728x90 AdSpace

Latest News
Monday 29 June 2015

තරුණ පෙනුම රැකගන්න ඔබත් කෙතරම් උත්සාහ ගන්නවාද? ඇතැම් වැරැදි චර්යාවන් ඔබේ වියපත් වීමට බලපාන බව දන්නවාද?

තරුණ පෙනුම රැකගන්න ඔබත් කෙතරම් උත්සාහ ගන්නවාද? ඇතැම් වැරැදි චර්යාවන් ඔබේ වියපත් වීමට බලපාන බව දන්නවාද?
පැණිරස ආහාර වැඩිපුර ගැනීම
රසවත් අතුරුපස වැඩිපුර ආහාරයට ගැනීම ඔබේ තරබාරුකමට පමණක් නොව සම හා මුළු ශරීරයටම අහිතකරව බලපෑ හැකියි. සමේ රැලි ඇතිවීමටද සීනි අධිකව ගැනීම බලපායි.
මානසික ආතතිය වැඩිවීම
කාර්යබහුලව දවසම ගතවන විට මානසික ආතතිය නිතැතින්ම ඇතිවෙයි. එය මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වයට අහිතකරව බලපායි. සමට හානි වීම, හිසකෙස් ගැලවී යෑම හා ශරීර අභ්‍යන්තර පද්ධතිවල ක්‍රියාකාරීත්වයද මින් අඩාල කරවයි.

ව්‍යායාම අඩුවීම
තරබාරුකම පාලනයට මෙන්ම සෞඛ්‍යසම්පන්න ජීවිතයටද ව්‍යායාම වැදගත් සාධකයකි. සිරුරේ නම්‍යතාව වැඩිකර උසට සරිලන බර පවත්වා ගැනීමටද ව්‍යායාම් වඩා වැදගත්ය.
අධික ශබ්ද සංගීතයට සවන්දීම
අධික ශබ්දයෙන් සංගීතයට සවන් දෙමින් ගීත රස විඳින ඔබ නම් මේ පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතුමයි. අධික ශබ්දයට කන තුළ කම්පනයක් ඇතිවන නිසා කන් බෙරයටද හානිවිය හැකියි. මේ නිසා ශබ්දය අඩුකර සංගීතයට සවන් දෙන්න.

හිතවතුන් මුණ නොගැසීම
පරණ මිතුරන් හමුවී සතුටින් සුහදව කාලය ගත කිරීමෙන් හෘද ස්පන්දනය ඇතිව මානසික ආතතිය පහව ගොස් තරුණ පෙනුම පවත්වා ගැනීමටද උපකාරී වෙයි.
එළවළු පලතුරු ආදිය ප්‍රමාණවත්ව නොගැනීම
සිරුරට අවශ්‍ය පෝෂණය හා ඛනිජ ද්‍රව්‍ය අඩංගු එළවළු හා පලතුරු ඔබේ ආහාර වේලට එක් කර ගැනීම වැදගත්. නිරෝගීව සිටීමට ඔබත් මෙවැනි ආහාර ගැන සැලකිලිමත් වන්න.
මේද සහිත ආහාරවලින් අෑත්වීම
බොහෝ අය කොලෙස්ටරෝල් වැලඳෙයි යැයි සිතා සෑම වර්ගයේම මේද සහිත ආහාරවලින් අෑත්වෙයි. නමුත් අප ශරීරයට අවශ්‍ය හිතකර මේද වර්ග අෑත් කිරීමද ඔබේ වියපත් බවට බලපායි.

සුව නින්දක් නොලැබීම
පැය 6ක් පමණ සුව නින්දකදී ශරීරයේ ගෙවීගිය පටකවලට ප්‍රබෝධයක් නැවුම් බවක් ලබාදෙයි. එය සිරුරේ පිරිපුන් බවටද අත්‍යවශ්‍යයි. දවසම ක්‍රියාශීලීව ගත කිරීමට ශක්තිය ලැබීමටද රාත්‍රි සුව නින්දක් ලැබීම වැදගත්ය.

ශාලිකා රංගනී සමරදිවාකර
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තරුණ පෙනුම රැකගන්න ඔබත් කෙතරම් උත්සාහ ගන්නවාද? ඇතැම් වැරැදි චර්යාවන් ඔබේ වියපත් වීමට බලපාන බව දන්නවාද? Rating: 5 Reviewed By: Unknown