728x90 AdSpace

Latest News
Saturday 22 August 2015

කාන්තාවක සිය සියුමැලි බව

රැකගැනීම උදෙමා සුසිනිදු සේලයෙන් වත වසා
ගත්තද එය සැබවින්ම ඇගේ කැමැත්ත අනුවම
සිදුවේද යන්න සිතා බැලිය යුතුය. තම ශරීරය
හිරවනසේ දළ ඇදුම් වලින් ගත වසා ගැනීම ඇගේ
කැමැත්තය. ඇය රඵ බවට සැබවින්ම ආශා කරයි.
නමුත් සදාචාරය, සංස්කෘතිය නමැති පවුරින් වටවූ
ඇය තම ඇදුම් පැළදුමි තමන්ගේ අවශ්යතාවය
සදහාම නොව අනෙක්වුන්ගේ අවශ්යතාව අනුව
සකස් කර ගැනීමට පුරුදුව සිටින නිසා තම සිතැගි
යටපත් කරගැනීමට ඇයට සිදුව ඇත. අද ලෝකයේ
කාන්තාවන්ගේ ඇදුම් සැබවින්ම විවේචනයට ලක්ව
ඇත.
186....ගණන්වලදී ඇමෙරිකානු සමාජය තුලද
බෙහෙවින් සාදාචාර සම්පන්න ගුණගරුක තැන්පත්
කුල කතුන් ගැන විස්තර සදහන්වේ. එදවස ඔවුන්ගේ
ඇදුම් පැළදුම්, සිතුමි පැතුම් බොහෝ දුරට චාම්
ස්වරූපයක් ගත්හ. ලෝරා ඉංගල්ස් වයිල්ඩර් විසින්
ලියන ලද පොත් මාලාවේ ඇගේ ළමා කාලයේ
සිට යෞවනියක වන තෙක්ම පැවති සමාජ රටාව
මෙමගින් මැනවින් පෙන්වා දෙයි.
1958 දී පමණ කාන්තාවන් 1000ක් පමණ
දෙනා යොදාගෙන කරන ලද පර්යේෂණයකදී
හෙළි වී ඇත්තේ ගැහැණියකගේ ආදරය
දිනාගැනීමට නම් අවශ්යවන්නේ මුදල් නොව
හැඩිදැඩි සිරුරකින් හෙබි මනා පෞර්ෂත්වයක් බවයි.
ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ
උද්යෝගීමත් පිරිමින් කෙරෙහිය. 15%ක් පමණ විවිධ
විලාසිතා හා මෝස්තර වලට යොමුවන්නන්
කෙරෙහි කැමැත්තක් දක්වා ඇත.
බෙහෙවින්ම සංසුන් පිරිමින් කෙරෙහි
කැමැත්ත පළකර සිටියේ 6%ක් පමණ වන
සුඵතරයකි. ඇමෙරිකානු හා ඉතාලි ජාතික කතුන්
බොහෝසේ ඇලුම් කරන්නේ නීගෝ ජාතික
පිරිමින්ටය. එවැනි විවාහයන් 90%ක්ම සාර්ථකව ඇති
බව සංඛ්යාලේඛන පෙන්වා දෙයි.
එදිනෙදා ජීවිතයේදී මුහුණ පෑමට සිදුවන
ගැටඵවලදී ගැහැණිය පිරිමියාට වඩා සාර්ථකව
ඒවාට මුහුණ දෙයි. ශෝකයකදී බෙහෙවින් ශෝක
වන ඇය හඩා වැලපී තම දුක තුනී කරගන්නට
සමත්වන්නීය.
හදිසි අවස්ථාවලදී රෝගියෙකුට උවටැන්
කිරීමේදී පිරිමියා නිරන්තර කලබලකාරී ස්වරූපයක්
පෙන්නුම් කරයි. නමුත් කාන්තාව සංසුන් මෙන්ම
ඉවසීමෙන් හා අවබෝධයෙන්ද කටයුතු කරයි.
