728x90 AdSpace

Latest News
Thursday 13 August 2015

ලෝක බැංකුව


ආරම්භයට හේතුදෙවන ලෝක යුද්ධයේ නිමාවත් සමඟම, යුරෝපා ආර්ථිකය බලවත් ලෙස දෙදරායෑම නිසා, බරපතල මූල්‍ය අර්බුදවලට මුහුණ පෑමට සිදුවිය.තවද, යුද්ධයෙන් විනාශයට ලක්වූ රටවල් සංවර්ධනය සඳහා මූල්‍ය ආධාර, පුහුණු ශ‍්‍රමය, උපකරණ වල හිඟයක් ද පැවතිණි. මේ හේතු නිසාම, වර්ෂ 1944 දී, ඇමෙරිකාව ඇතුළු රටවල් 44 ක් එකතු වී “ලෝක බැංකුව“ පිහිටුවා ගත් නමුත්, කි‍්‍රයාත්මක තත්ත්වයට පත් වූයේ වර්ෂ 1949 දී වේ.මෙහි ප‍්‍රධාන කාර්යාලය ඇමෙරිකාවේ වොෂිංටන් නගරයේ පිහිටුවා තිබෙන අතර, අනුබද්ධිත ශාඛා කාර්යාල බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරද, ප‍්‍රංශයේ පැරිස් නුවරද, ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ද පිහිටුවා තිබේ.
සාමාජිකත්වය ලබාගැනීමලෝක බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීමට පෙර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබාගැනීම අනිවාර්ය වේ. යම් රටක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වයෙන් ඉවත් වුවහොත්, ලෝක බැංකුවේ සාමාජිකත්වයෙන්ද ඉවත් වීමට සිදුවේ. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයෙන් ගණන් බලා ඇති අන්දමට, දුප්පත්කම දායාද කර ගත් ලෝක ජනගහනය දශ ලක්ෂ 800 කට වඩා අධික වේ.මෙම දුගී, දුප්පත් රටවල ඉපදෙන බිළිඳුන් දස දෙනෙකුගෙන් එක් අයෙක් පළමුවන උපන්දිනය සැමරිමට පෙර මිය යන බව හෙළි වී තිබේ.ලොව වසංගතයක් බවට පත්වී ඇති, දුගී, දුප්පත්කම ලොවින් තුරන් කිරීමට උදව් උපකාර කිරීම ලෝක බැංකුවේ පරමාර්ථයයි.
ශ‍්‍රී ලංකාවශ‍්‍රී ලංකාව ලෝක බැංකුවේ සාමාජිකත්වය ලබාගනු ලැබුවේ වර්ෂ 1950 දී වේ. නමුත්, ශ‍්‍රී ලංකාවට ආධාර ලබාදීම ආරම්භ වූයෙ, වර්ෂ 1954 සිට වේ.
ආධාර කිරීමලෝක බැංකුවෙන් ශ‍්‍රී ලංකාවට ලැබෙන ආධාර වලින් 30% ක් බල ශක්තිය දියුණුව සඳහාද, 50% ක් කෘෂිකර්ම අංශයේ දියුණුව උදෙසාද, වෙන් කර තිබේ. ඉතිරි කොටස ග‍්‍රාමීය කටයුතු සඳහා උපකාර කෙරේ.
පාලනයලෝක බැංකුවේ පරිපාලන කටයුතු සඳහා, මහා මණ්ඩලය වසරකට වරක්ද, විධායක මණ්ඩලය මසකට වරක්ද රැස්වේ. හත් දෙනෙකුගෙන් යුත් උපදේශක මණ්ඩලයක්ද පිහිටුවා තිබේ. මෙහි පාලනයේ වගකීම පැවරී ඇත්තේ, ලෝක බැංකු සභාපතිවරයා වෙතයි. වර්තමාන ලෝක බැංකුවේ සභාපතිවරයා වන්නේ ජේම්ස් වුල්හන්සන් වේ.


හැඳින්වීමප‍්‍රතිසංස්කරණ සහ සංවර්ධනය පිළිබඳ අන්තර් ජාතික බැංකුව, “ලෝක බැංකුව“ යන කෙටි නාමයෙන් හැඳින්වේ.ලෝක බැංකුව නිර්මාණය වී ඇත්තේ, ආයතන තුනක එකතුවකිනි.එම ආයතන නම්,*ජාත්‍යන්තර මුල්‍ය ආයතනය*ජාත්‍යන්තර මුල්‍ය අරමුදල*සංවර්ධන බැංකුව, යන එම ආයතන වේ.
කීරවැල්ලේ මොහාන් වික‍්‍රමසිංහ
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: ලෝක බැංකුව Rating: 5 Reviewed By: Unknown