ක වත්කම් ඇති බවයි. ඔවුන් ඉරාකයේ සහ ලිබියාවේ තෙල් සම්පත පාලනය කරනවා යෑයි ඔහු කියා සිටියේය.
ඔවුන් ස්‌පාCඳ්Cඳය නම් කර ඇත්තේ ඇන්ඩුලාස්‌ නමිනි. ඊට පෘතුගාලය හා ප්‍රංශයේ කොටසක්‌ද අයත් වේ.
මෙම ත්‍රස්‌ත කණ්‌ඩායම ආරම්භ කළ අබුමුසාම් නමැත්තා පවසා ඇත්තේ සත් වැදෑරුම් පිළිවෙතක්‌ මත අයිසිස්‌ සංවිධානය ක්‍රියාකරන බවයි.
රටවල් 60 ක්‌ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයට එරෙහි වුවත් මේ දක්‌වාම එම සංවිධානය වනසා දැමීමට නොහැකිවී තිබේ.
මෑතකදී එල්ල වූ තවත් චෝදනාවක්‌ වූයේ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයට ගූගල් සහ ටුවිටර් වෙබ් අඩවි සහාය වන බවයි.
මෑතකදී අයිසිස්‌ සංවිධානය බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ තොරතුරු සොරාගෙන ඇත.
අයිසිස්‌ සංවිධානය 1400 කට අධික තොරතුරු සොරාගෙන ඇති බව වාර්තා විය. අයිසිස්‌ ත්‍රස්‌තයන්ට මෙලෙස අන්තර්ජාලය හරහා පුද්ගලික තොරතුරු සොරාගැනීමට හැකි වූයේ එඩ්වඩ් ස්‌නෝඩන් නමැති හිටපු සී. අයි. ඒ. නිලධාරියා හෙළිකළ තාක්‌ෂණික ක්‍රම මත යෑයි අනාවරණය වී ඇත.
2012 දී බ්‍රිතාන්‍ය ජිහාද් ක්‍රියාකාරිකයකු වූ ජුනයිට්‌ හුසේන්ද බ්‍රිතාන්‍ය රජයට අදාළ තොරතුරු සොරාගෙන තිබිණි. මේ පසුබිම මැද හිටපු මුස්‌ලිම් දේශපාලනඥයෙක්‌ තමිල්නාඩු මාධ්‍යවලට ප්‍රකාශ කරමින් වෙනම රටක්‌ වෙනුවෙන් ආයුධ සන්නද්ධ අරගලයක්‌ දියත් කිරීමට සූදානම් යෑයි දන්වා ඇත.
මෙම වාතාවරණය යටතේ නැගෙනහිර අයිසිස්‌ ත්‍රස්‌ත ක්‍රියාකාරීන් නැතැයි කිවහැකිද? පසුගියදා වාර්තා වූයේ ඉහත කී දේශපාලනඥයාට මැදපෙරදිග රටක්‌ අරමුදල් ලබාදුන් බවයි. මෙම තත්ත්වය මත අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය ක්‍රියාත්මක කරන්නේ ෂරියා නීතියයි.
මෙයට කලකට පෙර මෙරට මුස්‌ලිම් දේශපාලනඥයෙක්‌ ෂරියා නීතිය ඉගැන්aවීම සඳහා පුද්ගලික කෙටුම්පතක්‌ ඉදිරිපත් කර තිබිණි. ශ්‍රී ලංකාව තුළ දණ්‌ඩනීති සංග්‍රහය තුළ ක්‍රියාත්මක වන අවස්‌ථාවේ ෂරියා නීතිය කුමටද? ඉන්දියාව තුළ ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීමට දැරූ උත්සාහයේදී අධිකරණය ඊට ඉඩදී නැත. මෙයට වසර කිහිපයට පෙර එක්‌තරා මුස්‌ලිම් පක්‍ෂයක රූපවාහිනි සේවාවක්‌ සහ ගුවන් විදුලි සේවාවක්‌ ආරම්භ කිරීමට කළ ඉල්ලීම එවකට සිටි රජය ප්‍රතික්‍ෂේප කරනු ලැබිණි. කෑගල්ලේ මුස්‌ලිම් කරාටේ මාස්‌ටර්ගේ මරණය මෙරටට වාර්තා නොවූයේ නම් අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය ශ්‍රී ලංකාවටද බැල්ම හෙළීමේ තොරතුරු වසන්වනු නියතය. අයිසිස්‌ යනු අති බිහිසුණු ත්‍රස්‌ත සංවිධානයකි. ෂරියා නීතිය මුවාවෙන් එකී සංවිධානය මිනිස්‌ ඝාතන විශාල සංඛ්‍යාවක්‌ සිදුකර ඇත.
එම පසුබිම මැද අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානය ගැන දැඩි නිරීක්‍ෂණයේ සිටීමට මෙරට බුද්ධි අංශ ක්‍රියාකළ යුතුව ඇත. පාකිස්‌තානයේ සිට සංචාරකයක්‌ වේශයෙන් මෙරටට පැමිණෙන බව වාර්තාවේ. ඔවුන් කටුනායක සිට කෙළින්ම යන්නේ නැගෙනහිරටය. ඒ කුමක්‌ පිණිසද?
කීර්ති වර්ණකුලසූරිය


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ 2020 සිතියමට ශ්‍රී ලංකාවත් Rating: 5 Reviewed By: Unknown