නමුත් කාන්තාවකගේ පුධානතම
දුර්වලතාවය වන්නේ ජීවිතයේ පැනනගින
ගැටඵවලදී ඇය පුශ්ණයේ හරි අඩක් පමණක් විසදා එහි
වැදගත් කොටස පිරිමියා මත පැවරීමයි. උදා.
ලෙස තම දෙමාපියන් විරුද්ධ වන පෙමි පලහිලව්වක්
නිසා තම පෙම්වතා සමග පැනයන්නට තීරණය කරන
ඇය, සිතට දැනෙන බිය, තාසය හා අන් අය තමාව
ඉන් වලක්වාලයි දෝ යන සැකය තමා ගෙදරින්
පැන යන අවස්ථාවට පමණක් සීමා කොට ඉන්
අනතුරුව එළඹෙන පුශ්ණ කෙරෙහි සැලකිල්ලක්
නොදක්වයි. තමා යන්නේ කොතැනකටද? ඉන්
අත්වන ඉරණම, ජීවත් වීමේ මග ආදී වැදගත් කරුණු
වලට ඇගේ අවධානය යොමුවන්නේ නැති තරම්ය.
ඊට හේතුව ඇය සැමවිටම පිරිමියාගේ රැකවරණය
මත යැපෙන්නියකගේ තත්වයට පත්ව සිටීමයි.
කාන්තාව ජීවිතයේ වැඩි කාලයක්
අනුන්මත යැපෙන්නීය. කුඩා කල දෙමාපියන්,
වැඩිහිටිවන විට තම ස්වාමියා හා මහඵ කල
දරුවන්ගෙන් ආදී වශයෙනි. ස්වෝත්සාහයෙන්
ජීවිකාව ගෙනයන්නේ ඉතා අල්ප වශයෙනි.
ජීවිතයෙන් බොහෝ කොටසක් පසුතැවිල්ල,
ශෝකය, බිය, පසුබෑම හා අවිවේකය මතම ගතකරණ
කාන්තාව තම ජීවිතයෙන් 2/5ක් තරම රූපලාවණ
කටයුතු කෙරෙහි අවධානය යොමු කරයි. ශරීරය
හැඩගැන්වීම, විවිධ මෝස්තර ඔස්සේ සිත
මෙහෙයවීමට කාලය ගත කරයි. ජීවිතයේ හරි
අඩක්ම ඈ නින්ද වෙනුවෙන් ගත කරයි. 1/4ක
කොටසක් ඕපාදූප වෙනුවෙන් කාලය ගත කරයි.
ඊටත් වඩා වැඩි කාලයක් සිතුවිලි අතර සිරවී
සිටින්නීය. පිරිමින් ආත්ම ශක්තියෙන් පිරි නිරතුරුවම තම
දෙවුර මත වගකීම් දරා කියාශීලී ව සිටින අතර
ගැහැණිය පිරිමියා ඉදිරියේ මදක් පසුබා සිටින්නීය.
නමුත් පෙරකල නම් පිරිමියා සිය කාය ශක්තියෙන්
හා තර්කයෙන් කාන්තාව අභිබවා යන්නට උත්සාහ
කලද වර්තමානයේ කාන්තාව එතරම් පසුබාන්නියක
නොවේ. අතීතයේදී ඇය පිරිමියාගේ
අඩන්තේට්ටම්, කෙනෙහිලිකම් ඉවසා සිටියද
වර්තමානයේදී නීතියේ පිලිසරණ පතන්නට පවා
ඉදිරියට යන්නීය. කාන්තා විමුක්තිය වෙනුවෙන්
අරගල කරන්නීය.
බොහෝ විට පුරුෂයා කතා
කරනුයේ යම් දෙයක් වටහා දීමේ හෝ තම අදහස්
පුකාශ කිරීමේ අරමුනෙනි. නමුත් කාන්තාව එසේ
නොවේ. ඇය කෙනෙකු පොළඹවා ගැනීමට
හෝ කෙනෙකුගේ උදව්වක් අපේක්ෂාවෙන්
කතා කරයි. කරුණාව, දයාව, රූසිරිය, මුදුමොලොක්
බව, නිතර වෙනස්වන සුඵ බව, කෙනෙක්
පොළඹවා ගැනීමට ඇති හැකියාව, චපල බව,
කාන්තාව සතු ගුණාංග වේ. කාන්තාවකට
මායම් 64ක් ඇති බව හෙළ පොත පතෙහි
සදහන්වේ.
