728x90 AdSpace

Latest News
Tuesday 4 August 2015

මුද්දරයේ ආරම්භය


ශී‍්‍ර ලංකාවේ මුද්දර භාවිතය එන්නට පෙර ලිපි කටයුතු හුවමාරුව සඳහා කළේ දින මුද්‍රාවක් ලිපිය මත සටහන් කිරීමකි. ඒ කාලයේ බි‍්‍රතාන්‍ය රජය හමුදා භටයින් අතර සිදු කෙරුණු තැපැල් සේවාවේ දී යොදාගත් දින මුද්‍රා සහිත ලියුම් එදාට වඩා අද වටිනාකමක් ඇති ඒවා හැටියට ගණන් ගැනේ.ලෝකයේ මුල් වතාවට තැපැල් මුද්දරයක් නිකුත් කළේ 1840 මැයි මාසයේ පළමුවැනිදාය. එයින් වසර 17 කට පසු 1857 අප්‍රේල් පළමුවැනිදා ශී‍්‍ර ලංකාවේ තැපැල් මුද්දර භාවිතයට පත් විය. වික්ටෝරියා මහේෂිකාවගේ උඩුකය ඡායාරූපයක් සහිත පැන්ස හයක වටිනාකමින් යුත් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථම මුද්දරය මුද්‍රණය කළේ එංගලන්තයේය. අද මෙන් මුද්දර වෙන් කිරීමට සිදුරු පේළියක් එදා තිබුණේ නැහැ. ඒ වෙනුවට කළේ කතුරකින් කපා වෙන් කර ගැනීමයි.
සිදුරු පේළි සහිත මුද්දරය මුලින්ම පාවිච්චි කළේ 1861 දීය. මුල්ම යුගයේ මුද්දරයේ වටිනාකම පැන්ස හයක් විය. කෙසේ නමුත් ලෝකයේ මුල්වරට තැපැල් මුද්දරයක් හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ සර් රෝලන්ඩ් හිල් නැමැත්තාටය.එදා බි‍්‍රතාන්‍යයේ සිටි රෝලන්ඩ් හිල් නැමැත්තා නොසිටින්නට ලෝකයේ මුද්දර භාවිතය තවත් බොහෝ කල් පමාවන්නට තිබුණි. ඒ ඒ රටට විශේෂිත අරමුණු පෙරදැරි කරගෙන වර්තමානයේ මුද්දරවල විශේෂිත චිත‍්‍ර නිර්මාණය වේ.
රූපාන්ති බුලත්සිංහල





  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මුද්දරයේ ආරම්භය Rating: 5 Reviewed By: Unknown