728x90 AdSpace

Latest News
Friday 21 August 2015

ඉරමුසුවේ ගුණ අගුණ


ශරීරයේ කොටස් කිහිපයකටම ගුණ දෙන ඉරමුසු ඉතා වටිනා ඔෟෂධයකි. ශරීරයේ ඇති වන උෂ්ණ ගති, මුත්‍ර රෝග, ගල්, කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යෑම වැනි තත්ත්වයන්ට ඉරමුසු ගුණදායී ප්‍රතිකාරයකි. කොළ පැහැති දිගැටි කොළවලින් යුතු වැලක් හා සමාන ශාකය සීතල ප්‍රදේශවල ඉතා හොඳින් වැඩේ.ඉරමුසු නැටි හොඳින් පිරිසුදු කොට තළා උළුහාල්, සූදුරු එක්කොට තම්බා මඳ රස්නය තිබියදී උක් හකුරු සමඟ පානය කරන්න. ශරීරයේ උෂ්ණ ගතිය අඩුකොට, සිසිල් කරවයි.
ශරීරයේ කොටස් කිහිපයකටම ගුණ දෙන ඉරමුසු ඉතා වටිනා ඔෟෂධයකි. ශරීරයේ ඇති වන උෂ්ණ ගති, මුත්‍ර රෝග, ගල්, කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යෑම වැනි තත්ත්වයන්ට ඉරමුසු ගුණදායී ප්‍රතිකාරයකි. කොළ පැහැති දිගැටි කොළවලින් යුතු වැලක් හා සමාන ශාකය සීතල ප්‍රදේශවල ඉතා හොඳින් වැඩේ.
ඉරමුසු නැටි හොඳින් පිරිසුදු කොට තළා උළුහාල්, සූදුරු එක්කොට තම්බා මඳ රස්නය තිබියදී උක් හකුරු සමඟ පානය කරන්න. ශරීරයේ උෂ්ණ ගතිය අඩුකොට, සිසිල් කරවයි.
ඉරමුසු කොළ හොඳින් සෝදා, හීනියට ලියා, පොල්, ලුණු, ලූනු, දෙහි ආදිය එක්කොට සම්බෝලයක් සේ සකස් කර ආහාරයට එක්කර ගැනීමෙන් ඇඟේ දැවිල්ල ගතිය අඩුවී යයි. කතා නොකරම ඉරමුසු මුල් හොඳින් සෝදා, මද පවනේ වේළා, කොත්තමල්ලි ඇට, සූදුරු, පෙරුම්කායම් සමඟ අඹරා මී පැණියෙන් අනා උදේ සවස ගම්මිරිස් ඇට දෙකක පමණ ප්‍රමාණයක් තැඹිලි වතුරෙන් පානය කරන්න. මෙය ශරීරයේ ලේ පිරිසුදු කිරීමට රුධිරය අඩුවීමට ඉතා හොඳ පිළියමකි.
ඉරමුසු නැටි, මුල්, මල්, කොළ යන සියල්ල හොඳින් සෝදා කපා, තම්බා උක්හකුරු සමඟ වීදුරුවක ප්‍රමාණයක් උදේ සවස සතියකට දෙවතාවක් පානය කිරීම මුත්‍රා දැවිල්ලට ඉතා ගුණදායකය. හොඳින් සෝදා වියළා ගත් ඉරමුසු නැටිවලින් දත්මැදීම විදුරුමස්වලට ඉතා යහපත්ය. ඉරමුසු නැටි හොඳින් කුඩුකර මීපැණි සමඟ පානය කිරීමෙන් කටහ‍ෙ¾ඩ් අපැහැදිලි බව නැතිවී මිහිරි ස්වභාවයක් ගනී.
පුංචි දරුවන්ගේ ඇඟ කැසීමට, ලේ ගෙඩි, බඩවැල්වල හා ආමාශයේ තුවාල, ශරීරයේ ලේ පිරිසුදු වීම සඳහා සාදනු ලබන කසාය වර්ග සඳහාද ඉරමුසු යොදා ගනියි.
සවනි ශේශාධි හර්ෂා

  • Blogger Comments
  • Facebook Comments

1 comments:

Item Reviewed: ඉරමුසුවේ ගුණ අගුණ Rating: 5 Reviewed By: Unknown