728x90 AdSpace

Latest News
Saturday 22 August 2015

දම්පාට මල් පිපෙන අත්තන


ලස්සනට පිපුණු මලක් උදේ පාන්දරට දැක ගන්න අපි හැමෝම ආසයි. ඒත් විස පුරෝගන මතුපිටින් හැඩ වෙලා ඉන්න මලක් ගැන ඔබට මොකද හිතෙන්නෙ? ශාක ලෝකයේ ඒ වගේ පැළෑටියක් ගැනයි අපි දැන් කතා කරන්න යන්නෙ.විස සහිත පැළෑටි අතරින් අත්තන වලට හිමි වෙන්නෙ වැදගත් තැනක්. විස ගැන කතා හැම මොහොතකම අත්තන ගැන නොකියාම බැහැ. මිදුලේ ලස්සනට වැවෙන මල් පැළ අතරින් සීරුවට පැළවෙලා තිබෙන අත්තන ගස් ඔබ අනන්තවත් දැක ඇතිඅත්තන   (Thorne apple) ශාකය විද්‍යාත්මකව හඳුන්වන්නෙ Datura Stramonium   නමින්. සුදට හුරු දම් පැහැයක් ගන්නා පුනීලාකාර හැඩයේ මල් අත්තන ශාකය පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් හොඳම සලකුණක්. වාර්ෂික පැළෑටියක් වන මෙහි පත‍්‍ර ඕවලාකාර හැඩයක් ගන්නා අතර එහි දාරය අපිළිවෙළට පිහිටි කඩතොලු වලින් යුක්තයි. පලාවරණයෙහි තියුණු රෝම පිහිටා ඇති අතර ඵලය ඕවලාකාර හැඩයක් ගනියි. කුඩා වකුගඩු හැඩැති තද දුඹුරු පැහැ බීජ රාශියක් ඵලය තුළ නිපදවේ.අත්තන ඇට වල අඩංගු විස ගැනත් මෙහිදී නොකියාම බැහැ. එක් වරක් පීදී ඇට පැමිණි පසු ශාකයේ අවසානය ළඟා වේ. අත්තන ඇට ශරීර ගත වීම මධ්‍ය ගත ස්නායු පද්ධතියට වඩාත් අහිතකර ලෙස බලපාන අතර කලබලකාරී හැසිරීම් රටාවක් දැක ගත හැකියි. එසේම මරණය පවා ඇතිවිය හැකි අවස්ථා බහුලයි.
හිතාමතාම සිය දිවි හානිකර ගැනීමට භාවිතා කිරීම හෝ හදිසි ගිලීම් ආදී වශයෙන් වස ශරීර ගත වීම බහුලව වාර්තා වේ. මෙම හදිසි විස වීම් ආහාරයට සුදුසු ශාකයක් යැයි සිතා කෑමට ගැනීම හෝ දේශීය වෛද්‍ය ක‍්‍රමයේදී ඖෂධීය පානයක් ලෙස නියමිත මාත‍්‍රාවට වඩා භාවිතා කිරීම නිසාද සිදුවිය හැකිය. ටෙ‍්‍රාපේන් ඇල්කලොයිඩ   (Tropane alkaloids) සමූහයක් මෙහි අන්තර්ගත අතර ඒවා පත‍්‍ර මල් සහ ගෙඩි තුළ දැකිය හැකිය. මෙහි දී අත්තන ශාකය නිවෙසින් බැහැර කළයුතු ශාකයක් ලෙස ඔබ දැනුවත් විය යුතු වීම වැදගත්ය.අත්තන වල විස ගැන කතා කරන විට එය නිවාරණය කර ගැනීම ගැනත් කතා කළ යුතුය. ඒ සඳහා ප‍්‍රථමාධරයක් ලෙස පිරිසුදු ජලය පානය කර වමනය කරවීමට සැලැස්විය යුතුය. එසේම හැකි ඉක්මනින් රෝගියා වෛද්‍යවරයකු වෙත ගෙන යාම ද වඩාත් ආරක්ෂිත පියවරකි.අත්තන උග‍්‍ර විෂ සහිත ශකයක් බැවින් මෙයින් සිදුවන අනතුරු අවම කිරීමට නම් මේවා ගෙවත්තේ වැවීම නතර කළ යුතු වෙයි. ආයුර්වේදයේ ප‍්‍රතිකාර සඳහා යොදා ගැනෙන නිසා ඔසු උයන් සහ විශේෂිත ආරක්ෂාකාරී ස්ථානවල වගා කිරීමට කටයුතු කිරීමත් සිදු කළ යුතු අතර කුඩා දරුවන් මෙම ශාකයේ විස පිළිබඳව දැනුවත් කිරීම ද අනිවාර්ය වෙයි.
පමෝදි


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: දම්පාට මල් පිපෙන අත්තන Rating: 5 Reviewed By: Unknown