728x90 AdSpace

Latest News
Saturday 8 August 2015

පෙන්ඩනයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු


රත්තරන් පිළිබඳව කතාබහ කිරීමේදී දිනෙන් දින ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස්වන විලාසිතා පිළිබඳව කතා නොකරම බැහැ. ඉහත දක්වන ලද සාධකයන්ට අමතරව ජාතිය සහ ආගම මතද විලාසිතා විවිධත්වයක් ගනු ලබනවා. මෙසේ වෙනස්වන රන් භාණ්ඩ අතර පෙන්ඩනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. පෙන්ඩනයක් මිලදී ගැනීමේදී බොහෝ දෙනා තමාගේ රුචිකත්වය අනුව එය තෝරා ගන්නා ආකාරය අපට පොදු අත්දැකීමක්.ගැහැනු පිරිමි බාල මහලු භේදයකින් තොරව කරමාලය සමග පළඳින පෙන්ඩනය විවිධ මෝස්තර සහ රන් බරින් යුතුව නිර්මාණය කරවා ගැනීම පාරිභෝගිකයාගේ වගකීමකි.වර්තමානයේ නිරතුරුවම දකින්නට ලැබෙන පෙන්ඩන් විවිධ හැඩයන් සහ ප‍්‍රමාණයන් ගනී. ප‍්‍රමාණය සහ හැඩය කුමන ආකාරයේ වුවද පෙන්ඩනය දිනපතා භාවිත කරන, පළඳින භාණ්ඩයක් බැවින් එය කල්පවතින නිමාවකින් නිර්මාණය කරගත යුතුයි.වෙළෙඳපොළෙහි දක්නට ලැබෙන පෙන්ඩන් අතර විවිධ ආගමික සංකේත ප‍්‍රධාන ස්ථානයක් ගනී. බුදුදහම අදහන බොහෝ දෙනා ධර්ම චක‍්‍රය සහ බොකොළය පළඳිනු ලබයි. කි‍්‍රස්තු භක්තිකයන් පළඳිනු ලබන්නේ කුරුසයයි. මීට අමතරව තමා අදහන ආගම අනුව පළඳිනු ලබන පෙන්ඩනය වෙනස්වෙයි.බොහෝ අවස්ථාවලදී තමා නියැලී සිටින ක්ෂේත‍්‍රය අනුවද පෙන්ඩන් පැළඳීම දක්නට ලැබේ. සංගීත ක්ෂේත‍්‍රයේ නියැලී සිටින බොහී දෙනා ස්වරයක හැඩය හෝ වෙනත් සංගීත සංකේතයක් හෝ වාදන භාණ්ඩ පළඳියි. එවැනි පෙන්ඩන් නිර්මාණයේදී කල්පැවැත්ම පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුය.
ඉතා සියුම් රේඛා නිර්මාණය කරනු ලබන මෙම පෙන්ඩන සුළු කාලයක් ගතවීමේදී පළුදුවිය හැකිය.අකුරු මෝස්තර යොදා පෙන්ඩන නිර්මාණය කිරිම තවත් ජනප‍්‍රිය ක‍්‍රමයකි. තමා ඇසුරුකරනු ලබන පෙම්වතා ගේ හෝ පෙම්වතියගේ නමෙහි අකුරු පැළඳීමද ජනප‍්‍රිය ක‍්‍රමයකි. කි‍්‍රකට් උපකරණ පළඳිනු ලබන්නේ කි‍්‍රකට් ක‍්‍රීඩාලෝලීන් හෝ කී‍්‍රඩකයන්ය.නිර්මාණය කරනුලබන පෙන්ඩනය කුමක් වුවද ප‍්‍රථමයෙන්ම එහි නිර්මාණාත්මක සැලසුම මෝස්තර නිර්මාණ ශිල්පියකු සමග සාකච්ඡා කළ යුතුය. ඉන් අනතුරුව තීරණය කළ යුත්තේ භාණ්ඩය නිමවන ලෝහ වර්ගයයි. රත්තරන්, රිදී හෝ සුදු රත්තරන් වලින් පෙන්ඩන නිර්මාණය කළ හැකිය. ලෝහ වර්ග තෝරා ගැනීමෙන් අනතුරුව රන්කරුවා සමඟ සාකච්ඡා කොට භාණ්ඩය සඳහා වැයවන රන් ප‍්‍රමාණය තීරණය කොට භාණ්ඩය නිමවා ගත හැකිය.බොහෝ අවස්ථාවලදී පෙන්ඩන නිර්මාණය කිරීමේදී මොස්තරය තෝරාගනු ලබන්නේ පාරිභෝගිකයා විසිනි. පෙන්ඩන මෝස්තර ඇතැම් අවස්ථාවලදී ගැහැනු පිරිමි භේදයකින් තොරව තෝරාගත හැකිය.වැඩි රන් ප‍්‍රමාණයක් යොදාගනිමින් පෙන්ඩන නිර්මාණය කිරීම ශාරීරිකව ඔබ හිංසාවට පත්කරනු ඇත. එමෙන්ම උල් සහිත පෙන්ඩන පැළඳීමද අනතුරුදායක විය හැකි බව මතක තබාගන්න. සෑමවිටදීම පහසුවෙන් වැඩි අලංකාරයක් ලබාගත හැකි පෙන්ඩන භාවිත කරන්න.විශේෂයෙන් මතක තබාගත යුත්තේ් ඔබ විසින් මිලදී ගන්නා පෙන්ඩනය, සරිලන මාලයකට ආරක්ෂාකාරීව අමුණා ගැනීම ඔබගේ වගකීමකි.
 චතුර ගීතනාත් බණ්ඩාර
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: පෙන්ඩනයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු Rating: 5 Reviewed By: Unknown