ලංකා ලෝක පොලිස් දිනය කියන්නේ සරදියෙල් කියන ගැටවරයා අතින් වෙඩි කා මියගිය (1867 මාර්තු 22) මැලේ ජාතික පොලිස් නිලධාරියෙක් වුණ සබාන් සිහි කරන්න යොදා ගත්ත දිනයක් කියල කෙනෙක් කිව්වොත් ඒකේ ඇති වැරැද්දක් නැහැ. මෙහෙව් අදහසක් සිතට නැඟෙද්දි මම හිටියෙ මාවනැල්ල ගඩොල් පාලම උඩ ආරුක්කු හැඩයට ඉදි කළ ලොව පළමු සහ එකම ගඩොල් පාලම මාවනැල්ල ගඩොල් පාලමත් වෙන්නට හැකියි. ඉංගී්‍රසි ආණ්ඩුවේ බිජාර් තෝමස් ස්කින්පිගේ නායකත්වය යටතේ කපිතාන් ඩබ්ලිව්.එෆ්. ඩෝසන් විසින් නිර්මාණය කරන ලද මෙම පාලම කොතරම් කාලයක් ගත වුවත් එහි මුල් අවස්ථාව පරිදි තවමත් නොසෙල්වී පවතිනවා. මම ගඩොල් පාලම ඉස්මත්තෙන් යන්නට ගත්තේ උතුවන්කන්ද කරා. උතුවන්කන්ද කී සැණින් අප සැමගේ සිතට නැඟෙන්නේ සරදියෙල්ව. එකල පැවැති ඉංගී්‍රසි ආණ්ඩුවට සරදියෙල් කියන්නේ කිරිමේල් වැඩ කළා යැයි පැවසෙන චෞරයෙක් වුණත් සිංහල මුස්ලිම් භේදයක් නොමැති සාමාන්‍ය ජනතාවට සරදියෙල් කියන්නේ සැබෑ වීරයෙක්.
ඉංගී්‍රසි ආණ්ඩුව විසින් චෞරයෙක් ලෙස නාමකරණය කරපු සරදියෙල්ට මෙරට කොම්පුදෝරු පැලැන්තිය භාවිතාව මුල් කරගෙන පවසා සිටියේ රොබින් හුඩ් කියල. රොබින් ඉන් ද ෂර්වුඩ් කියන නමේ භාවිතමය ස්වරූපය ලංකාවෙන් කියැවෙන්නෙ රොබින් හුඩ් විදියට. එංගලන්තය වහ කදුරු තිත්තක් ඇති රටක් විදියට දැනගෙන හිටිය ලාංකිකයන්ට රොබින් හුඩ් කියන නම සමීප වීමට සරදියෙල් පිළිබඳ ඉංගී්‍රසි පාලකයන්ට සහ ඔවුන්ගේ බලුගැත්තන්ව සිටි කොම්පුදෝරුවන්ට තිබුණේ සංඥාර්ථයක් වැනි බලපෑමක් කියල මම විශ්වාස කරනවා.
පවතින ක්‍රමයට විරුද්ධව කැරලි ගසනවා වගේ තේරුමක් තමයි එතැනදි කියැවෙන්නේ. ක්‍රමය තුළ ගාල් වෙලා ඉන්න කවුරුන්ට වුණත් ක්‍රම විරෝධියෙක් කියන්නේ හිස රුදාව පිළිබඳ ආරංචියක් වගේ දෙයක්. ඒ නිසා සරදියෙල් කියන නම ඉතිහාසයේදී වීරයෙක් විදියට නාමකරණය නොවුණු කියලත් අපට අදහසක් උපද්දවා ගත හැකියි.
සරදියෙල් පිළිබඳ ඉතිහාස කතන්දරය අපට කියා දෙන ඉතිහාස කතාකරු අතින් යම් යම් කරුණු කාරණා නොගිලිහුණා නම් සරදියෙල් තමයි එක අතකින් සිංහල මුසල්මානු සහයෝගිතාවයේ නිල උරුමක්කාරයා. ඉතිහාසයේ කියන විදියට සරදියෙල් මැලේ ජාතික පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වන්නේ මාවනැල්ල ගඩොල් පාලම අසල තිබුණා යැයි පැවසෙන තට්ටු දෙකේ නිවෙසක මම්මලේ මරික්කාර් කියන මුසල්මානු සහෝදරයා සමග සැඟව සිටියදී. උත්ප්‍රාසය දනවන කරුණක් වන්නේ සරදියෙල් විසින් කොල්ලකන්නට යෙදුණ මොල්ලිගොඩ වලව්ව පිහිටා තිබුණේද පෙර කී තට්ටු දෙකේ නිවෙසට ආසන්නයේය.
