පවුරකන්දේ පුංචි ශ්‍රී පාදය
සමනල කන්දේ පිහිටි ශ්‍රී පාදස්ථානය අපිට වැදගත් වන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රී පතුල එහි පිහිටුවපු නිසා විතරක් නෙවෙයි, එය අපේ සංස්කෘතියෙම කොටසක් නිසා. වෙනත් ආගමික ස්ථානවලට වඩා ශ්‍රී පාදය වෙනස් වෙන්නෙ බෞද්ධ දර්ශනයත් පරිසර සංචරණයත් එකට එකතු වුණු නිසා. ජීවිතේ හැම දේකදීම ආගමට දහමට මුල් තැනක් දීපු අපේ රටේ මිනිස්සු පරිසරයේ සොඳුරු බව විඳ ගත්තෙත් ආගම දහමට මුල් තැන දීලා. සීත ගඟුලෙ නාන එක, ඉර සේවය නරඹන එක වගේ දේවල් ශ්‍රී පාද ගමනට එකතු වුණෙත් මේ නිසා.
මෙහෙම ශ්‍රී පාදය වැඳලා එහි පරිසරයේ සුන්දරත්වය විඳපු පැරැණි මිනිස්සු තම තමන්ගෙ ගම් ප්‍රදේශවල තිබුණු සුන්දර කඳු මුදුන්වල මේ වගේ ශ්‍රී පාදයේ අනුරූ ඉදිකළා. ඒ නිසාම ආගමික කටයුතු කරගන්න වගේම ඒ සුන්දර පරිසර පද්ධති අදටත් විනාශ නොවී රැකගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ විදියට හදපු පුංචි ශ්‍රී පාද රාශියක් අපේ රටේ විවිධ ප්‍රදේශවලදී දැක බලාගන්න පුළුවන්.
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙ හල්වල ප්‍රදේශයේ පවුරකන්දෙ පිහිටලා තියෙන පුංචි ශ්‍රී පාදයත් එහෙම ස්ථානයක්. පොළොන්නරු යුගයට නෑකම් කියන පවුරකන්දට ඒ නම ලැබිලා තියෙන්නේ මේ ස්ථානය ගල් පවුරකින් වට වෙලා ආරක්‍ෂා වීම නිසා. මානාභරණ රජතුමා හා වික්‍රමබාහු රජතුමා අතර සිදුවූ සටනින් පැරැදුණු මානාභරණ කුමාරයා ඔහුගේ සහෝදරයන් වුණු කීර්ති ශ්‍රී මේඝ සහ ශ්‍රී වල්ලභ සමඟ පස්යොදුන් රටට පලාවිත් සැඟවිලා සිටියා කියලා මහාවංසයෙ සඳහන් වෙනවා. එහෙම ඇවිත් තමන්ගෙ බලකොටුව හදාගෙන ඉඳලා තියෙන්නෙ මේ පවුරකන්දෙ. මානාභරණ රජතුමාට පුතෙක් නොසිටි නිසා රාජ්‍යය ඇමැතිවරුන්ට භාරදීලා දේවාලයට ඇවිත් සයනය කළා කියලා කතාවකුත් මහා වංසයෙ සඳහන් වෙනවා. ඒ දේවාලය මෙහි තිබුණු පැරැණි විෂ්ණු දේවාලය කියලයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නෙ.

අද වෙනකොට විෂ්ණු දේවාලය දකින්න නෑ. එහි ඉතිරි වෙලා තියෙන්නෙ ගල් කණු කිහිපයක් විතරයි. අතීත සිහිවටනවලින් අද දක්නට ලැබෙන්නෙ ගල් ඔරුවක්, නටබුන් පොකුණක් සහ මානාභරණ කුමාරයා ඇතුළු පිරිස වාසය කරපු විශාල ගල්ලෙන් කිහිපයක් විතරයි. මේ ගල්ලෙන් කැණීම් කටයුතු සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පවරගෙන තියෙනවා. වර්තමානයෙ මෙහි දක්නට ලැබෙන්නෙ පවුරකන්ද රජ මහා විහාරය. නුවර යුගයේ සම්ප්‍රදාය අනුව ඉදිකළ විහාර මන්දිරයක්, ඝණ්ටාර කුලුනක්, ධර්ම ශාලාවක් සහ චෛත්‍යයකින් මේ විහාරය සමන්විතයි. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල පැත්තෙ ඉඳන් එන විට වැලිපැන්න ප්‍රදේශය ආසන්නයේ මිහිදුම් වලාව මැදින් කඳු මුදුනේ දිස් වෙන්නෙ මේ විහාරයේ චෛත්‍යය. මේ චෛත්‍යයෙහි කොතක් දකින්නට ලැබෙන්නේ නෑ. ප්‍රදේශයේ තියෙන උස්ම භූමිය නිසා අකුණුවලින් සිදුවන අනතුරු වළක්වා ගන්න මෙහි කොත ඉවත් කරලා.
1838 වසරේදී ස්වාභාවික කළුගලක් මත නිර්මාණය වුණු ශ්‍රී පතුලෙහි අනුරුව නිසා මේ ස්ථානය පුංචි ශ්‍රී පාදය ලෙස දිවයින පුරා ප්‍රචලිත වෙලා තියෙනවා. මුහුදු මට්ටමේ සිට අඩි 510ක පමණ උසින් පිහිටි මේ පුංචි ශ්‍රී පාදස්ථානයට කොළඹ සිට ඉතා පහසුවෙන් එන්න පුළුවන්. කොළඹ සිට මතුගමට හෝ අලුත්ගමට ඇවිත් මතුගම - අලුත්ගම මාර්ගයේ පැමිණෙන විට හමුවන වැලිපැන්න අධිවේගී මාර්ග ආසන්නයේ පිහිටි ලෙව්වන්දුව හන්දියෙන් හැරී අවිත්තාව මාර්ගයේ පැමිණෙන විට හමුවන හල්වල හන්දියෙන් ඇති මාර්ගය දිගේ එන්න ඕන. මේ මාර්ගයේ එන විට හමුවන කන්නන්ගර මහා විද්‍යාලය ඉදිරියෙන් පවුරකන්දට නඟින මාර්ගය ආරම්භ වෙනවා. ගල් පඩි 600 පමණ තරණය කරලා සුන්දර වන පියසක් මැදින් ඉහළට නඟින්න තියෙන මේ මාර්ගය දිගේ යන එක ලබා දෙන්නෙ ඇත්තටම සමනොළ කන්ද නඟිනවා වගේ සුන්දර අත්දැකීමක්.
මේ ස්ථානයට ආවට පස්සෙ අවට හාත්පසම ඉතා පහසුවෙන් නරඹන්න පුළුවන්. අපි ඉන්නෙ මොන තරම් ලස්සන රටකද කියලා තේරුම් ගන්නත් මේ වගේ තැනකට එන එක ඉතාම වටිනවා. වන පියස මැදින් දිවෙන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ සුන්දරත්වය වගේම තුරුගොමු අතරෙන් දිස්වන වෙරළ තීරයත් ජීවිතේට සුන්දරම අත්දැකීමක් එක් කරනවා. හරියට ගුවන් යානයක ගිහින් බලනවා වගේ ඒ විඳින්න ලැබෙන සුන්දරත්වය නම් කවදාවත් වචනවලින් විස්තර කරන්න බැරිවෙයි.අන්‍ර්ජාලයෙන් උපුටාගන්නා ලදි)
0 comments:
Post a Comment