ජීවිතයට එක්වරක් මුහුණ දෙන විවාහ මංගල්‍ය දිනයේ සතුටින්ම සිටින ඔබ දෙපෙළ විසින් භාණ්ඩ තෝරා ගැනීමේදී නවීන මෝස්තර සහ කල් පැවැත්ම පිළිබඳව නිතර සිතිය යුතුයි. මංගල මුදුව නිරන්තරයෙන් අතෙහි රඳවා තබාගන්නා භාණ්ඩයක් වීම නිසාම එය කල් පැවැත්මට මෙන්ම රළු පාවිච්චියට ඔරොත්තු දෙන ආකාරයෙන් නිමවා ගැනීම ඔබගේ වගකීමක්.ඔබගේ මංගල උත්සවය සඳහා භාණ්ඩ තෝරා ගැනීමේදී ඔබගේ සිතෙහි උපදින මෝස්තරයට අනුව භාණ්ඩ නිපදවා ගැනීම ඔබගේ සන්තෝෂය තව තවත් වර්ධනය කරනු ඇති. මංගල දිනයේදී වැඩි අවධානයක් යොමුවන මනමාලිය පිළිබඳව විවිධ කතාන්දර මංගල දිනයේදී තැනින් තැන අපි අසා තිබෙනවා.ලස්සන නෙක්ලස් එක නේ... හරිම පෙනුමයි...මෙවැනි වචන වලින් ඔබේ තේරීම පිළිබඳව කරුණු අනාවරණය වෙනවා.මංගල ආභරණ කට්ටලයක ප‍්‍රධාන අංගයන් අතරෙහි මංගල කරමාලය(Wedding Necklace) මංගල මුදුව(Wedding Ring) වළලු සහ කරාබු වලට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයක්. මෙම භාණ්ඩ මිලදී ගැනීමේදී මංගල චාරිත‍්‍රයක් ලෙස මනමාලියගේ සහෝදරියට පා සේදීම වෙනුවෙන් ලබාදෙන මුදුව ගැනීමටද අමතක කරන්නට එපා.බොහෝ විටදී එම මුදුව ලබාගැනීමට කාර්ය බහුලවන ඔබට අතපසුවන්නට පුළුවන්. මේ අතපසුවීම ජීවිතය පුරාවට මානසිකව ලතැවීමට පවා ඔබට හේතුවේවි.මංගල ආභරණ මිල දී ගැනීමට පෙර ඔබ දෙපෙළම එක්වී ආභරණ මෝස්තර පිළිබඳව සාකච්ඡා කරන්න. අතෙහි ඇති මිලට, දිනයට සුදුසුවන පරිදි ආභරණ මිලදී ගැනීමට පෙර සූදානම් වීම ඉතාමත් වැදගත්.බොහෝ විටදී ඔබ දෙපළගේම කාර්ය බහුලත්වය හමුවෙහි ‘රන් භාණ්ඩ මිලදී ගැනීම’ යන මාතෘකාව ඔබගේ ලැයිස්තුවෙන් තරමක් පිටුපසට යාමට පුළුවන්. “රත්තරන් බඩු ඕන වෙලාවක ගන්න පුළුවන්නෙ. සමහර කඩ ඉරිදත් ඇරලනෙ තියෙන්නෙ.”එසේ සිතුවානම් ඔබ වැරැදියි. අවම වශයෙන් මංගල දිනයට මාසයකට කළින් හෝ ඔබ රන්භාණ්ඩ තෝරා ගැනීමට ප‍්‍රවේශම් විය යුතුයි. රන් භාණ්ඩ වෙළෙඳපොළෙහි ඔබට සරිලන මිමි අනුව භාණ්ඩ නිපදවා නොතිබිය හැකියි. මංගල දිනයට දින දෙකකට හෝ තුනකට කළින් ආභරණ මිලදී ගැනීමට ඔබ යොමු වුවහොත් විශාල ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දීමට ඔබට සිදුවේවි.ඔබගේ සිතැඟි පරිදි භාණ්ඩයක් නිපදවා ගැනීමට කල් වේලා ඇතිව පිළිගත්, ඔබේ විශ්වසනීයත්වය තහවුරු කරගත් ස්වර්ණාභරණ වෙළෙඳ මහතෙක් හමුවන්න. ඉන් පසුව ඔබ සැරසීමට බලාපොරොත්තුවන සාරි විලාසිතාව, වර්ණය සහ ඔබගේ ශරීරයේ ප‍්‍රමාණය අනුව මංගල ආභරණ නිපදවා ගැනීමට ඔබට පුළුවන්. චතුර ගීතනාත් බණ්ඩාර |
Saturday, 8 August 2015
- Blogger Comments
- Facebook Comments
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment