728x90 AdSpace

Latest News
Wednesday 19 August 2015

යුනිසෙෆ් සංවිධානය


අරමුණුමෙම සංවිධානයේ අරමුණ වූයේ දෙවන ලෝක මහා යුද්ධයෙන් පීඩාවට පත් වූ ළමයින්ට පිහිටවීම සඳහා විශේෂ අරමුදලක් පිහිටුවීමයි. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ළමයින්ගේ අභිවෘද්ධිය උදෙසා කි‍්‍රයා කිරීම අරමුණකි.තවද, වයස අවුරුදු 05 ට අඩු ළමයින්ට සෑදෙන රෝග මැඩලීම සඳහා ද වැඩි අවධානයක් යොමු කෙරේ. දැනට වාර්තා වෙන අන්දමට දිළිඳු බවත්, මන්ද පෝෂණයත් හේතුවෙන් දිනකට ලොව පුරා ළමයින් 35,000 ක් පමණ මරණයට පත් වේ. මෙම මරණ සංඛ්‍යාවෙන් 1/3 ක් ම සිදුවන්නේ නිව්මෝනියාව, පාචනය, විජලනය, සරම්ප, ක්ෂය රෝගය, පිටගැස්ම, කක්කල් කැස්ස, පෝලියෝ වැනි රෝග වලිනි. මෙම රෝගාබාධ වලින් දරුවන් ගේ වටිනා ජීවිත බේරා ගැනීම යුනිසෙෆ් සංවිධානයේ පරමාර්ථ වලින් එකක් ලෙස සැලකිය හැකියි. ලොව පුරා රටවල් 117 කට අධික සංඛ්‍යාවක් මෙම සංවිධානයට දැනට සාමාජිකත්වය දරා තිබේ. වර්ෂ
1989 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ළමා අයිතිවාසිකම් පිළිබඳ වූ ප‍්‍රඥප්තිය පිළිගැන්වීමෙන් පසුව, ප‍්‍රථම වරට වර්ෂ 1990 දී ළමයින් සඳහා ලෝක සමුළුවක් පැවැත් වූහ. ප‍්‍රඥප්තියට අනුව, ළමා අයිතිවාසිම් පිළිබඳව කාර්යයන් තවත් ව්‍යාප්ත කරමින් අධ්‍යාපනය නොලබන දරුවන්ට අධ්‍යාපනය ලබාදීම, ආරක්ෂිත ජලය ලොවට ලබාදීම, යුද්ධය හෝ මෙහෙකාර සේවයට දරුවන් පත්වීම වළක්වා ගැනීම සහ එම දරුවන්ට ආරක්ෂාව ලබාදීම, විවිධ කෲර වද හිංසාවලට භාජනය වූ දරුවන්ට ආරක්ෂාව සැපයීම වැනි ළමා සුබසාධන කටයුතු සඳහා වැඩි සේවයක් කරනු ලැබේ. යුනිසෙෆ් සංවිධානය වෙනුවෙන් ලොවේ රටවල් රැසක් මුද්දර නිකුත් කර තිබේ. ඒ අතරින් එම සංවිධානයේ පනස්වන සංවත්සරය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව ද, 1996 වසරේ දී මුද්දරක් නිකුත් කරනු ලැබීය. තවද, ලොව දරුවන් සඳහා සිදු කරනු ලබන මෙහෙවර සඳහා වර්ෂ 1965 දී යුනිසෙෆ් සංවිධානයට නොබෙල් තාගය ද පිරිනමා තිබේ. යුනිසෙෆ් සංවිධානයේ එකම බලාපොරොත්තුව නම්, ලොව වෙසෙන සෑම ළමයෙකුටම කිසිදු ජාති, කුල, ආගම්, වර්ග භේදයකින් තොරව, එකම විශ්වයක් තුළ ජීවත්වන එකම දරු කැළක් ලෙස සැලකීමයි.


ආරම්භයඑක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමයින්ගේ හදිසි අරමුදල ලෙස හඳුන්වන, යුනිසෙෆ් සංවිධානය වර්ෂ 1946 දෙසැම්බර් මස 11 වැනි දින බිහි විය. එහි ප‍්‍රධාන කාර්යාලය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ පිහිටුවා තිබේ.
කීරවැල්ලේ මොහාන් වික‍්‍රමසිංහ
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: යුනිසෙෆ් සංවිධානය Rating: 5 Reviewed By: Unknown