728x90 AdSpace

Latest News
Saturday 8 August 2015

සමෙහි ඇතිවන දුර්වර්ණතා මඟහරවා ගන්නේ කෙසේද?


 ළප කැළැල් වලින් තොර වූ පැහැපත් සුන්දර සමක් හිමිකර ගන්නට ඔබත් කැමැති ඇති නමුත් සමේ යම් යම් ආකාරයෙන් ඇතිවන දුර්වර්ණතා ඔබට ඒ සඳහා බාධාවක් වී තිබෙනවා වන්නට පුළුවන්. එම තත්ත්වයන් රූපලාවන්‍ය සත්කාර මගින් මගහරවා ගනිමින් සමේ පැහැපත් බව රැකගන්නා ආකාරය ගැනයි අප අද ඔබට උපදෙස් ලබා දෙන්නේ. පැහැපත් සමක් පවත්වා ගන්නට නම් ඔබ ඔබේ සම ගැන වැඩි අවධානයක් දැක්වීම ඉතාමත් වැදගත්.සම ගැන ඔබ නොසැලකිලිමත් නම් සමෙහි ආරක්‍ෂාව ගැන ඔබ දක්වන්නේ අඩුඅවධානයක් නම් යම් යම් ආකාරයෙන් සමෙහි ගැටලුකාරි තත්ත්වයන් මතු වන්නට පුළුවන්. සම නිසි පරිදි පිරිසුදු කරන, සමපෝෂණය කරමින් පැහැපත් බව රැකදෙන ආලේපනයක් ඔබ තෝරා ගත යුත්තේ එම නිසයි. සමේ ඇතිවන දුර්වර්ණතා මගහරවා ගන්නා අයුරු අප දැන් විමසා බලමු මුහුණේ කම්මුල් දෙපස ඇතිවන දුර්වර්ණවත් බව කාන්තාවන් බොහෝ දෙනකුට ප‍්‍රශ්නයක් වෙලා පැහැපත් සමක ඇතිවන මෙම දුර්වර්ණවත් බව නිසා මුහුණේ අවලස්සන පෙනුමක් අඳුරු ස්වභාවයක් මතුවන බව අමුතුවෙන් කිවයුතු නැහැ.මෙයට ප‍්‍රතිකර්මයක් වශයෙන් කළයුතු සත්කාරයක් මොනවද? හොඳින් ඉදුණු පැපොල් මද සමෙහි ඇතිවන දුර්වර්ණතා ඉවත් කරලන හොඳ ප‍්‍රතිකාරයක්. මුහුණ සේදීමට භාවිතා කරන ෆේස් වොෂ් එකක් වශයෙන් පැපොල් මිශ‍්‍ර පපායා ෆේස් වොෂ් එකක් ඔබට භාවිතා කරන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ෆේස්වොෂ් එකක් දවසට තුන්වරක් උදේ සහ රාති‍්‍ර නින්දට පෙර භාවිතා කරන්න.ෆේස් වොෂ් එකක් ආලේප කරන විට එය ඇස්වටා හැර තැවරීමට ප‍්‍රවේසම් වන්න. මෙය අප ඔබට නිතර දෙන උපදෙසක් එසේ ඇස්වටා හැර ආලේපකර මුහුණ සෙමෙන් පිරිමදිමින් පිරිසුදු කර සෝදා හරින්න. මීළඟට සමේ වන අකි‍්‍රය සෛල ඉවත් කළ යුතු වෙනවා. මෙහිදී අප කළ යුත්තේ සමට සුදුසු වන ස්ක‍්‍රබ් එකක් භාවිතා කිරීමයි. සමේ දුර්වර්ණතා මගහරවමින් සම සුමුදු කරන ස්ටෙ‍්‍රීබෙරි අඩංගු රෙඩ්ස්ටෙ‍්‍රීබෙරි ස්ක‍්‍රබ් ටිකක් ගෙන එය හොඳින් මුහුණේ තවරන්න.