728x90 AdSpace

Latest News
Saturday 8 August 2015

සමෙහි එල්ලාවැටිම ප‍්‍රතිකර්ම මගින් ශක්තිමත් කළ හැකියි



සම එල්ලා වැටීම නිසා වයස්ගත බවක් මෙන්ම අවලස්සන පෙනුමක්ද කාන්තාවක් තුළ ඇතිවිය හැකියි. අවුරුදු විසිපහක් තිහක් පමණ වනවිට සමෙහි එල්ලා වැටීම සුළු වශයෙන් පටන් ගැනෙන අතර අවුරුදු තිස්පහ පමණ වන විට පිටතට පෙනෙන පරිදි සම එල්ලා වැටීමට ලක්වෙයි. එවිට තරුණකම රැක ගැනිම සඳහා යම් යම් ප‍්‍රතිකර්ම මගින් සම ශක්තිමක් කරලීමක් කළයුතුව තිබෙනවා. විශේෂයෙන්ම මුහුණ, අත් ගොබ ආදියට මෙම ප‍්‍රතිකාර කළ යුතුයි. මේ ප‍්‍රතිකාරය වෙනුවෙන්ම නිපදවා තිබෙන ආරක්‍ෂකාරී උපකරණයක් මගින් අතුරු ආබාධ වලින් තොරව සම ශක්තිමක් කොට සාර්ථක ප‍්‍රතිඵල ලබා ගන්නට ඔබටත් හැකියි. මෙම උපකරණය භාවිතා කළ යුතු වන්නේ වෛද්‍යවරුන් විසින් බව මතකයේ තබා ගැනීම වැදගත්.
 එමෙන්ම අත්ගොබවල අනවශ්‍ය මහත් බවද කාන්තාවකගේ රුවට අවලස්සන පෙනුමක් ගෙන දෙනවා. මේ ආකාරයෙන් අත් ගොබ මහත් වී තිබෙනවා නම් විශේෂ උපකරණයක ආධාරයෙන් එම තත්ත්වය මග හරවාලීමට අප කටයුතු කරනවා. මෙහිදී යොදා ගැනෙන්නේ බෙල්ට් එකක් සහිත උපකරණයක්. එය භාවිතයෙන් අත්වල අනවශ්‍ය මහත අඩු කරන අතර ඉන් නිසි ප‍්‍රතිඵල අත්විද ගන්නට නම් සති 6 8 ත් අතර කාලයක් මේ ප‍්‍රතිකාරය සදහා යොමුවිය යුතුයි. විශේෂයෙන් මෙවන් ප‍්‍රතිකර්ම වලදී රෝගියාගේ කැපවීම අනිවාර්යයි. වරක්, දෙවරක් පමණ ප‍්‍රතිකර්මයන්ට යොමු වීමෙන් නිසි ප‍්‍රතිඵල අත්විදගන්නට හැකියාවක් නොලැබේවි.මෙහි දැක්වෙන ඡායාරූපයෙන් පෙන්නුම් කෙරෙන්නේ විශේෂිත උපකරණය මගින් අත්වල අනවශ්‍ය මහත අඩුකරන ආකාරයයි.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සමෙහි එල්ලාවැටිම ප‍්‍රතිකර්ම මගින් ශක්තිමත් කළ හැකියි Rating: 5 Reviewed By: Unknown