දැනට හඳුනාගෙන ඇති ආකාරයට පෘතුගීසීන් විසින් වෙළෙඳ නැව් හඹා යෑමේදී සූළං පහරට හසූව ඔවූන්ගේ නැව ගාල්ලට සේන්දු විය. ඒ 1505 වර්ෂයයි. ලොරෙන්සෝද අල්මේදා ඇතුළු කණ්ඩායම ඒ නැවින්ම කොළඹට රජතුමා හමූවීම සඳහා ගිය බව වාර්තා වේ. නැවත වරක් 1518 දී ගාල්ලට පැමිණි පෘතුගීසීන් ක්‍රමානූකූලව බලකොටූවක් සකස් කිරිමේ කාර්යයේ නිරත වූහ. මූල් වරට ලංකාවට පැමිණි පෘතුගීසි රජූ හමූවට ගිය ගමන පිළිබඳ ලාංකිකයන් අතරේ තවමත් ප්‍රකටව ඇත. ඒ පරංගියා කෝටිටෙි ගිය කථාවයි. ලාංකික රජූගේ සංග්‍රහශීලිත්වය අයූතු ලෙස භාවිත කරමින් කොටූවක් සැදීම සඳහා අවසර ලබා ගත් බව කියැවේ. තමන්ගේ අසනීප වූ ලෙඩූන් තබා ගැනීම සඳහා හරක් හමක බිම් ප්‍රමාණයක් ඉල්ලා සිටි අතර, පෘතුගිසීන් කළේ හරක් හම කුඩා තීරුවලට කපා ප්‍රදේශයක් ආවරණය කර ගැනීමයි. ඉන්පසූ වැට ඉණි යොදා තාවකාලිකව කොටූ කර ගත් අතර පසූ කාලීනව ශක්තිමත් බලකොටූවක් තනා ගැනීමට පියවර ගෙන තිබේ.
ඈත අතීතයේ මෙරටට ආක්‍රමණයක් පැමිණි පසූ ලාංකිකයන් කළේ ඔවූන් හා යූද වැදි ඔවූන් පරාජය කිරීමයි. එහිදී අවසානයේ ආක්‍රමණිකයන් සතු සියලු දෑ විනාශ කළහ. මෙම කොටූව ද විදේශීය ආක්‍රමණයන්ගේ ප්‍රබල සාධකයකි. එහෙත් එය ලාංකිකයන් විසින් දැනට ආරකෂාව සහ සංරකෂණ කටයූතුවල නිරතව ඇත. එසේ වීමට හේතුව කුමක් ද යන්න විමසිය යූතුය. වසර පන්සියයක් පමණ පැරැණි මෙම ඓතිහාසික ස්ථාන ලාංකිකයන්ට ඇති වැදගත්කම කවරේද යන්න පැහැදිලි කර ගැනීමක් සිදු කළ යූතුව ඇත.
ලක් රජූන්ගේ පහරදීම්වලට භාජන වන බැවින් ගාල්ල බලකොටූවක් තැනීමේ අවශ්‍යතාව දිනෙන් දින පෘතුගීසීන්ට දැනෙන්නට විය. මේ නිසා ඔවූන් පෙරදිග විසූරේ වශයෙන් සිටි මතියස් ද අල්බර්කල්ස් වෙත මෙම අවශ්‍යතාව දැන්වීමේ හේතුවෙන් 1589 දී ගාල්ල කොටූවක් තැනීම සඳහා අවසර දෙන ලදී. එයට හේතුව වූයේ සීතාවක රාජසිංහ රජූ විසින් තාවකාලික කොටූවට පහර දී එය විනාශ කර දැමීමයි. ලක්දිව රජූට මූහූණ දීම සඳහා විශේෂයෙන් ගොඩබිම දිසාව ආවරණය වන අයූරින් මෙම නව බල කොටූව පෘතුගීසීන් විසින් නිර්මාණය කරන ලදී. එය පෙටලීසා යනූවෙන් හඳුන්වන අතර කලු කොටූව ලෙස ද එය හැඳින්විය. එයට ආරකෂිත දොරටූ හා දිය අගල්වලින් අමතර ආරකෂාව සැපයීය.