එය විනාඩි 5 - 10 ක් පමණ තිබෙන්නට හැර ඉන්පසු සම නොඇදෙන සේ ඇගිලි දෙක කරුවක් ආකාරයට සම මත තබා ඒ අතරින් කවාකාරව මෘදුව පිරිමදින්න.එවිට සම මත වන අකි‍්‍රය සෛල ඉවත්වී ගොස් සමේ පැහැපත් බව ඇතිවන අයුරු ඔබට පෙනේවි. ඉන්පසු පිරිසුදු ඇල්වතුරෙන් මුහුණ සෝදා හරින්න. ස්ක‍්‍රබ් එකක් දවසක් හැර දවසක් භාවිතා කල යුතුයි.
ඇස්වටා ඇතිවන දුර්වර්ණතා වලට ඇස්වටා අඳුරු ස්වභාවයක් මතු කරන අයුරින් දුර්වර්ණතා ඇති වීමද රුව ලස්සනට බාධා ගෙන දෙන හේතුවක්. සත්කාර මගින් මෙම තත්ත්වය ද මහහරවා ගන්නට ඔබට පුළුවන්.මේ සඳහා ප‍්‍රතිකාරයක් වශයෙන් විටමින් ඊ අයිකී‍්‍රම් එකක් භාවිතා කළ හැකියි. ඇස් වටා සම ඉතාමත් මෘදු නිසා ආලේප තවරන විට ඉතාමත් සියුම් ලෙස එය තැවරිය යුතු බව අමතක කරන්නට එපා. හේතුව ඇස් වටා තදින් පිරිමැදී මෙන් ඒ අවට සියුම් සම ඉක්මණින් රැළි වැටීමට එය හේතුවිය හැකි නිසයි. විටමින් ඊ අයිකී‍්‍රම් එක ගෙන අතේ මුදු ඇගිල්ලෙන් එනම් හතරවන ඇගිල්ලෙන් එය ඇස් වටා තවරා මෘදු ලෙස කවරාකාරව පිරිමදින්න. විනාඩි දෙක තුනක් පමණ මෙසේ මසාජ් කරන්න. රාති‍්‍ර නින්දට පෙර මෙය ඇස්යට තවරා එලෙසින්ම තිබෙන්නට හැර පසුදා උදේට සෝදා හරින්න. දිවා කාලයේ අයිකී‍්‍රම් තවරනවා නම් එය ඇස් වටා තවරා විනාඩි කීපයක් මසාජ් කර ටික වේලාවකින් සෝදා දමන්නට පුළුවන්.
 ස්ටෙ‍්‍රච් මාර්ක් ඇත්නම් මහත සිරුරක් ඇති අයෙක් කෙට්ටු වූ විට එහෙමත් නැත්නම් දරුවන් ලැබීමෙන් පසුව ඇදීමකට ලක්වන සම මතු පිටින් ඉරි ආකාරයේ. ස්ටෙ‍්‍රච් මාර්ක් ඇතිවිය හැකියි. සම මතුපිටින් ඇති වන මෙවන් ස්ටෙ‍්‍රච් මාර්ක් නිසාද අවලස්සන පෙනුමක් මතුවන්නට පුළුවන්. ඔබේ සිරුරේ සම මතු පිටින් මෙවන් ඉරි පැතිරී තිබෙනවානම් එය මගහරවාලන ආලේපනය ඇඟ සේදීමෙන් පසුව ආලේප කරන්න. මෙය නිතරම සමේ තවරා තිබෙන්නට හරින්න. ඔබ නිවැරැදි ආකාරයෙන් මෙවන් ප‍්‍රතිකර්ම අනුගමනය කිරීමට සැලකිලිමත් වනවානම් ඉහත කී ගැටලුකාරී තත්ත්වයන්ගෙන් මිදීම ඔබට අපහසු නොවේවි.
මංජුලා මල්කාන්ති
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: සමෙහි ඇතිවන දුර්වර්ණතා මඟහරවා ගන්නේ කෙසේද? Rating: 5 Reviewed By: Unknown