728x90 AdSpace

Latest News
Wednesday 12 August 2015

භූමි කම්පා පිළිබඳව අනාවැකි පළ කරන සතුන්



චීන විද්‍යාඥයන් පිරිසක් භූමි කම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට සතුන් යොදා ගැනීමට සූදානම් වන වාර්තා වෙයි.

නැගෙනහිර චීනයේ ජියැංසු පළාතේ නන්ජිංහි භූ කම්පන විද්‍යාඥයන් පිරිසක් මේ සඳහා සත්වෝද්‍යාන හා සත්ව වනෝද්‍යාන ආශ්‍රිතව නිරීක්ෂණ මධ්‍යස්ථාන හතක් පිහිටුවා ඇතැයි Modern Express වෙබ් අඩවිය සඳහන් කරයි. ආසන්න කම්පනයක් හේතුවෙන් සිදු විය හැකි සතුන්ගේ වෙනස් වීම් පිළිබඳව ද ඔවුහු නිරීක්ෂණයේ යෙදෙති.

කුකුළන් 2,000ක් ඌරන් 200ක් හා වර්‍ග කිලෝමීටර 2ක මාළුන් සිටින විලක් සහිත පාරිසරික උද්‍යානයක් එක් මධ්‍යස්ථානයක් ලෙස යොදාගනී. එහි අවට කැමරා සවි කර තිබෙන අතර සතුන්ගේ හැසිරීම පිළිබඳව කර්යමණ්ඩලය දිනකට දෙවරක් භූ කම්පන විද්‍යා කර්යංශය වෙත වාර්තා කරයි.
සතුන් භූ කම්පනයකට පෙර ඇතැම් විට ආතතියට ලක් වන බව නන්ජින් භූ කම්පන විද්‍යා කාර්යංශයේ විද්‍යාත්මක නිරීක්ෂණ පිළිබඳ ප්‍රධානී සාඕ බිංග් මහතා පවසයි.
කෙසේ වෙතත් කුකුළන්ගේ සිදු වන යම් වෙනස් වීම් කරදරයක් පිළිබඳව නොහඟවන අතර ඒ නිසා සතුන් කිහිප වර්ගයක් නිරීක්ෂණය කර උන්ගේ හැසිරීම් එකිනෙක සමපාත කොට බැලිය යුතු බවට ඔවුන් නිර්ණය කර ඇත.
හොන්ග්ෂාන් වන සත්වෝද්‍යානයේ තවත් කාර්ය මණ්ඩල නිලධාරියෙකු පැවසුවේ විශේෂඥ තාක්ෂණය මෙන්ම සතුන්ගේ හැසිරීම් ද භූ කම්පන පිළිබඳ අනාවැකි පළ කිරීමට යොදා ගත හැකි බවයි. විශේෂයෙන්ම කුරුල්ලන්ගේ කලබලය උන්ගේ වල්ග බල්ලන්ගේ මෙන් වැනීම අවධානයට ලක් කල යුතු අවස්ථාවන් ය.
සත්ව චර්යාවන් භූ කම්පන ක්‍රියාකාරිත්වයන් පිළිබඳව අනාවැකි කීමට යොදාගත හැකිය යන්න දිගු කලෙක සිට තිබූ අදහසක් වන අතර 2011 දී විද්‍යාඥයන් පිරිසක් පැවසුවේ සතුන්ට භූ කම්පනයක දී භූගත ජලයේ සිදු වන රසායනික විපර්යාසයන් වහා හඳුනා ගත හැකි බව යි.
මෙහි දී ඉතාලියේ L'Aquila නගරය භූ කම්පනයකින් විනාශ වීමට පෙර ගෙම්බන් පිරිසක් විලක් අතහැර යාම ද පේරු රාජ්‍යයේ 7.0 අගයකින් යුත් භූ කම්පනයකට සතියකට පෙර වන සතුන්ගේ චර්යාවන්හි සිදු වූ වෙනස්කම් ද අවධානයට ලක් වී ඇත.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: භූමි කම්පා පිළිබඳව අනාවැකි පළ කරන සතුන් Rating: 5 Reviewed By: Unknown