පිරිමියෙකුට ගැහැණියක නොමැතිව
ජීවත් වීමේ හැකියාව වැඩි වුවද කාන්තාවකට ඒ
හැකියාව නැත. ඇයගේ පරිපූර්ණ බව පුරුෂයාය.
එමෙන්ම මිනිසාට සැනසීම ලබාදෙන්නී
ගැහැණියයි. සෙනෙහසේ මුල හෙවත් පටන්
ගැන්ම ගැහැණියයි. පසුකලෙක කෙතරම් උසස්
තලයකට පැමිණියද, කෙතරම් ගැරහුම් අවමන් කලද
රජුන්, මහාමාත්යාදීන් පමණක් නොව වීථියේ සරන
හිගන්නා පවා මුලදී දෙපා තබා පළමු පියවර
තබන්නේ කාන්තාවකගේ සුළැගිල්ලේ එල්ලීගෙන
බව අමතක නොකල යුතුය.
මහාමායා දේවිය, විහාර මහා
දේවිය, සංඝමිත්තා තෙරණිය, තෙරේසා මව්තුමිය,
ප්ලෝරන්ස් නයිටිංගේල් වැනි කාන්තාවන් මුඵ
මහත් ලෝකයටම ආශිර්වාදයකි. වර්තමානයේ
කාන්තාව පුරුෂයා හා සමතැන් ඉල්ලා සිටින්නී
ඇගේ දස්කම් විස්කම් ලොවට පාමිනි. සෑම
සාර්ථක මිනිසෙකු පිටුපසම ගැහැණියක් ඇත යන්න
පතල මතයකි. මා හැගි අදහස නම් කාන්තාවකට
සම තැන නොව නිසි තැන ලැබිය යුතු බව සහ
ලැබී ඇති බවයි. ඒ නම් උතුම් වූ මාතෘත්වයයි.
ඕනෑම කෙනෙකුට ගැහැණියක විය හැක. එහෙත්
දයාබර මව්කෙනෙකු විය නොහැකිය. එබැවින්
කාන්තාවක ගෞරවයෙන් යුතුව පුදනු ලැබීමට
සුදුසුම තනතුරද මාතෘත්වයයි.
* ගැහැණිය ආදරය කරන්නේ ආදරයට විනා
පුද්ගලයාට නොවේ (ජෝ වයිරන්)
* ගැහැණුන් හැමවිටම කතාකරන්නේ හිතයට
යමක් සගවාගෙනය (පිලිප් ඩෙස්සම්)
* මිනිසාගේ සිත අවුල් කිරීමටත්, අවුල් කල සිත
පහන් කිරීමටත් පුඵවන්
ගැහැණියටමය.
(ඩේල් කානගී)
* හැම ගැහැණියම ගැටඵවකි. ඇයට වුවත්
සමහරවිට ඇයම ගැටඵවකි (විලියම් තැචර්)
* බිරිද හදුනාගැනීමට සැමියාගේ මුහුණ දෙස
බැලිය යුතුය. (ස්පාඤඤ වියතෙක්)
* මිනිසුන් දහසක් එක්ව නිවසක් තැනුවද එය නිවසක්
කල හැක්කේ
ගැහැණියකට
පමණි.
(රොබට් පොර්ලෝන්)
* ගැහැණියගේ සේවය පිරිමියාගේ සේවය
තරමටම අගය නොකරන
සමාජයේ සමබර දියුණුවක් ඇත්තේ නැත.
(මහත්මා ගාන්ධි)

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කාන්තාවක සිය සියුමැලි බව Rating: 5 Reviewed By: Unknown