728x90 AdSpace

Latest News
Wednesday 5 August 2015

රුවට ඔබින උපැස් යුවළ


නෙත්වල අගය පැවසීමට වඩාත්ම සුදුස්සා අන්ධ පුද්ගලයාය. නෙත්වල වටිනාකම සහ පෙනීමේ වටිනාකම කෙතරම්ද යන්න ඔවුන්ගෙන් විමසුවොත් එහි අගය ඔවුන් නිසැකවම පහදා දෙනු ඇත. පෙනීම ඇතිව ජීවත්වන බව කෙතරම් වාසනාවන්ත දැයි සංවේදීව ඔවුන් පවසනු නිසැකය.අක්‍ෂි විශේෂඥයන් පවසන අන්දමට රෝගී පුද්ගලයෙක් මෙන් ම සෑම නිරෝගී පුද්ගලයෙක් ම තමන්ගේ ඇස් මාස 06 කට වරක් හෝ අවුරුද්දකට වරක් ද පරීක්‍ෂා කර ගත යුතුය. එක් එක් පුද්ගලයාගේ වයස මත එය ප‍්‍රධාන වශයෙන්ම රඳවා පවතී.එසේ ම යම් පුද්ගලයකුගේ ඇස් සියයට සියයක් ම නිරෝගී වුව ද ඒ අය අනිවාර්යයෙන් ම තම ඇස් පරීක්‍ෂා කර ගත යුතුය.අක්‍ෂි කාච පිළිබඳව ඔබේ දැනුම අල්ප නම් හෝ අක්‍ෂි කාච තෝරා ගැනීම පිළිබඳ ඔබ ගැටලුවකින් පසුවන්නේ නම් හෝ පහත දක්වන තොරතුරු ඔබේ ගැටලු නිරාකරණය කරනු ඇත.
අක්‍ෂි කාචඅක්ෂි කාච තෝරා ගැනීමේදී නිතරම ඔබ මල්ටිකෝට්  කාච තෝරා ගැනීම යෝග්‍යය. මන්දයත් එම කාච දැනට වෙළෙඳ පොළේ ඇති කාච අතර අනර්ඝතම කාච වර්ගය වීමය. මෙම කාච වර්ගය මඟින් එයට හානි වීමට ඇති ඉඩකඩ සියයට 99ක්ම අහුරා ඇති අතර, නිතර ම අක්‍ෂි කාචය අලුත් එකක් ලෙසින් දීප්තියක් ගෙන දේ. මෙම කාචය දිගු කාලයක් පවතී. වැසි දියෙන් හා මීදුමෙන් ඔබේ කාචය ආරක්‍ෂා වීමේ විශේෂත්වයක් ද මෙහි පවතී. ඒ සමඟ ම මෙහි ඇති ප‍්‍රති පරාවර්තක ස්ථරය  මඟින් මතුපිට පෘෂ්ඨයේ දිලිසීම අඩු කරනු ලබන අතර, පාරජම්බුල කිරණ සෘජුව ම ඇස මත පතිත වීම වළක්වනු ලබයි.එසේ ම දැනට ඔබ පළදින කාචය ඝනකමින් සහ බරින් ඉතා වැඩි නම් ඔබට ඒ වෙනුවට බරින් සහ ඝනකමින් ඉතා අඩු කාචයක් පැළදිය හැකිය. මෙකී කාචය “ටෙස්ලේඩ්” නමින් හඳුන්වනු ලබයි. මෙය සාමාන්‍ය ප්ලාස්ටික් කාචයකට වඩා ඝනකමින් සහ බරින් හරි අඩකි. මෙය දැනට ලෝකයේ භාවිත කරනු ලබන ඝනකමින් සහ බරින් ඉතාමත් අඩු එකම කාචයයි.ඉයාස් සම්පිඩිත කාචය  (Eyas Compressed Lense) අද දැකිය හැකි හොඳම තෝරා ගැනීමකි. මෙය සාමාන්‍ය ප්ලාස්ටික් කාචයකට වඩා සියයට 35ක් බරින් හා ඝනකමින් අඩුය. ඉයාස් සහ ටෙස්ලේඩ් යන කාච වෙළෙඳ පොළට පැමිණ ඇත්තේ සීරීම් අවම වැස්මකින් යුක්තවය.එසේ ම වයස 40 පසුවුවනට මල්ටිෆෝකල්  කාචය භාවිත කළ හැකිය. ඉතාමත් පැහැදිලි ළඟ සහ දුර දැකීමක් මෙමගින් ඔබට ලබා ගත හැකිය. ඒ සඳහා අති නවීන තාක්‍ෂණය භාවිත කර ඇති අතර පැළදීමේ පහසුවද ඇති කර ඇත.
