728x90 AdSpace

Latest News
Thursday 13 August 2015

සිංහල හෝඩියේ සඤ්ඤක අක්ෂර


ක ඛ ග ඝ ඞ ඟච ඡ ජ ඣ ඤ ඦට ඨ ඩ ඪ ණ ඬත ථ ද ධ න ඳප ඵ බ භ ම ඹයන වර්ගාක්ෂරවල එන අන්ත අකුරු පෙළ පහළට නිරීක්ෂණය කළවිට හමුවන ඹ, ඤ, ණ, න, ම යන අක්ෂර පංචකයේ භාගය ලෙසයි. වර්ගාන්ත වූ ඉහත අක්ෂර 5 පූර්ණ අනුනාසික අක්ෂර වන අතර ඊළඟට යෙදෙන ඟ, ඦ, ඬ, ඳ, ඹ අක්ෂර 5ට අර්ධානුනාසික යැයි හඳුන්වන්නේ අර්ථවත්ව බව එමඟින් හඳුනාගත හැකි යි.පූර්ණ අනුනාසික අර්ධ අනුනාසිකඞ ඟඤ ඦණ ඬන ඳම ඹ
සිංහලයේ සඤ්ඤක ලක්ෂණය යොදනුයේ ග, ජ, ඩ, ද, බ යන අක්ෂර සමඟ පමණි. එය වෛශේෂිත වූවක් බව මහාචාර්ය විමල් බලගල්ල මහතා පවසයි. මහාචාර්ය ඩබ්ලිව්.එස්.කරුණාතිලක මහතාට අනුව "..රසදිව පහත්වීම නිසා නාසා රන්ධුය ඔස්සේ ද වායුධාරාව ගමන් කිරීම නිසා ඇතිවන ශබ්ද ලක්ෂණය.." අනුනාසිකරණය නම් වෙයි.භාෂා ව්‍යවහාරය තුළ සඤ්ඤක අක්ෂර හා ඉහත අක්ෂර පංචකය විකල්ප වශයෙන් යෙදෙන අවස්ථා ද අපට හමුවේ.
උරග / උරඟනගියි / නඟියිමග / මඟමගුල් /මඟුල්මඩුව / මඬුවනිදි / නිඳිකලබ /කලඹ
ආදී වශයෙනි. මහාචාර්ය බලගල්ලේ මහතා ගේ අදහස අනුව එක් ලේඛනයක් මින් එකක් පමණක් ඒක රූපතාවකින් යුතු ව යෙදීම යෝග්‍ය වෙයි.තනි අක්ෂරයකට වැඩියෙන් ඇති සඤ්ඤක ලක්ෂණය නිසා (වෘද්ධි කොටස) මෙම සඤ්ඤක අක්ෂර 5 අක්ෂර සංයුක්තයක් (අක්ෂර ගොනුවක්) නොවේ ද? එසේ නම් එම අකුරු සංයුක්තය තනි අක්ෂර සේ සිංහල හෝඩියට එකතු කරගැනීම යුක්ති යුක්ත ද.." යන ගැටලුව මතුවිය හැකිය. "සඤ්ඤක" යන නාමය සංස්කෘත සංයෝග යන වචනයේ සමානාර්ථයක් බවත් එහි මූලාර්ථය "සංයුක්ත ව්‍යඤ්ජනය" යන්න බවත්් වන අර්ථගැන්වීම තුළ එම ගැටලුව වඩාත් ඉස්මතුව නැගේ. මහාචාර්ය විමල් බලගල්ල මහතා දක්වන්නේ "සඤ්ඤකය" යන්නට දැන් අක්ෂරවලට "ඈඳන" ලක්ෂණය ලෙස හඳුනාගත යුතු බවයි.උච්චාරණමය ලක්ෂණ අතින් අර්ධ අනුනාසික්‍ය අක්ෂර ඇතැම් විට විකල්ප වශයෙන් යෙදෙන වර්ගීය අල්පප‍්‍රාණ ඝෝෂ ස්පර්ශ ශබ්දයේ සහ වර්ගාන්ත අක්ෂරය වන පූර්ණ අනුනාසික ශබ්දයේ එකතුවෙන් නිපත් අක්ෂරයන් සේ හැඟේ.
1 = 2ඟ = ඬ් + ගඦ = ඤ් + ජඬ = ණ් + ඩඳ = න් + දඹ = ම් + බ
නමුත් එය උචිත දැයි සිතෙන බව බලගල්ල මහතා ප‍්‍රකාශ කරයි. හේතුව සඤ්ඤක අක්ෂරයක් උච්චාරණයට ගත වන කාලය හා සජාතීය අල්ප ප‍්‍රාණ ඝෝෂ ස්පර්ශ අක්ෂරය උච්චාරණයට ගතවන කාලය එක ම වීම හා තවත් වාග්විද්‍යානුකූල නිර්ණායක අනුව සඤ්ඤක තනි අක්ෂරයක් ලෙස පිළිගත හැකිවීමයි."ග" අක්ෂරය උච්චාරණයට ගතවන කාලය හා ඟ අක්ෂරය උච්චාරණයට ගතවන කාලය එක ම කාලයක් වෙයි. එය සඤ්ඤක අකුරු තනි අකුරක් සේ සැළකීමට හේතුවකි. ඒ අනුව සිංහලයේ සඤ්ඤක අක්ෂර පංචකය සිංහල හෝඩියට අත්‍යවශ්‍ය අක්ෂර රාශියක් වනවාසේ ම එම අක්ෂර ගොනුව භාෂාත්මක කාර්යය වඩාත් පහසු, සරල, සුඛනම්‍ය හා අර්ථවත් ප‍්‍රකාශනයක් බිහිකිරීමට පිටිවහල් වන බැව් ප‍්‍රකාශ කළ හැකි ය.