මෙම කතා ගොන්න අතරට සරදියෙල්ගේ ප්‍රේමනීය හුටපට, මවු ස්නේහය, දඩබ්බර බව තුළ ගුළිගැසී තිබුණු හදවත උණුවීම වගේ කයිකතන්දරත් අයත් වෙනවා. ඉතිහාසය පිළිවෙළකට කියවාගත හැකි මඟකින් පමණයි සරදියෙල් චරිතයට සාධාරණයක් ඉටු කළ හැක්කේ. සරදියෙල් එක තැනක ස්ථානගත කර ඔහුගේ ප්‍රේමය ගලවා එය පමණක් පරීක්ෂාවට ලක් කළහොත් නොවැරැදීම එහි නිගමනය වන්නේ මම්මලේගේ අක්කන්ඩිය අපහරණය කළා යැයි කියන එක. මවු ස්නේහය පිළිබඳ කියවීමක නිරත වුවහොත් කෙනෙක් අසාවි එහෙම නම් සරදියෙල්ගේ අම්මා සරදියෙල්ට තිබුණු ආදරයෙන් අංශු මාත්‍රයක්වත් අනෙක් දරුවෝ වෙච්ච පේදුරු, ගේබි්‍රයල්, මර්තා එක්ක ඇන්තනීට තිබුණේ නැත්තේ ඇයි කියලා. සරදියෙල්, සරදියෙල්ට අනුශාංගික වුණ අනෙක් චරිත එකලදී ගෙවා දැමූ සමාජ දේශපාලන වටපිටාව ඔවුනොවුන් අතරේ තිබුණු අනෝ්‍යන්‍ය බැඳීම පිළිබඳ නිවැරැදි අදහසක් ඇති කර ගන්න නම් ඉතිහාසය පෙළක් ලෙස කියැවීම වැදගත්. ඒ සඳහා උපකාරී වීමට දෝ විශේෂඥ වෛද්‍ය ආරියසේන. යූ. ගමගේ මහතාගේ සංකල්පයක් මත සූර සරදියෙල් ගම්මානය බිහි වන්නේ.
දැන් මා සිටින්නේ උතුවන-උතුවන්කන්ද-මාවනැල්ල යන ලිපිනයේ ඉදි කර තිබෙන සූර සරදියෙල් ගම්මානයේ. ගම්මානයකට ඇතුල් වෙද්දී දක්නට තිබෙන්නේ දීකිරි කෑවගේ අදාසිඅප්පු
දැන් මා සිටින්නේ උතුවන-උතුවන්කන්ද-මාවනැල්ල යන ලිපිනයේ ඉදි කර තිබෙන සූර සරදියෙල් ගම්මානයේ. ගම්මානයකට ඇතුල් වෙද්දී දක්නට තිබෙන්නේ දීකිරි කෑවගේ අදාසිඅප්පු
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අන්ත--පුර සේවිකාවකගේ දියණිය වුණු පිචෝහාමි පිළිබඳ ආල සිත් ඇතිව පිචෝහාමිගේ කෝපි කඩයේ බින්න බසින අවස්ථාව එතැන තමයි සරදියෙල් කියන ඉතිහාසගත චරිතයේ මූලික ආරම්භක අවස්ථාව. අදාසිඅප්පු කරත්ත රස්සාව කළා කියන නිසා කැමැති තැනක බින්න බැස්සා කියන එක අපට ගළපා ගන්න පුළුවන් කරුණක්. සරදියෙල් ඉපදෙන්නේ 1832 වර්ෂයේදී. 1832 එක්ක බැඳුණු අනෙක් සිදුවීම් පිළිවෙළින් ගළපා ගත්තොත් වෙල්ලෝර් බලකොටුවට පිටුවහල් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මියයන්නේ, කොළඹ නුවර මහා මාර්ගය හදන්න අසීමාන්තික විදියට ශ්‍රමය කැප කරලා මැලේරියා උණෙන් පීඩා විඳලා කැප්ටන් ඩෝසන් මිය යන්නේ 1832 අවුරුද්දේම. දැන් අපි සරදියෙල්ගේ ඉතිහාසය කියලා පෙළගස්වා ගන්නේ සියවසක් පැරැණි කියවීමක්. මේ කතාව අපට කියල දෙන්න සූර සරදියෙල් ගම්මානයේ ආරච්චිල මහත්තයා සැදී පැහැදී සිටිනවා. ඔහු කියන, අප දන්න ඉතිහාසය මැද්දෑවෙන් බොහොම කඩිනම් ගමනක් සියවසක් අතීතයට අපට යන්නට හැකියි.