සිවි කාචවෙළෙඳ පොළේ ඉතාමත් ජනපි‍්‍රය වු කාච වර්ගයක් ලෙසින් සිවි කාච  හඳුන්වා දිය හැකිය. තරුණ, තරුණියන්ගේ දැඩි උනන්දුව සිවි කාච කෙරෙහි යොමු වී තිබේ. සෑම පැහැයකින් ම සහ සෑම අවස්ථාවක ම ගැලැපෙන ආකාරයට මෙකී සිවි කාච නිෂ්පාදනය කර ඇත. එක් දිනක් භාවිත කර ඉවත් කළ හැකි  සිවි කාච විශේෂයක් වෙළෙඳපොළේ ඇත. මෙකී කාච රාතී‍්‍ර ගමන් වලටත්, කී‍්‍රඩා කරන අවස්ථාවලදී පැළදීමටත්, නිවාඩු පාඩුවේ ඇවිදීමට යන විටත් පැළදීම කළ හැකිය. එසේම සතියක් පාවිච්චි කළ හැකි කාච  නමින් එක් වර්ගයක්ද දක්නට ඇත. මසක් පාවිච්චිය කළ හැකි කාච වර්ගයක්ද වෙළෙඳ පොළේ දක්නට ලැබේ. මෙම කාචය දවස තිස්සේ පැළද සිටීම යෝග්‍ය කාචයකි.
වර්ණකළ කාචඔබගේ පෙනුම වෙනස් කිරීමට වර්ණකළ කාචයට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. නොයෙක් පැහැයන්ගෙන් පැමිණෙන මෙම කාච ඇදුමේ පැහැය හා ගලපමින් පැළදිය හැකිය.සිවිකාච පැළදීමේදී අනුගමනය කළ යුතු අතිශය වැදගත් කරුණක් වනුයේ ඔබේ දෑත් අතිශය පිරිසිදු වී තිබීමය. ඔබ ස්ති‍්‍රයක් නම් ඔබ භාවිත කරන රූප ලාවන්‍ය ද්‍රව්‍ය වර්ග ඉතා පරිස්සමෙන් භාවිත කළ යුතුය. ඔබේ මුහුණ පිරිසිදු කිරීමට පෙර සිවිකාච ඉවත් කිරීමට තදින් ම මතක තබා ගත යුතුය.
අව් කණ්ණාඩි නොයෙක් වෙළෙඳ නාමයන් යටතේ සහ නොයෙක් පැහැයන්ගෙන් මෙකී අව් කණ්ණාඩි වෙළෙඳ පොළේ දක්නට ඇත. එහෙත් අව් කණ්ණාඩියක් මිලදී ගැනීමේදී එය උසස් තත්ත්වයේ එකක් බව සැකහැර දැන ගෙන මිස මිලදී ගැනීම නොකළ යුතුය. තත්ත්වයෙන් බාල සහ ව්‍යාජ අනුකරණයන්ට රැවැටී ඔබේ ඇස්වලට හානි කරගත යුතු නොවේ. නිතරම වෙළෙඳ නාමය යටතේ ඇති අව් කණ්ණාඩියක් මිලදී ගත යුතු බවට අක්‍ෂි විශේෂඥයෝ තරයේ අවවාද කරති.
 කාංචනා කරුණාමුනි
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: රුවට ඔබින උපැස් යුවළ Rating: 5 Reviewed By: Unknown