විශේෂයෙන් කලු කොටූව නමින් හඳුන්වන පෘතුගීසි කොටූව එහි අභ්‍යන්තර කර්මාන්ත නිසා කලුපැහැ ගැන්වීම හේතුවෙන් එම නම ලද බව කියැවේ. මෙය නිර්මාණය සඳහා ගල්, ගඩොල් හා අති විශාල කොරල් ලබා ගැනීමේ පහසූව තිබී ඇත. එම කොටූව අසලම ගල්පරවලින් ලබාගත් කළු ගල් ඉතිරි කොටස් සඳහා භාවිත කෙරිණි. එම කටයූතු සඳහා යොදාගත් ගඩොල් දැව ආදී සාධකයන් ද මෙම අසල ප්‍රදේශවලින් ලබාගත් බව නිසැකය. ඒවා සියල්ල ලාංකිකයන්ට අයිති අපේ සම්පත් බව කිව හැකිය. ඒ තුළ අපේ නිර්මාණ ශක්තිය හා පාරම්පරික බව ද නොයෙක් අවස්ථාවල හඳුනාගත හැකි ය.
පෘතුගීසීන් අසල වරායෙන් බදු ලබා ගැනීම හා නොයෙක් තාඩනවලට මූහූණ දීමට ලාංකිකයන්ට සිදුවිය. එය ලක් රජූට ඉසූලුම් නොදෙන්නක් විය. ඒ සඳහා උපක්‍රමශීලී වූ ලක් රජූ ලන්දේසින්ගේ සහාය පැතීය. මෙහිදී ලන්දේසි ජාතික විලියම් ජාකොබ්ස් කොස්ටර්ගේ සහාය ලබා ගැනීමට රාජසිංහ රජූ තීරණය කරන ලදී. කපිතාන්වරයා ලන්දේසි කණ්ඩායම ද ලාංකික රජූගේ හමූදාව ද එක් වී පෘතුගීසීන් සමඟ විශාල සටනක් කිරීමට සිදුවිය. පෘතුගීසීන්ගේ කාල තුවක්කු ප්‍රහාර හමූවේ අභීතව කටයූතු කළ මෙම මිත්‍ර හමූදා පෘතුගිසීන් පරාජය කොට 1640 මාර්තු 13 දින ගාලු කොටූව අල්ලා ගන්නා ලදී. ඒ සඳහා ලන්දේසීන් සමඟ යම් යම් ගිවිසූම්වලට එළඹීමට ලක් රජූට සිදුවිය.
සිංහල රජූ හා පෘතුගීසීන් අතර වූ ගිවිසූම් ප්‍රකාර කටයූතු එකෙනෙහිම උල්ලංඝනය කරමින් ක්‍රියා කිරීමට ලන්දේසීන් කටයූතු කරන ලදී. මූහූදුබඩ ප්‍රදේශ කිහිපයකම තම බල පරාක්‍රමය ව්‍යාප්ත කිරීම හා ගිවිසූම් උල්ලංඝනය මෙහිදී කැපී පෙනේ. මෙහි ප්‍රතිඵලය වූයේ ආරකෂක අතින් වැදගත් ගාල්ල තුඩූව සම්පූර්ණව ආවරණය වන අයූරින් ලන්දේසීන් බලකොටූවක් නිර්මාණය කිරීමයි. මෙයින් අනතුරුව ඔවූන්ගේ වෙළෙඳ පරිපාලන මධ්‍යස්ථානය ලෙස ගාල්ල භාවිතා කරන ලදී. මෙම ක්‍රියාවලිය හේතුවෙන් ලක්වැසියන් වඩාත් දොම්නසට පත්වූහ. ඒ හේතුවෙන්ම ඔවූනට ගොඩබිම හා මූහූද යන දෙපැත්තෙන්ම එන්නා වූ සතුරු බලවේගවලට එරෙහිව ආරකෂක කටයූතු සංවිධානය කිරීමට සිදුවිය. මේ සඳහා ආධාර අනූබල ලබාදුන් ලාංකිකයන් ද සිටි බව අමතක නොකළ යූතුය.
පෘතුගීසීන්ගේ පැරැණි කොටූව ද සම්බන්ධ කොට සම්පූර්ණ ගාලු තුඩූව ආවරනය වන අයූරින් ආරකෂක අටිටාල 12 ක් සහිතව දැවැන්ත පවූරක් මේ සඳහා නිර්මාණය කරන ලදී. පෘතුගීසීන්ගේ ප්‍රවේශ මාර්ගයට අමතරව නව ප්‍රවේශ මාර්ගයක් ආරකෂිත අටිටාල තුළින් සකස් කරනූ ලැබීය. පැරැණි ගාලු කොටූව ආරකෂිත මධ්‍යස්ථානය වශයෙන් භාවිතා කෙරනි. මෙම අටිටාල සියල්ලම කාල තුවක්කු සවි කොට ආරකෂා කරන ලදී. කොටූව තුළ පරිපාලන මධ්‍යස්ථාන, ගබඩා, රෝහල්, පල්ලි, අපද්‍රව්‍ය පද්ධති හා වීදිවලින් සමන්විතව අංග සම්පූර්ණ නගරයක් නිර්මාණය කරනූ ලැබීය. පැරැන්ණන් ද එය නගරය ලෙසම නම් කෙරිණි.
