728x90 AdSpace

Latest News
Wednesday 5 August 2015

සුව සම්පත ගෙනෙන ඇපල්



‘ ලස්සන පාටක් ‘ ,’ මිහිරි සුවඳක්’, ‘ ප‍්‍රණීත රසයක් “ එක් තැන්වුණු සොබා දහමේ හැඩකාරයකු ගැන සිහිගන්වද්දී මුලින්ම මතකයට එන්නේ ඇපල්. රතු පාට වුණත්, කොළ පාට වුණත්, කහ පාට වුණත් ඇපල් එකසේ සුන්දරයි. දිවට දැනෙන්නේ ප‍්‍රණීත රසයක්මයි. දස අත විහිදෙන සුවඳ නිසා කිසිවකුටත් හොර රහසේ නම් ඇපල් ගෙඩියක රස බලන්න බැහැ. ඇපල් අපේම පලතුරක් නොවුණත් දැන් අපේම පලතුරක් තරමට සමීප වෙලා. බොහෝ දෙනකු නිතර කෑමට ගන්නා පලතුරු අතර පෙරමුණෙහිම තිබෙන්නේ ඇපල්. සැබැවින්ම ඇපල් අප කෑමට ගන්නා පලතුරු අතර නිරන්තරයෙන්ම තිබිය යුත්තක්. ඊට හේතු රැසයි.
සොබා දහමේ දත් බුරුසුව සොබා දහමේ දත් බුරුසුව යන නම ඇපල්වලට පට බැඳී අත්තේ ඇපල් ගෙඩියක රස බලන විට දත් බුරුසුවකින් මදින විට දීටද වඩා හොඳින් දත් අතර පිරිසුදු වෙන නිසයි. ඇපල්වල මෘදු කෙඳී සහිත කොටස, එහි යුෂ, මුවට උනන කෙළ ප‍්‍රමාණය වැඩි කරනවා. කෙළ හොඳම මුඛ සේදුම් කාරකයයි. එපමණක් නොවෙයි සෙමෙන් සෙමෙන් ඇපල් කැබැල්ලක් සපන විට විදුරු මස්, දත් මාංස පේශීන්වලට හොඳ ව්‍යායාමයක් ලැබෙනවා. නිතර පැණි බීම පානය කරන, පැණි රස ආහාර හා පේස්ටී‍්‍රස් කෑමට ගන්නා අයට ඇපල් කෑමට දීම මගින් දත්වලට වන හානිය අවමවී තිබෙනවා. එවැනි ආහාර දත්වලට ඉතා අහිතකරයි.  බටහිර රටවල දන්ත වෛද්‍යවරු හොඳ දන්ත සෞඛ්‍යයක් රැක ගැනීම සඳහා ප‍්‍රධාන ආහාර වේලකට පසු දත් මැදීමට වාගේම, ඇපල් ගෙඩියක් කෑමට ගැනීම ද වැදගත් බව පෙන්වා දී තිබෙනවා.
සෞම්‍ය බව ඇපල් සෞම්‍ය බවින් පිරිපුන් පලතුරක්. එය කෙතරම් සෞම්‍යද කිවහොත් සිඟිත්තකුට වුණත් හා හා පුරා කියා රස බලන්න දෙන්න පුළුවන්. අධික ලෙස අම්ල සාන්ද්‍රණයෙන් යුතු ඇතැම් පලතුරුවලට වඩා ඇපල් ගෙඩි හා ඇපල් යුෂ පොඩ්ඩන්ට කදිමට ගැළපෙනවා.පොඩ්ඩන්ට වාතය ඉහළට ඒම, කුඩා බිබිලි (රෑෂ්) හටගැනීම වැනි අපහසුතා ඇපල් නිසා හටගන්නේ නැහැ. නීරෝගීමත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සියල්ලක්ම වාගේ ඇපල්වල අඩංගුයි.මේ නිසා නිතර ඇපල් කැමට ගන්නා කෙනකුගේ අත්, උදරය, සම, ස්නායු, ආදී සෑම ශරීර කොටසකම සුවතාවය සුරැකෙනවා. දිනකට ඇපල් ගෙඩියක් බැගින් කෑමට ගැනීමෙන් වෛද්‍යවරයකු වෙත යාමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැතැයි යන පුරාණ කියමන අද විද්‍යාත්මකවද සත්‍ය වී තිබෙනවා. බඩවැලේ පිළිකා, පුරස්ථ ග‍්‍රන්ථියේ පිළිකා, හා පෙනහලු පිළිකා පියයුරු පිළිකා වැළඳීමේ අවදානම අඩු කිරීමේ හැකියාවක් ඇපල්වලට තිබෙනවා. ඇපල් විටමින් සීවලින් පොහොසත් නිසා පිළිකා අවදානම අඩුුකරන බව පර්යේෂකයන් පවසනවා. ඇතැම් පලතුරුවල තරමටම ඇපල්වල කෙඳි සංයුතිය ඉහළ නැතත්, තිබෙන කෙඳිවලින් බඩවැල්වල කි‍්‍රයාකාරිත්වය වැඩි දියුණු කරනවා. එයින් උදර පිළිකා වැළඳීමේ අවදානම අඩු වෙනවා. මෙය හදවත් රෝගවලින් බේරී සිටින්නට ද උපකාර කර ගත හැකි පලතුරක්. ‘ ඇපල්’ බර අඩුුකර ගැනීමට වෙර දරන අය ඇපල් තම ආහාර වේලෙහි අනිවාර්ය අංගයක් කළ යුතුයි. අහිතකර කොලෙස්ටරෝල් අවම කිරීමේ හැකියාවක් ද ඇපල්වලට තිබෙනවා.  ස්නායුවලට හානිවීම වැළැක්වීමේ ගුණයක් ඇපල්වල අඩංගු රසායනවල පවතිනවා . ඇපල්වල අඩංගු පෙක්ටීන් හා මෘදු අම්ල සිරුරට ඇතුළු නෙක විස හා සටන් කරනවා.
