728x90 AdSpace

Latest News
Tuesday 4 August 2015

යතුරු පැදි ලියාපදිංචියේදී සැළකියුතු තවත් කරුණු


දිනෙන් දින වෙළෙඳපොළට එක්වන වාහන අතරින් අද වන විට යතුරු පැදිය පවුලේ පි‍්‍රයතම වාහනය බවට පත් වී හමාරය. සාමාන්‍ය ආර්ථිකයක් ඇති පුද්ගලයකුට වුවද මිලදී ගත හැකි මට්ටමක තිබෙන යතුරු පැදිය, ඉතාමත් ඉහළ මිල ගණන් යටතේ ද වෙළෙඳ පොළට නිකුත් වී තිබෙනවා. මේ කුමන මිල ගණන් යටතේ වුව ද යතුරුපැදියක් මිලදී ගැනීමට ඔබ සිතනවා නම් මේ ලිපිය ඔබට ඉතා වැදගත් වේවි.වැදගත් යමක් ගැන දැනුමක් විශේෂාංගය ඔස්සේ අප ඔබව මේ දැනුවත් කරන්නේ ඔබේ අවශ්‍යතාවට සුළු හෝ අස්වැසිල්ලක් සපයමින් යතුරුපැදි පිළිබඳව පාඨක ඔබේ දැනුම පුළුල් කිරීමටයි. යතුරු පැදියක් මිලදී ගැනීමේ ඔබේ සිහනය වංචනික ගනුදෙනු කරුවන් නිසා බොඳ වී ගිය අවස්ථා බොහෝමයක් වාර්තා වීම ඊට හේතුවයි. එය ඉතා වැදගත් වන්නේ යතුරු පැදි මිලදී ගැනීමේදී අනවශ්‍ය ප‍්‍රශ්න රැසකට මුහුණ දීමට ඔබට සිදුවන බැවිනි. විශේෂයෙන් නොදැනුවත් කම තුළින් සොරකම් කරන ලද වාහන මිලදී ගැනීම හා උගසක් හෝ කල්බදු ක‍්‍රමයට යතුරු පැදියක් මිලදී ගැනීම වැනි විශේෂ අවස්ථාවලදී ඔබ කරදරයකට පත් වීමට ඉඩ ඇති නිසයි. මෙවැනි කරුණු පිළිබඳව පසුගිය සතියේදීත් අප යම්තාක් දුරකට කතා බහ කළා. එහිදී පිටපළාත් වල යතුරුපැදි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ඔබව දැනුවත් කිරීම අපගේ බලාපොරොත්තුව වුණා. එය පාඨක ඔබට ඉතා වැදගත් කරුණකි. මන්ද නාරාහේන්පිට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතට පැමිණ ඔබේ යතුරු පැදිය ලියාපදිංචි කළ යුතුමයැයි නියෝගයක් නොමැති බව ඔබ නොදැන සිටියා විය හැකියි. එහෙත් පිට පළාත් වල සිටින ඔබට දැන් යතුරු පැදි ලියාපදිංචි කිරීම සඳහා නාරාහේන්පිට දෙපාර්තමේන්තුවට පැමිණිය යුතු නොවේ. මහජනතාවගේ පහසුව පිණිස යතුරු පැදි ලියාපදිංචි කිරීමට කච්ෙච්රි හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීමට අවසර ලබාදී තිබේ. මෙසේ යතුරු පැදි ලියාපදිංචි කිරීම සඳහා අවසර ලබාදී තිබෙන්නේ වෙළෙඳ ආයතනයකින් හෝ පුද්ගලිකව ආනයනය කර ඇති යතුරු පැදි සඳහා පමණක් බවත් මතක තබා ගැනීම වැදගත් වේවි.
මේ ආකාරයෙන් ඔබ පිට පළාත් වල යතුරු පැදි ලියාපදිංචි ඛ්ල;ම්දී කච්ෙච්රියේ එයට අදාල අංශය විසින් M. T. A. 02පෝරමය ඔබට ලබා දෙයි. ඔබ මිලදී ගන්නා යතුරු පැදිය යම් වෙළෙඳ ආයතනයකින් ආනයනය කර ඇත්නම් මෙම M. T. A. 02 පෝරමය වෙළඳ ආයතනයෙන් සම්පූර්ණ කළ යුතු වේ. එය සම්පූර්ණ කර අවසානයේ දී අයදුම්කරුගේ අත්සනද තැබිය යුතුයි. නමුත් ඔබ ලියාපදිංචි කිරීමට සූදානම් වන යතුරුපැදිය ඔබ පෞද්ගලිකව ආනයනය කරනවා නම් M. T. A. 02 පෝරමය ආනයනකරු විසින් සම්පූර්ණ කර ආනයනකරු යන ස්ථානයේ අත්සන යොදා නම, හැඳුනුම්පත් අංකය විදේශ ගමන් බලපත‍්‍ර අංකය ද සඳහන් කර තිබිය යුතු අතර අයදුම්කරුගේ අත්සනද තිබිය යුතුවේ.