සූවිසාල ප්‍රාකාරයේ පැති කිහිපයකට විහිදී යන ආකාරයට සිර ගෙවල් ද නිර්මාණය විය.
ස්ටාර යන අටිටාලය යන පැති කිහිපයකට විහිදී ගිය සිර ගෙවල් සඳහා වාතාශ්‍රය ලැබීමට කවූළු කිහිපයක් පමණක් ඇති ආකාරයට ඉතා ආරකෂිතව වූ නිර්මාණයකි. මෙම අටිටාලයේ සිට පැති කිහිපයකට යෑමට හැකියාව ඇත. ගැඹූරු වළක හැඩගැන්වී ඇති මෙහි මූහූද දෙසින් වූ වාතාශ්‍ර කවූළු කිහිපයක් පමණක් මගින් සිරකරුවනට පිරිසිදු වාතය ලැබෙන්නට ඇත. වඩා අපට වැදගත් වන්නේ මේ පමණ ආරකෂාව සහිතව කළ සිර කුටිවල සිටින්නට ඇත්තේ කවූරුන්ද යන්නය. එය අනිවාර්යයෙන්ම ලන්දේසීන්ට විරුද්ධ වන්නන් සඳහා ය. මෙහි දඟගේ කැපී පෙනෙන අංගයක් වේ. මෙහි දුක් ගැහැට විඳිමින් ලාංකිකයන් ද අනිවාර්යෙන්ම සිටින්නට ඇත. එසේ ලාංකිකයන් හෝ වෙනත් සිරකරුවන් මෙරටදීම සිරගත කොට තිබූ මෙවැනි ස්ථාන මතුවටත් ආරකෂා කොට තැබිය යූතු වේ. එයින් පරදේශීන්ට විරුද්ධ වූවන්ගේ උරුමය අප සතුවන බැවිනි.
කොටූව තුළ මාර්ග හා වීදි නම් කිරිමේදී ලන්දේසීන් ඔවූන්ගේ නම් ඒ සඳහා භාවිත කරන ලදී. දැනට භාවිත කරන මේ සියල්ලම පාහේ ලන්දේසීන්ගේ නම් බව පෙනේ. එපමණක් නොව සමහර ස්ථාන සඳහා ඕලන්දයේ නගරවල නම් ද භාවිත කෙරිණි. ලන්දේසි ප්‍රථම ආණ්ඩූකාර කොස්ටර්ගේ උපන් ගමේ නමින් මධ්‍යස්ථානයක් නම් කෙරිණි. එය ඇනස්ලුටි අටිටාලයයි. එසේ අටිටාල සහිත ප්‍රාකාරය ඉදිකිරීම සඳහා දැවැන්ත කළුගල් ප්‍රමාණයක් අවට ප්‍රදේශයෙන් ලබාගෙන ඇත. මේවා දේශීය ජනතාවට අයත් වස්තූන්ය. කොටූව නිරීකෂණයේදී කා හට වූව ද එය ඉඳුරාම පැහැදිලි වනූ ඇත.
කුරුඳු වෙළෙඳාම එකල ඉතාම ජනප්‍රිය වෙළෙඳාමකි. එයට අමතරව අලි ඇතුන්, මූතු මැණික්, පූවක්, කුළුබඩූ, කරදමූංගු, ඇත්දත් හා ගම්මිරිස් ආදී දේ ද මෙහි වෙළෙඳ භාණ්ඩයක් වශයෙන් තිබී ඇත. මෙම භාණ්ඩ එකතු කිරීම සඳශා මහල් දෙකකින් යූත් අති විශාල ගොඩනැඟිල්ලක් ලන්දේසීන් විසින් නිර්මාණය කරන ලදී. මෙය පැක්හවූස යනූවෙන් හැඳින්වූ අතර, එම ගොඩනැඟිලවල ප්‍රමාණය අනූව අප විසින් නිර්යාත කළ භාණ්ඩ ප්‍රමාණයන් ද සිතාගත හැකිය. මේසා විශාල ගොඩනැඟිලි යොදා දේශීය ගොවීන්ගේ කුළුබඩූ ඉතා අඩූ මූදලකට ලබාගෙන ඔවූන් එකල පෝෂණය වන්නට ඇත. ඒ ගැන හඳුනා ගැනීමට අපට ඔවූන්ගේ බඩූ ගබඩාව මහඟ පිටූවහලක් වේ. ඒවා ස්වයංපෝෂිත වූ ලක්දිව අටූ කොටූ බඳුය.