පෘතුගීසි ලන්දේසි යුගවලදී රටේ ආර්ථිකය හැසිරවූයේ කුරුඳු වගාව මඟින්. 1796දී ලංකාවට පය තිබ්බ ඉංගී්‍රසින් 1833 දී කුරුඳු වගාව කෙරෙහි පැරැණි ආක්‍රමණිකයන් විසින් පනවල තිබුණු නීති අහෝසි කළාට පසුව කරළියට පැමිණෙන්නේ කෝපි වගාව. කුරුඳු වගාවේ සිට කෝපි වගාව දක්වා පැමිණි කාල පරිච්ඡේදය තුළ රටේ සිදුවුණු හැඩ රටාවන්ගේ වෙනස්වීම සරදියෙල් ගම්මානයේ මුල් පිවිසුමේදීම දැකගත හැකියි. බුලත් විටේ පස් පංගුවට පුවක් එකතුවීමේ ආනිශංසය වන්නේ මහනුවර රාජධානිය කෙරේ ඉංගී්‍රසීන්ගේ අඩන්තේට්ටම් වැඩිවීම කියන එක සැබෑවටම මමත් දැනකියා ගත්තේ සරදියෙල් ගම්මානයේදී. පිචෝහාමිගේ කෝපි කඩය, රේන්ද රාළගේ තැබෑරුම, කම්මල, වඩුමඩුව, නයි නටවන්නා පමණක් නොවෙයි පැරැණි ගමක දැකිය හැකි සකලවිධ අංගෝපාංගයක් පිළිබඳ දැනුවත්වීමක් සහ ප්‍රායෝගිකත්වය මූලික වීමකදී එවැනි දෑ ගමකට අවශ්‍ය වුණේ මන්ද යන්න සරදියෙල් ගම්මානයේ පළමු සහ දෙවැනි අවස්ථාවේදී දැකගත හැකියි.
ගව ගාල, ගම ගෙදර, කුරහන් ගල, නැකැති රාලගේ ගෙදර, රන්කරුවාගේ ගෙදර, කුඹල් ගෙදර, වෙද ගෙදර, මුළුතැන්ගෙය, වී බිස්ස, තිඹිරි ගෙය, දඬුකඳ කියන මේ කරුණු කාරණා සියල්ල පිළිවෙළකට ආරච්චිගේ නිවෙස අසලදී දැකගත හැකියි. සිතූ පැතූ සම්පත්වලින් ආඪ්‍ය වූ ජීවිතයක් ගත කළ ආරච්චිල පිළිබඳ කියවීම බලය පිළිබඳ සංකල්පයක පිහිටුවා ගතහොත් මෙම පිළිරූ කතා කර සියල්ල පවසා සිටීමේ කඩඉමකට සේන්දු වනවා වැනි හැඟීමක් ආරච්චිල නිවෙසේ සහ එයට අනුශාංගික අනෙකුත් පිළිරූ නැරැඹීමේදී නොසිතෙනවා නොවේ.
සරදියෙල් තමාගේ ළමා කාලයේදී ඉලුක්ගොඩ පන්සලේ අකුරු කළ ආකාරය, වැලි පිහිල්ලේ අකුරු ඇඳි ආකාරය, ගෝන්දිවෙල ආරච්චිගේ මල්ලිගේ පුතාට සරදියෙල් බැට දුන් ආකාරය දක්වා සරදියෙල් චරිතය ක්‍රමානුකූලව ගොඩනැඟුණු ආකාරය විදහා දැක්වීමෙන් අනතුරුව දිගේලි වන්නේ සරදියෙල් චෞරයෙක් ලෙස ඉංගී්‍රසින් බෞතීස්ම කිරීමට හේතු පාදක වුණු කරුණු ගොන්නයි.
