728x90 AdSpace

Latest News
Wednesday 5 August 2015

කාන්තා රුව වඩන කොස්


ඉඳ හිටවත් කොස්, පොළොස් මැල්ලුමක් ආහාර වේලකට එකතු කර ගතහොත් ඇඟ පතට ඉන් ලැබෙන සවි ශක්තිය මෙපමණකැයි කියන්න නම් බෑ. දේශීය ආහාර අතර කොස් පොළොස් වලට හිමි වන්නේ ප‍්‍රධාන තැනක්. මෙවැනි ආහාර රටාවකට කට දිව හුරු පුරුදු ඕනෑම කෙනකුට රස ගුණ වගේම ඖෂධීය සත්කාරයකුත් ලැබෙනවා. පොළොස් ගැටයේ සිට පැසුණු කොස් ගෙඩිය දක්වා මෙන්ම වැල වරකා ගෙඩියේත් ඇත්තේ විවිධාකාර වූ පෝෂණ ගුණයක්. කොස්ගස මේ නිසාම ඖෂධාගාරයක් තරමටම අපේ දෛනික ජීවිතයට සමීප වනවා. පොළොස් ආහාරයට ගත්පසු සාමාන්‍යයෙන් සිරුරට අපහසු ගතියක් දැනෙනවා. ප‍්‍රමේහ රෝගවලට ගුණදායක මෙන්ම මතක ශක්තිය වඩවා ගැනීමට ද මෙය බෙහෙවින් උපකාර වනවා. කොස් ඇටවල ද ඇත්තේ පෝෂ්‍ය ගුණයත් වුණත් බඩපුරවා දැමීමට හේතු වෙනවා. හොඳීන් ඉදුණු වරකා වල වාතය නසන ගුණය තිබුණත් ඇතැම් විට සෙම්පිත් වැඩිකර දිරවීමේ අපහසුකම් ඇති කරණ බවද සඳහන් වනවා.  හොඳීන් පැසුණු කොස් බත් සමග වේලක් ආහාරයට ගත්විට මාංශ ජනක ධාතු 0.6 මේදය 0.1 යකඩ 0.6 වශයෙන්ද විටමින්  A සහ  B1  B 2 වැනි පෝෂණ පදාර්ථයක් ද ශරීරයට ලැබෙනවා. මේ ආකාරයට අතීතයේදී කොස් ගසම විවිධ ඖෂධ සැදීම සදහා යොදාගත් බව වෛද්‍ය පොත පතෙහි සඳහන්. දරු ප‍්‍රසුතියෙන් පසු ප‍්‍රසුතියෙන් පසු ආහාර ගන්නා කාලයේ පොළොස් ගැට උයා ආහාරයට දීමෙන් ගර්භාෂය පිරිසුදු වෙනවා මෙන්ම කිරි එරෙන බවද සදහන්. එමෙන්ම ඔසප් දෝෂ සමනය කරන්නන් පොළොස් ගැට මාළුව ගුණයි. කුෂ්ඨ රෝග හා පරණ තුවාල සුව කරයි කොස් ගසේ මතුපිට වියළී ගිය පොත්ත ඉවත් කළ පසු යට පොත්තේ සුඹුලු සුරාගෙන තලතෙලින් මලවා බඳීන්න. මෙයටම කහකුඩු, ඔළිඳ ඇට හා මී පැණි එක්කර අඹරා ගෑම සුදු කබර රෝගයට ද යහපත් ප‍්‍රතිඵල ගෙන දීමට සමත් වනවා. කක්කල් කැස්සට වැල මදුළු මී පැණි වල බහා තබා උදේට හිස්බඩ කෑමට දීම කක්කල් කැස්සට ගුණදායකයි. බඩ විරේකය බඩ විරේකය අවශ්‍ය වූ විට හිස්බඩ බඩ පිරෙනතුරු වැල මඳුළු කන්නට දීමෙන් බඩ විරේකය වන අතර බඩවැල් හොඳීන් පිරිසුදු වනවා. නින්ද නොයන අයට ඉතාමත් ළා කොස් දළු වලින් මාළුව උයා කන්නට දීම මෙන්ම කොස් නැටි තම්බා පානය කිරීම ගුණදායක වන බව සඳහන් වනවා. මත් ගතිය ළපටි කොස් ගෙඩියක ඉස්ම ගෙන පොල්කිරි වලින් අනා හකුරු සමග කන්නට දීම ගුණයි. ඕනෑම මත්ගතියකට මෙය ඔසුවක්. දිය වැඩියාවට කොස් කොළ හා මිනීමල් පැළැටියේ ( පස්පෙති ) මුල් එකට දමා තම්බා බීම දියවැඩියාවට ඔසුවකි. ඉදුනු කොස්කොළ තල තෙලින් බැද කෑමට ගැනීම මුත‍්‍රා රෝගවලට ගුණදායකයි. සරුවට වැඩුණු අමුකොළ සහ කොස් පොතු තැම්බූූ කසාය මුත‍්‍රාගල් දියවීමට උපකාරී වෙයි. ඉඳුණු කොළ වේලා රත්වනතුරු බැද කුඩුකර කෝපි මෙන් බීමට ගැනීමත් දියවැඩියාවට යහපත් ගුණ දෙනවා. දියවැඩියාවට අත් බෙහෙතක් කොස් කොළ කලං 16 කොස් මුල් කලං 03 කොතල හිඹුටු කලං 03 වතුර කාල් 08 වතුර කාල් 08 කාලට සිඳුවා මී පැණි අනුපාන දමා බීම ගුණයි. මී පැණි වැඩි වශයෙන් ගැනීම නම් දියවැඩියාවට අගුණයි. පැහැපත් මුහුණකට පැසුණු කොස් මදුළු ආහාරයට ගැනීමෙන් රුව වැඩි වැඩියෙන් ලස්සන කරගත හැකියි. කාන්තාවන්ගේ පියයුරු ශක්තිමත් වීමට මෙන්ම සිරුරේ අධික කෙට්ටු බව නැති කිරීමට ද කොස් ආහාරයට ගැනීම ගුණදායකයි. පැසුණු කොස් මදුළු දෙහි ඇඹුලෙන් අඹරා රාති‍්‍රයේදී මුහුණේ ආලේප කිරීමෙන් මුහුණ පැහැපත් බව ඇතිකර ගත හැකියි.
(වෛද්‍ය ග‍්‍රන්ථයක් ඇසුරින් )-  නන්දි රත්නවීර
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කාන්තා රුව වඩන කොස් Rating: 5 Reviewed By: Unknown