පෘතුගීසීන්ගේ කාලයේ ආගමික ස්ථාන කිහිපයක් තිබූණ ද දැනට හඳුනාගත හැක්කේ ලන්දේසීන්ගේ ආගමික ස්ථාන පමණි. මෙම නිර්මාණයන් සඳහා ද දේශීය අමූද්‍රව්‍යයන් වැඩි වශයෙන් ම භාවිත කොට තිබේ. විශේෂයෙන් ඕලන්ද පල්ලිය සඳහා දේශීය ශාක වන නා, කළුමැදිරිය, කොස්, නැදුන් ආදී දැව යොදා ගෙන ඇත. ඒ අනූව දේශීයන් සඳහා ද එහි අයිතියක් තිබේ. දේශීය ශිල්පීන් මෙහි කාර්යයන් සඳහා යොදා ගැනීමේ හේතුවෙන් කැටයම්වල දේශීය හූරුවක් ද ඇත.
ලාංකිකකයන් සතු වූ මෙම සම්පත් පරිහරණය සඳහා අපගේ ශ්‍රමය යොදා ගන්නට ඇත. ඒ සඳහා ප්‍රාදේශීය නායකයන්ගේ සහාය ද ලැබී ඇත. නම්බූනාම හා තනතුරු ප්‍රාදේශීය නායකයන්ට පිරිනමා ඒ තුළින් අහිංසක ලාංකිකයන්ගෙන් තමන්ගේ කාර්යයන් ඉටූ කරවා ගන්නට ඇත. මේ සියලු ගොඩනැඟිලි හා කර්මාන්ත සඳහා අති විශාල ශ්‍රම බලකායක් නිතතින්ම අවශ්‍ය වේ. ඒ බොහෝමයක් කාර්යයන් ලාංකිකයන්ට ඉටූ කරන්නට සිදු වන්නට ඇත. ලේන්බාන් වීදිය හා ප්‍රදීපාගාර වීදිය අතර ප්‍රාදේශීය කර්මාන්ත ස්ථාපිත කර තිබූ අතර ඒවා සඳහා ද නන් අයූරින් ලාංකික ශ්‍රමය යොදා ගන්නට ඇත. විවිධ බදු ක්‍රම මගින් ලාංකිකයන් තලා පෙළා එමගින් ඔවූන්ගේ දෙසට හරවා ගන්නට ඇති බව පැහැදිලි වේ. කාලතුවක්කු සඳහා අවශ්‍ය වෙඩි බෙහෙත් කොටූව තුළම මිශ්‍ර කරන ලදී.
උටිරිච් නමැති අටිටාලය අසල එය සිදු කළ බවත් එහි වෙඩි බෙහෙත් ගබඩාවක් වූ බවත් පැහැදිලිය. මෙම වෙඩි බෙහෙත් සඳහා අවශ්‍ය අඟුරු මෙහි ම නිෂ්පාදනය කළ බව හඳුනා ගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය දැව ලබා ගන්නට ඇත්තේ අපගේ වන සම්පතිනි. ඒවා භාවිත කරන්නට ද ඇත්තේ ද අපට විරුද්ධවයි.
ගාලු කොටූව දෙස විමර්ශනාත්මකව බැලීමේදී එය පෘතුගීසි, ඕලන්ද හා ඉංග්‍රීසි ජාතිකයන් සඳහා සතු වූ ඔවූන්ගේ නිර්මාණශීලී ලකෂණ ස්ථානයක් පමණක් නොවන බව පෙනේ. එක් පැත්තකින් ඔවූන් එය ඔවූන්ගේ උරුමයක් ලෙස නමවූවා විය හැකිය. එහෙත් එයටත් වඩා උරුමයක් අපට තිබේ. එය අපේ භූමියකි. අතීත රජ දරුවන් විදේශීය බලවේගයන්ට විරුද්ධව සටන් කළ සටන් බිමකි. එයටත් වඩා වැදගත් වන්නේ මෙම නිර්මාණ සඳහා යොදාගෙන ඇත්තේ අපේ සම්පත්ය.
0 comments:
Post a Comment