ගම් මැද්දේ සංහිදේදී සරදියෙල් ඉංගී්‍රසි ජාතිකයන්ව කොල්ලකන අයුරු බෝවැල්ල ඔයේ ගල් දෙබොක්කාවෙන් මාරු වීමට පිම්මක් පනින සරදියෙල්, මාවනැල්ල ගඩොල් පාලම, අශ්ව කෝච්චි, මහනුවර ඉංගී්‍රසි බලකොටුව, එයට මඳකින් එහායින් සරදියෙල් සහ මම්මලේ එල්ලා මරාදමනු ලැබූ පෝරකය, බෝගම්බර හිරගෙදර යන ස්ථාන එහි පැරැණි අරුත් සුන් නොවන අයුරින්ම ගොඩනඟා තිබීම සැබෑ ලෙසම සියක් වසක හුදෙකලාව පලවා හරින්නක් කිවහොත් එය වඩාත් නිවැරැදිය. මේ හැම කරුණු කාරණාවක් ගැබ් වුණු ප්‍රතිමාවක් එසේත් නැත්නම් සෙලෝලයිට් පටයක් වැනි දසුනක් එක්කම මඳක් දුරින් තිබෙන සරදියෙල් සැඟව සිටි පර්වතයද දැක ගන්නට හැකිය. ඉංගී්‍රසින්, සරදියෙල් තම තිප්පල බවට මෙම ගල පත් කර ගන්නට කලින් මේ ගල හඳුන්වලා තිබෙන්නේ කාසලර් රොක් නමින් කියල ඉතිහාසකතාකරු පවසන්නේ. මෙවැන්නක් නිර්මාණය කරපු වෛද්‍ය ආරියසේන. යූ. ගමගේ මහතා ඒ සඳහා කුමන කුමන නිර්නායක මුල් කර ගත්තද කියන්න මේ ලිපිය ලියන අවස්ථාවේදීවත් මම දැනගන සිටියේ නැහැ. ඒ වුණත් නිදහස් අදහස් ගොන්නක් ප්‍රතිමා ඇසුරින් සමාජගත කරල තිබුණ වගක්නම් බැලූ බැල්මට පෙනෙන්නට තිබුණා. ඒ සඳහා උතුවන්කන්ද අවට ගම්වල ග්‍රාමීය බවත් බොහෝදුරට හේතු කාරණාවක් වෙන්නට ඇති.
මම පෞද්ගලිකව තවමත් විශ්වාස කරන්නේ මොලගොඩ මැටි භාණ්ඩ නිපදවන්නන්ගේ ගම් පියස්සේ සිට කඩුගන්නාව කන්ද තෙක් කොටස තුළ ජීවත් වන ජීවිත එහෙමම කියලා දැඩි වෙනසකට භාජන නොවුණා යැයි කියන එක. ඔවුන් ළඟ තවමත් පැරැණි මතකයන් ඒ එක්කම ඒ මතකයන් මඟින් ජීවය ලබාදෙන සිතුම් පැතුම් පවතිනවා. මෙය මගේ මනසින් පෝෂණය කර තවකෙක් මත බලෙන් රඳවන ලද අත්දැකීමක් නොවෙන්නේ මාද එම බිම් කඩේදීම කරදඬු උස් මහත් වනකන් හැඳී වැඩුණු නිසා. එවැනි පරිසරයක් එක්ක පැළපදියම් වීමත් හිත යම්දුරකට තුටු සිතක් බවට පත් කරගත්තා වීමත් වෛද්‍ය ආරියසේන. යූ. ගමගේ මහතාට මෙවැනි ගම්මානයක් බිහි කරන්නට හේතු වන්නට ඇති. සරදියෙල් චරිතය එක්ක පෑහෙන අනෙකුත් කරුණු කාරණා සියල්ලම ප්‍රතිමා මඟින් නිරූපණය කරන්නට සහ චරිතවල සියුම් ආවේගයන් පවා පෙන්වා දෙන තැනකට එම ප්‍රතිමා රැගෙන එන්නට හැකියාව ලැබී ඇත්තේ චිත්‍ර කලා ගුරුවරයෙක් වන මිල්ටන් ජයපාල මහතා නිසයි. චිත්‍ර කලාව මඟින් ප්‍රතිමා කලාවට පීලි පැනගත් අයෙක් වෙතොත් ඔහු දිග්විජය කරන්නේ චිත්‍ර කලාව නොව ප්‍රතිමා කලාව යැයි කියන න්‍යාය ප්‍රායෝගික ලෙස අපට අත්විඳින්නට මිල්ටන් මහතා කර ඇති කැපවීම සුළුපටු නොවේ. බොහෝ ප්‍රතිමා සිමෙන්ති ඇසුරින් නිපදවීමට සිදුවීමත් ඒවා එක පෙළක් මෙන් ක්‍රියාත්මක වන නිසා එක් ප්‍රතිමාවක අඩුලුහුඬුකම මඟින් සියවසක් අහිමිවීම යන කරුණ පිළිබඳවත් මිල්ටන් ජයපාල මහතා වැඩි අවධානයක් යොමු කර ඇතැයි පැවැසීම යුක්ති යුක්තික්. සරදියෙල් ගම්මානය යනු සැබෑ ලෙසම විශාල මුදල් කන්දරාවක් වැය වූ ව්‍යාපෘතියක්. කඳු පාමුල සරදියෙල් ගම්මානය පිහිටියාට. කඳු මුදුනතේ සංචාරකයන් වෙනුවෙන් සුවපහසු හෝටල් කාමර ඉදිවෙමින් පවතිනවා.
0 comments:
Post a Comment