යුදගනාව
ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යුධගනාව ග්‍රාමයේ පිහිටා ඇත.
වැල්ලවාය මොණරාගල මාර්ගයේ වැල්ලවායේ සිට කි.මී16 ක් පමණ ගිය විට හමුවන යුදගනාව හන්දියෙන් වමට ඇති මාර්ගයේ කි.මී.1 ½ ක් ගිය විට මෙම දාගැබ හමු වේ.
ක්‍රි.පු.2 සියවස දී දුටුගැමුණු සහ සද්ධාතිස්ස කුමරු සටන් වැදුණු ස්ථානය යුද අංගනයක් ලෙස සැලකූ බවත් පසුව එය යුදගනාව වු බව කියයි ඒ හැරුණු විට 12 වන සියවසේ දී මහාපරාක්‍රමබාහු රජු විසින් සිය මෑණියන් වු රත්නාවලී බිසවගේ භෂ්මාවශේෂ තැන්පත් කොට මෙම දාගැබ ඉදිකළ බව තවත් අදහසකි.

0 comments:
Post a Comment