හදවතට ගුණයි. ඇපල් සතුව දියවෙන හා දිය නොවෙන යන මෙ කෙඳි කාණ්ඩ දෙකම අඩංගුයි. අවුන්ස 5 ක් තරම් වූ පොතු නො අරින ලද ඇපල් ගෙඩියක කෙඳි ග‍්‍රෑම් 3කට වඩා අඩංගුයි. විශේෂඥයන්් උපදෙස් දෙන ආකාරයට අපේ ආහාර වේලෙන් 10% ක කෙඳි ප‍්‍රතිශතයක් වත් සිරුරට ලැබිය යුතුයි.පොතු ඉවත් කරන ලද ඇපල් ගෙඩියකින් පවා කෙඳි ග‍්‍රෑම් 2.7 ක් ලැබෙනවා. එක් විශාල ඇපල් ගෙඩියක්, ලේවල අඩංගු අහිතකර කොලෙස්ටරෝල් 8 - 11 % න් අඩු කරනවා. විශාල ඇපල් ගෙඩි දෙකකින් අහිතකර කොලෙස්ටරෝල් 16% ක්ම අඩුු කරගන්නට පුළුවන්.  ඇපල් සිරුරෙන් ඉවත් කරන්නේ අහිතකර කොලෙස්ටරෝල් පමණක් නොවෙයි. මර්කරි, ලෙඩ් වැනි විස ලෝහ වර්ග සිරුරෙන් ඉවත් කිරීමට ද උපකාරී වෙනවා.මළ බද්ධයෙන් වගේම ඩයරියා වැනි රෝග තත්ත්නයන්ගෙන් පීඩා විඳින්නන්ට ද ඇපල් හොඳ ඖෂධයක්.  හෘද රෝග අඩු කිරීමේ හැකියාවක් ක්වෙරටීන් අඩංගු ආහාර වලට තිබෙනවා. ඇපල් හා ලූනු ක්වෙරටීන් අඩංගු ප‍්‍රධානම ආහාර දෙකක්. රුධිරයේ සීනි මට්ටම ක‍්‍රමවත්ව පවත්වා ගෙන යාමට ගත යුතුම පලතුරක් ලෙස ඇපල් හඳුන්වන්න පුළුවන්. වකුගඩුවල ගල් ඇති වීමෙන් බේරී සිටින්න අවශ්‍ය නම් ඇපල් යුෂ වීදුරුවක් පානය කරන්න. දිනපතා ඇපල් හෝ ග්‍රේප් ෆෘට් හෝ දොඩම් හෝ ලීටරයක් පානය කරනවා නම් මුත‍්‍රා ගල් සෑදීමේ හැකියාව අඩුුබව පර්යේෂණ මගින් හෙළි වී තිබෙනවා.
හිරු එළියෙන් රැක ගනී ඇපල් පොත්තේ ඉහළ සාන්ද්‍රණයකින් අඩංගු වී ඇති විස නාශකවලට අපේ සම රැක ගැනීමේ හැකියාව තිබෙනවා. පෙනහලු කි‍්‍රයා කාරිත්වය වැඩි කරන ගුණයක් ඇපල් සතුව නිසා ස්වසන රෝග රැසකටම ගුණදායකයි.  දවසකට එක් වරක් හෝ ඇපල් යුෂ පානය කරන දරුවන්ට ඇඳුම වැළඳෙන්නේ අඩුවෙන් බව සොයා ගෙන තිබෙනවා. තෝරා ගැනීම රතු පැහැයට අපේ ඇස ගියත් කහ, කොළ ඇපල් කෑමට වඩාත් සුදුසුයි. ඇපල් යුෂ පානය කරනවාට වඩා නැවුම් ඇපල් කෑමෙන් වැඩි පෝෂණයක් ලබා ගන්න පුළුවන්.
ඇපල්වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ (පොත්ත සහිත ) * කාබො‍්‍රහයිඩ්‍රේට්ස් * සීනි * කෙඳි * හිතකර මේදය* පෙ‍්‍රීටීන * තයමින්* රිබොෆ්ලෙවින් ( විටමින් බී 2 ) * නියැසින්් ( විටමින් බී 3 ) * පැන්ටොතෙනික් අම්ලය ( විටමින් බී 5 ) * ෆෝලේට් ( විටමින් බී 9 ) * විටමින් සී * කැල්සියම් * යකඩ* මැග්නීසියම් * පොස්පරස් * පොටෑසියම් * සින්ක්
- චම්පිකා දීපානි රණසිංහ
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සුව සම්පත ගෙනෙන ඇපල් Rating: 5 Reviewed By: Unknown