සඤ්ඤක අක්ෂර අර්ධ අනුනාසික, නිරානුනාසික යන නම්වලින් ද හැඳින්වේ. සිංහල භාෂා ඉතිහාසයේ මධ්‍යතන සිංහල අවධියේ රචිත දම්පියා අටුවා ගැටපදය, සිඛවළඳවිනිස හෙරණසිඛ යන පොත්වල ද, සීගිරි ගී වල ද සඤ්ඤකය යෙදී ඇත. සිංහල භාෂාවට ආවේණික ශබ්ද සංකේත වශයෙන් ද සඤ්ඤක අක්ෂර සැළකෙයි.සඤ්ඤක අක්ෂර ගැන පළමුවරට සඳහන් වන්නේ එළු සඳැස් ලකුණ හා 11/12 සියවසේ රචිත සිදත් සඟරාවේය. සිදත් සඟරාවේ දැක්වෙන්නේ "උනුමතින් උසුරුවන බිඳු.." ලෙසිනි. 1887 ජෝන් ස්කොට් ගේ සිංහල - ඉංග‍්‍රීසි ශබ්දකෝෂයේ දෙවන සංස්කරණයේ සඤ්ඤක යන නම "ව්‍යඤ්ජනය හා බැඳුණු අර්ධ අනුස්වාර හෝ බින්දු ලකුණට කියන නම" ලෙස අර්ථකථනය කර ඇත. වර්තමානයේ මෙම අදහස් පිළිනොගැනේ.සිංහලයේ සඤ්ඤක අකුරු 5ක් වෙයි. එනම් ඟ, ඦ, ඬ, ඳ, ඹ යන අක්ෂර 5යි. මෙම අක්ෂර 5 කිසිවිට හල්ව නොයෙදේ.ගඟ, හොඬ, ඇඳ, අඹලෙස ඟ, ඬ, ඳ, ඹ බහුලව ව්‍යවහාරය තුළ යෙදුන ද "ඦ" අක්ෂරය යෙදෙන්නේ ඉතාමත් විරල වශයෙන් බව පෙනේ."ඉඦුඞ" යන වහර සඳහා යෙදෙන බැව් පෙනේ. කතා ව්‍යවහාරය සඳහා වැඩි නැඹුරුවක් ඉහත වහර තුළ දකින්නට පුළුවන.සිදත් සඟරා කර්තෘ අනෝමදස්සී හිමියන්ගේ අදහස අනුව සඤ්ඤක අක්ෂරයක ඇති නාසික්‍ය කොටස එනම් ඟ බින්දුවේ (අනුස්වාරයේ) මාත‍්‍රා ගණන අඩුවීමකින් සකස් වූවකි. නොඑසේනම් බින්දුවේ භාගයකි. නමුත් වර්තමාන භාෂා විශාරදයින් ගේ අදහස ඊට වෙනස්ය.

  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සිංහල හෝඩියේ සඤ්ඤක අක්ෂර Rating: 5 Reviewed By: Unknown