මේ පිළිබඳව සවිස්තරාත්මකව පසුගිය සතියේ කතා කළා ඔබට මතක ඇති. පිට පළාත්වල යතුරු පැදි ලියාපදිංචි කිරීම මෙන්ම යතුරු පැදි පැවැරීම ද අදාල කච්ෙච්රි හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදු කරනු ලබයි. මෙවැනි අවස්ථාවක දී ඔබ M. T. A. 06 හා 08 පෝරම සම්පූර්ණ කර අදාල ස්ථානයක බාර දිය යුතුයි. ඉන්පසු පැවැරුම් ගාස්තු වෙනුවෙන් රුපියල් දෙසීයක් ඔබට ගෙවීමට සිදුවන අතර එය තැපැල් ගාස්තු වශයෙන් රුපියල් පනහක් ද සාමාන්‍ය ගාස්තු වශයෙන් රුපියල් එකසිය පනහක් ද ආදී වශයෙන් අය කරනු ඇත. මෙහිදී ප‍්‍රමුඛතා ගාස්තු වශයෙන් රුපියල් හාරසියයක මුදලක් ගෙවීමට ද සිදු වේ. මෙවැනි අවස්ථාවලදී ඔබේ අයකර ගැනීම් පිළිබඳව ද ඔබ දැනුවත්ව සිටීම ඉතා වැදගත්.
මෙහිදී යතුරුපැදි පැවැරිම් කරන පළාත් අනුව ද යම් යම් වෙනස් වීම් සිදු වේ. විශේෂයෙන්ම පැදියේ අංක තහඩුවල වෙනස්විමක් දකින්නට ලැබේ. එකම පළාත තුළ යතරුපැදි පැවැරිමක් සිදු කරනවා නම් එහි අංක තහඩුවල වෙනසක් සිදු නොවේ. එහෙත් පළාත් දෙකක් අතර පැවැරිමක් සිදු කිරීමේ දී අංක තහඩුවල වෙනස් වීමක් දකින්නට ලැබේ. තවද මෙවැනි අවස්ථාවලදි අංක තහඩුවට ගෙවිමක් ද සිදු කළ යුතුයි. පළාත් දෙකක් අතර ගනුදෙනුවක් සිදු වීමේදී එහි වෙස් වීම මෙසේ හඳුනා ගනිමු.  පළාත් දෙකක් අතර පැවැරිමක් සිදු වීමේදී යතුරුපැදියේ නව අයිතිකරු පදිංචිව සිටින්නේ දැනට යතුරුපැදියේ ලිපිගොනු තිබෙන දිස්ති‍්‍රක්කය තුළ නොවන නිසා පැවැරිමට අදාල සියලු කටයුතු අවසන් වූ පසු එම යතුරු පැදියට අදාල ලිපිගොනු නව අයිතිකරු පදිංචි දිස්ති‍්‍රක්කයේ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය වෙත ලියාපදිංචි තැපෑලෙන් යවනු ලැබේ. එම ලිපියේ පිටපතක් ද මෙම ;දපාර්තමේන්තුවට එවන ලද අදාළ ආකෘතියේ අමුණා එවයි. මෙහිදී C. M. T. /MB/ 02 නමින් පෝරමයක් කච්ෙච්රියෙන් නාරාහේන්පිට දෙපාර්තමේන්තුවට එවූ පසු වෙනත් අංක තහඩුවක් අදාල දිස්ති‍්‍රක්ක කාරයාලයට යවනවා. එහිදී ඔබට නව අංක තහඩුව ලබා ගැනීමට පුළුවනි. මේ ආකාරයෙන් යතුරුපැදි පැවැරීමේදී හා උගස් ලියා පදිංචිය අවලංගු කිරීමේදී ගැනුම්කරුවකු වශයෙන් ඔබ විමසිලිමත් විය යුතු කරුණු දෙකක් තිබෙනවා. එනම් උගසක් හෝ පරම අයිතිය තිබෙන යතුරුපැදියක් පැවැරිමට හෝ නව උගසක් පරම අයිතියක් ඇතුළු කිරිමට පෙර මුල් උගස හෝ පරම අයිතිය අවලංගු කර තිබිය යුතුයි. අනෙක් කරුණ වන්නේ පරම අයිතියක් හෝ උගසක් ඇතුළු කර න විට එසේත් නැතිනම් පැවැරීමක් හෝ කරන විට පිළිවෙළින් M. T. A. 03 හෝ උගස් ඔප්පුවේ හෝ M. T. A. 06හි අයිතිකරුගේ අත්සන කාර්යාලීය ලිපි ගොනුවේ M. T. A. 02  පෝරමයෙහි සඳහන් අත්සන හා සැසඳීමයි. මෙවැනි කරුණු පිළිබඳව විමසිලිමත් වීමෙන් ඔබගේ ගනු දෙනුව අපහසුවකින් තොරව කරගැනීමට ඔබටත් හැකිවේවි.
ලාංකිකා තල්ගොඩපිටිය


  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: යතුරු පැදි ලියාපදිංචියේදී සැළකියුතු තවත් කරුණු Rating: 5 Reviewed By: Unknown